නිවසක සුරතලේට ඇති කරමින් සිටි සුනඛයකුට විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් මීගමුව පොලිසියෙන් වාර්තා වේ. ...
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ පදිංචිව සිටින මෙරට ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවසේ ඇති දැඩි කළ සුනඛයාය.
බ්‍රිටෝ මහතා පදිංචිව සිටින ශාන්ත අන්තෝනි පාරේම අංක 70 දරණ නිවසේ පදිංචි සිටින විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන් ප්‍රනාන්දු මහතා විසින් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බව මේවන විට තහවුරුවී තිබේ.
ඒ පොලිසිය විසින් ඒ අවට නිවෙස්වල CCTV දර්ශන නැරඹීමෙන් පසුවය.
මේ වෙඩි තැබීමට අදාළ පොලිස් අධිකාරිවරයා විසින් වායු රයිෆලයක් භාවිතා කර ඇති බව පොලිසිය සඳහන් කළ ද CCTV දර්ශන අනුව ඔහු විසින් මීටර් 50ක පමණ දුර සිට මෙම වෙඩි තැබීම සිදු කරන අයුරු දැක්වෙන බැවින් එය වායු රයිෆලයකින් සිදුකළ වෙඩි තැබීමක් නොවන බවට සැකයක් මතුව ඇති බවද මේ අතර වාර්තා වේ.
බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එම සුනඛයා උදේවරුවේ ගේට්ටුවෙන් පිටතට යාමට පුරුදුව සිටි බවත්, ඒ අනුව අද දිනයේදී ද එම සතා ගේට්ටුවෙන් එළියට දැමීමෙන් විනාඩි 10කට පමණ පසුව වෙඩි ශබ්දයක් ඇසුණු බවත්, ඉන් සුළු මොහොතට පසුව වෙඩි කෑ සුනකයා නමා වෙත පැමිණි බවයි.
වෙඩි වැදුණු සුනඛයා තම නිවස ඉදිරිපිට ඇද වැටුණු බවත්, තමා ඒ සතා ඔසවා ගැනීමෙන් පසුව අත ලෙවකමින් සිට මිය ගිය බව ඔහු කියා සිටියේය.
ඡායාරූප අනුග්‍රහය - මීපුර
COMMENTS