දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්
Homeප්‍රවෘත්ති

කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්

PropellerAds

සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍...

පරිසරය වනසන ත‍්‍රස්තවාදියාට විරුද්දව සටන ඇරඹුනා..- හමුදාපති විල්පත්තු මෙහෙයුම් අරඹමින් කියයි..
ගෝඨා-බ්ලේක් ගිවිසුමේ සැගවූ රහස් මෙන්න..
මුස්ලිම් ජනතාවට පහරදීමේ වගකීම ආණ්ඩුවේ.. දේශපාලන තීන්දුයක් ගන්නවා..- මුජිබර්
සෙඛ්‍ය නිර්දේශවලට යටත්ව කටුනායක ගුවන්තොටුපලේ හා ශ්‍රී ලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් පසුව සෙඛ්‍ය අංශ නිර්දේශ අනුකුලව ජාත්‍යන්තර ගුවන් නීතිරීති වලට අදාලව මෙම කටයුතු ආරම්භ කිරීමට අපෙක්ෂා කරන බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් (05) කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයේදි පැවැත්විණි සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

කොරෝනා වසංගතයෙන් පසු සංචාරක හා ගුවන්සේවා කටයුතු යලි නංවාදීමට අදාල යෝජනා හා සැලසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන්සේවා  ක්ෂේත්‍රවලට අදාලව එකාබද්ධ සැසුමක් සැකසීම පිලිබදව ද මෙහිදි මෙහිදි දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ.

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යලි නගා සටුවීම සදහා වන සැලසුම් පිලිබදව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි පැහැදිලි කලාය. ඇය පෙන්වා දුන්නේ දීර්ඝ කාලීන හා කෙටිකාලීන සැලසුම් දැනටමත් හදුනාගෙන ඇති බවයි.  සංචාරක හෝටල් නැවත ඇරබීමේදි ඒ සදහා අනුගමණ කළ යුතු වැඩපිලිවෙල සෙඛ්‍ය අංශ සමග එක්ව දැනටමත් සකස්කර ඇතැයි සභාපතිවරිය මෙහිදි කියා සිටියාය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදුන්නේ සංචාරක  ක්ෂේත්‍රෙයේ නිරත අයට කඩිනම් සහන සැලසීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි.  ඊට අදාල යෝජනා කඩිනමින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා කටුනායක ගුවන්තොටුප මෙහෙයුම නැවත ආරම්භ කිරීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙල ඇමතිවරයාට ඉදිරිපත් කලේය. ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේදි කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිටවීමේදී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෙඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් ඔහු කිවේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දුන්නේ ඒ අනුව කටයුතු කරන ලෙසයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මහතාද මෙහිදි කියා සිටියේ ලෝක සෙඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකාන් ගුවන් සමාගමද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් බවයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අදාල ආයතන සමග සම්බන්ධීකරණය කිරීමට ගුවන්සේවා අධිකාරියට පැවරිනි.

රජයේ උපදෙස් අනුව සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන 11 වෙනිදා සිට නැවත ආරම්භ කිරීම පිලිබදව ද මෙහිදි ඇමතිවරයාගේ අවධානයට යොමු විය.  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හා ගුවන් සේවා ආයතන ප්‍රධානීන්ට මෙහිදි වැඩිදුරටත් උපදෙස් දුන්නේ සිය ආයතන කටයුතුවලදී සෙඛ්‍ය අංශ උපදෙස් නිසිආකාරයෙන් ක්‍රියාත්මක වන්නේදැයි අධික්ෂණය කළ යුතු බවයි.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්
කටුනායකත් අරී… ශ‍්‍රී ලන්කන් ගුවන් ගමන් යලි අරඹන්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_rU3tab0HHH-qUTfzb6KzcaLJ2C-ClohKIy36wDrx95aA6e-btFSrNPF7UbwO8l-trbAyWCDWDeN_6oBDWTuWd9dkWcikhVa_N2L2tvLz1MgRDN4S19Rk5puyQNxiUgiR2VYArilTB4k/s320/srilankan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi_rU3tab0HHH-qUTfzb6KzcaLJ2C-ClohKIy36wDrx95aA6e-btFSrNPF7UbwO8l-trbAyWCDWDeN_6oBDWTuWd9dkWcikhVa_N2L2tvLz1MgRDN4S19Rk5puyQNxiUgiR2VYArilTB4k/s72-c/srilankan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy