දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රිකට් කණපිට ගහන හැටි ක‍්‍රීඩා ඇමති කියයි
Homeප්‍රවෘත්ති

හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රිකට් කණපිට ගහන හැටි ක‍්‍රීඩා ඇමති කියයි

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඔහුට ඉහළින් උපදේශකවරයකු පත් කිරීමට සිද...

ෂ්‍රැංග්‍රි-ලා හෝටලයට ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ වැඩිමල් සොහොයුරාත් කොටුවෙයි
සමාජ ජාලාවල ඉහලම හරසර.. හමුදාව විසින් බේරාගෙන ඇත්තේ සහරාන්ගේ බිරිද හා දරුවා
Army, Navy, STF විල්පත්තු පීරන ඒකාබද්ද මෙහෙයුම අරඹයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කැමැත්තෙන් ඉවත් නොවන්නේ නම් පුහුණු කාර්ය මණ්ඩලය සඳහා ඔහුට ඉහළින් උපදේශකවරයකු පත් කිරීමට සිදුවන බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පවසයි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් පසුව ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කළ විමසුමකදී ඇමැතිවරයා එසේ පැවසීය.
ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට එංගලන්තය බලා පිටත්ව ගොස් සිටි ක්‍රීඩා ඇමැතිවරයා 07 රාත්‍රීයේදී යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි.

ඒ අතර වාර්තා වන්නේ ලෝක කුසලාන තරගාවලියේ පරාජයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග ගණනාවක් පිළිබඳව ලන්ඩන් නුවරදී ක්‍රීඩා ඇමැතිවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බවයි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වැඩි දුරටත් සාකච්ඡා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කිරීමට නියමිතය. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ මෙම 19 වැනිදාය.

ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ අසන්ත මෙල් මහතා හා දැනට පත්ව සිටින තවත් එක් සාමාජිකයෙකු පමණක් හැරෙන්නට ක්‍රිකට් තේරීම් කමිටුවද ඉදිරියේදී වෙනසකට ලක් කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි වෙනස්කම් පිළිබඳව ඇමතිවරයා මෙසේද පැවසීය.

“ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු තමයි මමත් බලා හිටියේ. දැන් කණ්ඩායම් වෙනස්කම් කරන්න හොඳම වෙලාවයි…නමුත් මම ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න යන්නෙ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාටවත් ඇඟිලි ගහන්න බැරි ස්ථිර මෙහෙයුම් කමිටුවක් පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා”

“සංගක්කාර, මහේල වගේ මේ රටේ ඉහළින්ම පිළිගත් ක්‍රිකට් ප්‍රවීනයන් මේ කමිටුවේ තියන්න මම තවදුරටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් ඉන්න පුහුණුකරුවන් වගේම උපදේශකයන් බහුතරයකට ලෝක කුසලානෙන් පස්සේ ඉවත් වෙන්න සිදුවේවි. විශේෂයෙන්ම දැන් කණ්ඩායමේ ඉන්න පන්දු යවන්නන්ගේ පුහුණුකරුගේත් පිතිකරුවන්ගේ පුහුණු කරුගේත් සේවය තවදුරටත් දීර්ඝ කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නෑ.

ප්‍රධාන පුහුණුකරු ඉවත් වෙන්න සූදානම් නැතිනම් අපිට බලෙන් ඔහු ඉවත් කරන්නත් බෑ. හැබැයි අපිට එහෙම උනොත් අනිවාර්යයෙන්ම ඔහුට ඉහළින් තවත් පුහුණුකරුවෙකු වන උපදේශකවරයකු පත් කරන්න සිද්ද වෙනවා.

මා හිතනවා ලෝක කුසලාන තරග අවසානයත් එක්ක අසංක ගුරුසිංහ මහතාගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයත් අවසන් කරන්න.

ලෝක කුසලාන තරගාවලියේදී අපි අවනම්බු සහගත පරාජයක් ලැබුවා කියලා මා හිතන්නෙ නෑ. අපි ගොඩක්ම පසුබෑමක් ලබාගත් කණ්ඩායමක් කියලා කියද්දීත් තරග තුනක් දිනා ගත්තා. ඒ වගේම කණ්ඩායමට හොඳ නායකයෙක් හඳුනා ගත්තා. අවිශ්ක ප්‍රනාන්දු වගේ හොඳ ක්‍රීඩකයන් කීපදෙනෙකුත් හොයා ගත්තා.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රිකට් කණපිට ගහන හැටි ක‍්‍රීඩා ඇමති කියයි
හතුරුසිංහ-ගුරුසිංහ යවනවා - ක‍්‍රිකට් කණපිට ගහන හැටි ක‍්‍රීඩා ඇමති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJB5tynmzZQAyy3_sAkUQseRh8pCFJVsRG_qWnCKHMJB-zB_DXo9818adUPH4rJvJVqGUeLeiWhysi-IKNuYDQx5410psK2ylopwdx3hZv-6UiQCaupy4fdlLm3uHshYE3choYs4BDUU4V/s320/hareen.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJB5tynmzZQAyy3_sAkUQseRh8pCFJVsRG_qWnCKHMJB-zB_DXo9818adUPH4rJvJVqGUeLeiWhysi-IKNuYDQx5410psK2ylopwdx3hZv-6UiQCaupy4fdlLm3uHshYE3choYs4BDUU4V/s72-c/hareen.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_305.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_305.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy