නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල බවට හැඟවීමට පෙළඹවීම සහ අනුබල දුන් බවට චෝදනා ලැබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ඇප ...
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල බවට හැඟවීමට පෙළඹවීම සහ අනුබල දුන් බවට චෝදනා ලැබූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (16) නියෝග කළාය.
ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැර තිබේ.
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නිර්ව්‍යාජ එකක් ලෙස හඳුන්වාදීම සඳහා මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට පාලිත රංගේ බණ්ඩාර මහතා සහ තවත් පුද්ගලයෙකුට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරිය සැකකරුවන්ට අද දිනයේ අධිචෝදනා භාර දුන් අතර මෙම නඩුව ලබන වසරේ මාර්තු මස 18 වන දා යළි කැදවනු ඇත.
COMMENTS