එල් ටී ටී ඊ සංවිධානයට එරෙහිව ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් කල යුද්ධයේ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා ලෙස භාවිත වූ...
එහෙත් ඉන් පසු කොටි සංවිධනය තම පාවෙන අවි ගබඩා ලංකාවෙන් ඉතා ඈත ජාත්‍යන්තර මුහුදු වලට ගෙන යන ලද නිසා ඒවා සොයා ගැනීමට අවශ්‍ය කරණ චන්ද්‍රිකා තාක්ෂණය හෝ අන්තර් ජාතික බුද්ධි අංශ තොරතුරු සහාය ශ්‍රී ලංකා නාවුක හමුදාවට නොතිබුනි.
වාසනාවකට මෙන් 2001 සැප්තැම්බර් මස ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යසථානයට අල් කයිඩා ත්‍රස්තවාදීන් පහරදීමෙන් පසු ඇමෙරිකාව ත්‍රස්ථවාදයට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටි අතර එල් ටී ටී ඊ සංවිධානයේ පාවෙන අවි ගබඩා හරහා අල් කයිඩා සංවිධානයට අවි ආයුධ ලැබීමේ තර්ජනයක් ඇති බව ඇමෙරිකාව වටහා ගෙන තිබුනි. ඒ අනුව ත්‍රස්ථවාදය වැලැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කරනා ආකාරය ගැන ලංකාව හා ඇමෙරිකාව අතර සාකච්චා ඇරඹී තිබුනි
2007 මැයි මස ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ අතර සහයෝගතා ගිවිසුමක් අත්සන් කෙරෙන්නේ මේ වාතාවරණය තුලය. එය මින් පෙර දෙරට අතර තිබු විවිධ ගිවිසුම් වලට වඩා ලංකාවේ ආරක්ෂක අවශ්‍යතා පදනම් කරගෙන සකස් වූවක් වූ අතර එය අත්සන් කරනු ලැබුවේ ලංකාව වෙනුවෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තුමේන්තුව වෙනුවෙන් වෙනුවෙන් හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් මහතා විසිනි. මෙය කිසිවෙකුට රහසක් නොවූ අතර පාර්ලිමේන්තුව පවා ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනා ලදී.
මේ ගිවිසුමෙන් ආවරණය වූයේ යම් අවශ්‍යතාවකදී දෙරට හමුදාවන් අතර බඩු භාන්ඩ හා සේවාවන් හුවමාරු කරගන්නා ක්‍රමවේදයයි.( The agreement is entered into the purpose of establishing covers the basic terms, conditions, and procedures to facilitate the reciprocal provision of logistic support, supplies, and services – SECTION 1 OF THE ACQUISITION AND CROSS-SERVICING AGREEMENT )
මේ ගිවිසුම් හරහා යුධ අවි හුවමාරුවට ඉඩක් නැති බව ගිවිසුමේ පැහැදිලිවම සඳහන් වේ. එහෙත් බුද්ධි අංශ තොරතුරු හා තාක්ෂණ සහාය මේ හරහා ලබා දිය හැකිව තිබුනි.
යුධ සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘අධිෂ්ඨානය – එල් ටී ටී ඊ ය පරාජය කිරීමේ නෞක හමුදාවේ භූමිකාව’ නැමති ග්‍රන්ථයේ තමා රොබට් බ්ලේක් මහතා සමඟ පැවැත්වූ සාකච්චාත් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ සඟවා තිබූ එල් ටී ටී ඊ පාවෙන අවි ගබඩා පිළිබඳව බුද්ධි තොරතුරු චන්ද්‍රිකා තාක්ෂ්ණය හරහා ඇමෙරිකාව ලබා දුන් ආකාරයත් පැහැදිලි කොට ඇත. ඉතා පරිස්සමින් සැලසුම් කොට ශ්‍රි ලංකා මුහුදු සීමාවෙන් කිලෝමීටර 3500 -4000 ක් පමන ඈතට යාත්‍රා කොට මේ නෞකා විනාශ කිරීමට ශ්‍රී ලංකා නෞක හමුදාව කල වික්‍රමාන්විත මෙහෙයුම මේ වන විට ඉතිහාස ගත වී අවසන්ය.
2006 -2009 කාලය තුල කොටින්ගේ පාවෙන අවිගබඩා විනාශ කල දින මෙසේය
2006 සැප්තැම්බර් 17 ලංකාවේ සිට කි. මී 240ක් නැගෙනහිරින් තිබූ එක් නැවක්
2007 පෙබරවාරි 28 ලංකාවේ සිට කි. මී 730ක් දකුණින් තිබූ එක් නැවක්
2007 මාර්තු 18 ලංකාවේ සිට කි. මී 1650ක් ගිනිකොණින් තිබූ එක් නැවක්
2007 සැප්තැම්බර් 10 සහ 11 ලංකාවේ සිට කි. මී 2800ක් ගිනිකොණින් තිබූ නැව් 3 ක්
2007 ඔක්තෝබර් 7 ලංකාවේ සිට කි. මී 3240ක් ගිනිකොණින් තිබූ එක් නැවක්
එල් ටී ටී ඊ යේ පාවෙන අවි ගබඩා අහිමි වීම නිසා ප්‍රභාකරන්ගේ ගොඩබිම සටන්කල ත්‍රස්ථවාදීන්ට කිසිදු අඩුවකින් තොරව එතෙක් ලැබුන අවි ආයුද සැපයුම අඩාල විමද ඔවුන්ගේ පරාජයට තුඩු දුන් එක් විශේෂ හේතුවක් විය.
ගෝටාභය රාජපක්ෂ හා රොබට් බ්ලේක් අතර 2007 මැයි මස අත්සන් කෙරුණ ගිවිසුමෙන් ලංකාවට ලැබුනේ වාසියක් පමනි. එම ගිවිසුම් වලංගුව තිබූ වසර 10 න් 2015 දී පසුගිය රජය වෙනස් වන තුරු නම් ලංකාවෙන් අමෙරිකාව ලබා ගත් දෙයක් නැත.
ලංකා රජය ඇමෙරිකාව සමඟ යහන් ගත වන්නට තීරණය කලේ 2015 න් පසුවය.
වර්ථාමානයේ නම් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ඇමෙරිකාව අතර කුමන ගිවිසුම් තිබෙනවාදැයි රටේ ජනතාව තබා රටේ ජනාධිපතිවරයාවත් නොදන්නා බව නිසැකය. මේ ගිවිසුම් වලනම් වැඩි වාසිය ඇත්තේ ඇමෙරිකාවට බව අගමැතිවරයාගේ පරගැති මානසිකත්වය හොඳින් දන්නා අපට කැට තබා කිව හැක.
ලංකාවෙන් අක්කර දහස් ගනනක් අමෙරිකානු යුධ හමුදාවට ලබා දෙන්නට යන්නේ මේ නව ගිවිසුම් යටතේ මිස ත්‍රස්ථවාදයට එරෙහිව වූ යුධ ජයග්‍රහණයට ඇමෙරිකාවෙන් බුද්ධි තොරතුරු හා තාක්ෂණ සහාය ලබාගත් ගෝටා බ්ලේක් ගිවිසුමෙන් නම් නොවන බව මේ රටේ වසන බුද්ධිමත් ජනතාවටනම් දැන් පැහැදිලි විය යුතුය.
– nalaka godahewa FB
COMMENTS