ස්වර්ණවාහිනී නාලිකාව අයත් වන ‘බෙන් හෝල්ඩින්’ සමාගමේ හිමිකරු ඇලෙක්ස් ලොවෙල් නමැත්තකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සිංහ...
එහිදී ස්වරණවාහිනිය මිලදී ගැනීම සඳහා ‘සුභාෂ්කරන් අලිරාජා’ නම් දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන්ගෙන් මුදල් මෙරටට පැමිණි ආකාරය රහස් පොලිසිය හමුවේ ඔහු හෙළි කර ඇති බවද සංවිධානය ජාතික සංවිධායක ප්‍රදීප් සංවිධානය සංජීව මහතා සඳහන් කළේය.
ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ සමූහ ව්‍යාපාරය පැවැති ආයතන ගණනාවක් මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය ඔහු එහිදී හෙළි කර ඇති බවද සංවිධායකවරයා කියා සිටියේය.
විදේශ මුදල් රටවල් තුනක් හරහා ශ්‍රී ලංකාවට ගෙනැවිත් ස්වර්ණවාහිනිය ඇතුළු ආයතන මිලදී ගැනීමට කටයුතු කළ ආකාරය ඇලෙක්ස් ලොවෙල් විසින් හෙළිකර ඇති බවද ඔහු සඳහන් කළේය.
විදෙස් කොටි ඩයස්පෝරාවට සෘජුව සහයෝගය දක්වන සුභාෂ්කරන් අලිරාජි ඇතුළු පිරිස් විසින් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ස්වරණවාහිනී නාලිකාව මෙහෙය වන ආකාරය ගැනද ඇලෙක්ස් ලොවෙල් රහස් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.

COMMENTS