හැ කිතාක් මුදල් අච්චු ගැසීමෙන් හෝ මේ මොහොතේ රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල් දිස්ත්‍රික්...
හැකිතාක් මුදල් අච්චු ගැසීමෙන් හෝ මේ මොහොතේ රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල් දිස්ත්‍රික් අපේක්ෂක චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
"සේවකයන්ට පඩි ගෙවීම පිළිබඳ පෞද්ගලික අංශයේ විශාල ප්‍රශ්නයක් පැන නැඟී තියෙනවා ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නෙ නිසා. ඒ සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් 4% වගේ අඩු පොළියට ලබාදෙන අතරේ මම විශ්වාස කරනවා මගේ පෞද්ගලික අදහස අපේ රටේ ලංකාවෙ මුදල් පුළුවන් තරම් අච්චු ගහලා හරි මේ ක්‍රයිසිස් එකෙන් මේ මොහොතේ ගොඩ එන්න කටයුතු කළොත් අපට පුළුවන් වේවි ඒ රටක් හැටියට ඒ ආයතන ක්‍රියාත්මක වෙනකොට ඒ අය අලුත් ආයෝජන ක්‍රම හොයාගනී.
එතකල් පෞද්ගලික අංශය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා කඩිනම් ක්‍රමවේද වෙනුවෙන් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
චන්දිම වීරක්කොඩි මහතා මේ බව පැවසුවේ ඊයේ (04) අරලියගහ මන්දිරයේදී පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අමතමිනි.
පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම යනු තාවකාලික සහනයක් විය හැකි නමුත් අවසානයේ එයින් සිදුවන්නේ මුදලේ අගය අවප්‍රමාණය වීම මත ආර්ථික අර්බුදය දෙගුණ තෙගුණ වීමකි.

COMMENTS