දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද සිට යථා තත්ත්වයට
Homeප්‍රවෘත්ති

ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද සිට යථා තත්ත්වයට

PropellerAds

කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජී...

96 ශූරයන්ට ICC ය දුන් පදක්කම් ක්‍රිකට් ආයතනය හංගලා !
ආණ්ඩුව ලේසියෙන් දෙන්නේ නෑ.. අපි රට දිගටම පාලනය කරනවා - කිරිඇල්ල
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රිකට් කණපිට ගහන හැටි ක‍්‍රීඩා ඇමති කියයි
කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද(11) සිට යළි ආරම්භ කෙරෙයි.

ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන අද සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙයි.

සෙසු දිස්ත්‍රික්ක විසි එකේ සාමාන්‍ය පරිදි රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවේය.

ඒ අනුව ජනතාවට දින 52ක් නිවෙස්වලටම සිමා වීමට සිදු වුණි.

මේ කාලය තුළ සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය සැමරිම, පමණක් නොව රාමසාන් උපවාස පවා වෙනදා ‍මෙන් සිදුකිරිමට ජනතාවට අවස්ථාව හිමි වුයේ නැහැ.

කෙසේ වෙතත් කොවිඩ් - 19 ව්‍යාප්තිය හේතුවෙන් අධි අවදානම් කළාප ලෙස නම් කෙරුණු බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය පැවතියදි ජන ජීවිතය අද සිට යථා තත්ත්වයට පත් කිරිමට රජය තිරණය කර ඇත.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල අද විවෘත කිරිමට නියමිතයි.

එහිදි සේවකයින් කොපමණ සංඛ්‍යාවක් කැඳවන්නේද හා ඒ කවුරුන්ද යන්න පිළිබඳව ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු වෙයි.

හැකිතාක් දුරට අදාළ ආයතන පිහිටි දිස්ත්‍රික්කය තුල පදිංචි සේවකයින් කැඳවිමට ආයතන ප්‍රධානියා වගබලාගත යුතුයි.

එසේ වුවද අවශ්‍යතාවය මත දිස්ත්‍රික්කයෙන් පිටත පදිංචි සේවකයින්ද සේවයට කැඳවිමට හැකියාව පවතියි.

රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින්ට සිය සේවා ස්ථානවලට පැමිණීම සඳහා අද සිට පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව බෙලිඅත්ත, නුවර, අවිස්සාවේල්ල,මහව,සහ හලාවත සිට දුම්රිය 10ක් අද සිට කොළඹට පැමිණෙයි.

රජයේ සේවකයින් සිය පෞද්ගලික වාහනවලින් හෝ ආයතන වාහන මගින් කාර්යාලවලට පැමිණෙන්නේ නම් උදෑසන 8.30 ට පෙර සේවා ස්ථානයට පැමිණිය යුතුයි.

පස්වරු 3 ත් 4 ත් අතර කාලය තුළ නැවත එම රථ පිටත්ව යා යුතු වෙයි.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් පැමිණෙන වාහන ද උදෑසන 8.30 ත් 10 ත් අතර කාලය තුළ ආයතනයට පැමිණිය යුතු අතර සවස 4 ත් 5 අතර කාලය තුළ නැවත පිටත්ව යා යුතුයි.

කර්මාන්ත ශාලා කටයුතු සඳහා සහ සේවා මුර වශයෙන් පවත්වාගෙන යන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා එම වේලාවන් අදාළ වන්නේ නැහැ.

මේ අතර අද සිට ත්‍රිරෝද රථ ධාවනයට ද අවස්ථාව හිමිවන අතර එහි උපරිම ගමන් කළ හැක්කේ රියදුරු හැර වැඩිහිටියන් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම කුලී කාර් රථ සඳහා ද අවසර ලබා දෙන අතර රියදුරු හැර උපරිම වැඩිහිටියන් තිදෙනෙකුට එක් රථයක ගමන් කිරිමට හැකියාව පවතියි.

කෙසේ වෙතත් හසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා උපදෙස් දි ඇත්තේ, අද සිට සති දෙකක් යන තෙක් සාමාන්‍ය ජනතාව සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසිමෙන් වලකින ලෙසයි.

අද දිනයේ සිට අධිවේගි මාර්ග ද සාමාන්‍ය පරිදි යළි විවෘත වෙයි.

නමුත්, ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රක්කවල අධිවේගී මාර්ගවලට රථවාහන ඇතුල් කිරිම හා පිටකිරිම සිදුකෙරෙන්නේ, පොලිස් නිලධාරින්ගේ අධීක්ෂණය යටතේයි.

මේ අතර අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයෙන සහා ආහාර ද්‍රව්‍ය , භාණ්ඩ අලෙවි කරනු ලබන තොග සහ සිල්ලර වෙළඳසැල් අද(11) සිට විවෘත කිරිමට අවසර හිමි වෙයි.

ඒ යටතේ ෆාමසි, ග්‍රොසරි, දුරකථන අලෙවිසැල්, රෙදි පිළි අලෙවිසැල් විවෘත කිරිම සඳහා ද අවසර හිමිවෙයි.

කෙසේ වෙතත් කුඩා ආපනශාලා, ආහාර ලබාදෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

සංචාරක හෝටල් විවෘත කිරිමට අවසර හිමි වුවත් එම හෝටල්වල රෙස්ටුරන්ට් විවෘත කිරිම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

අවසර ලබා දි ඇති ආහාර බෙදාහැරිමේ සේවා ආයතන සඳහා තවදුරටත් එම කටයුතු පවත්වාගෙන යා හැකි අතර, සුපිරි වෙළඳ සැල් ද විවෘත කිරිමට හැකිවෙයි.

අද සිට විවෘත කෙරෙන සැලුන් සහ රූපලාවන්‍යාගාර ද පවත්වාගෙන යා යුත්තේ ප්‍රාදේශිය වෛද්‍ය නිලධාරින්ගේ සහතිකයක් ලබා ගැනිමෙන් අනතුරුවයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කර පවත්වාගෙන යාමට ද අද සිටි හැකියාව පවතියි.

මේ අතර කොළඹ මැනිං වෙළඳපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට හැකියි.

ඒ අතර සතිපොළ, දින පොළ ආදි සමුහ වශයෙන් වෙළඳාම් සිදුවන ස්ථාන සහ මහජනතාව බහුලව ගැවසෙන සමුහ වෙළඳපොළ නැවත දැනුම්දෙන තුරු විවෘත කර පවත්වාගෙන යාමට අවසර හිමි වන්නේ නැහැ.

එමෙන්ම කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන, සමාජශාලා , ඔට්ටු ඇල්ලිමේ මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුයි.

මේ අතර සාමාන්‍ය ජනතාව වෙළඳසැල් වෙතින් භාණ්ඩ හා සේවා ලබාගත යුත්තේ තම නිවසට ආසන්නතම ස්ථානයෙන් පමණයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම, අත්‍යවශ්‍ය සේවාවක් ලබා ගැනිම හෝ ඖෂධ මිලදි ගැනිම සඳහා පමණක් මෙලෙස තම නිවාසවලින් බැහැරව යායුතු වෙයි.

එසේ යා හැක්කේ ද ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි.

ඒ අනුව අවසන් අංකය 1  සහ 2 නම් සඳුදාත් , 3 සහ 4 නම් අඟහරුවාදා, 5 සහ 6 බදාදා, 7 සහ 8 බ්‍රහස්පතින්දාත්, 9 සහ 0 සිකුරාදාත් වශයෙන් බැහැරට යෑමේ හැකියාව පවතියි.

මෙම ක්‍රමවේදය අනුව බැහැරව යන තැනැත්තන්ට වාහනවලින් ගමන් කිරිමට අවසර හිමි වන්නේ නැහැ.

ඒ අනුව ඔවුන් පාගමනින් ළඟම පිහිටි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට හෝ වෙළඳසැල වෙත ගමන් කළ යුතුයි.

මේ අතර මහජන අවශ්‍යතා සඳහා ඇඳිරි නිති බලපත්‍ර ලද පුද්ගලික වාහන සඳහා පෙරවරු 10.30 ත් පස්වරු 3.00 ත් අතර කාලය තුළ ගමන් කිරිමට අවස්ථාව හිමි වෙයි.

කෙසේ වෙතත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරිමට පියවර ගැනුණද කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම දිස්ත්‍රික්ක සඳහා පැනවු ඇඳිරි නිතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

එම දිස්ත්‍රික්කය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා අද අලුයම 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරෙයි.

එම දිස්ත්‍රික්ක සඳහා නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවෙන්නේ දෛනිකව රාත්‍රි 8 සිට අලුයම 5 දක්වායි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද සිට යථා තත්ත්වයට
ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය අද සිට යථා තත්ත්වයට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqShKVWw_92iDC7Oxm_UBTZHuUG7czn0cvOBTP6PQIKaQpImUaeTxVihMD9ejQ6nNR-iLIIgJo72o3bCHYaVjBitXBv8cB0YbZqcGXXZexSbP8jZlvwgYMbz5QbzJw1rjZbJg5Q7S0bSE/s320/normale.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqShKVWw_92iDC7Oxm_UBTZHuUG7czn0cvOBTP6PQIKaQpImUaeTxVihMD9ejQ6nNR-iLIIgJo72o3bCHYaVjBitXBv8cB0YbZqcGXXZexSbP8jZlvwgYMbz5QbzJw1rjZbJg5Q7S0bSE/s72-c/normale.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_791.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_791.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy