කො රෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමන ලද්දේ අවිද්‍යාත්මක ලෙස බව හිටපු ඇමති චම්පික රණවක මහතා පවසයි. වසා දැමීම පවත්වාගෙන යන ලද්දේ ද, ...
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමන ලද්දේ අවිද්‍යාත්මක ලෙස බව හිටපු ඇමති චම්පික රණවක මහතා පවසයි.
වසා දැමීම පවත්වාගෙන යන ලද්දේ ද, නැවත විවෘත කරන්න යන්නෙද අවිද්‍යාත්මක ක්‍රමයකට යැයි ඔහු චෝදනා කරයි.
ලෝකයේ සියළුම රටවල වැඩිපුරම කොරෝනා ආසාදිතයන් සිටින්නේ සෞඛ්‍ය සේවකයන් වුවද ලංකාවේ 40%ක් ආසාදිතයන් ආරක්ෂක හමුදාවල බවද ඔහු සදහන් කරයි.
එය දේශපාලන ක්‍රීඩාවක් කිරීමට ගොස් සිදු වූ භයානක වරදක් වුවත් එහි වගකීම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩු විසින් භාරගත යුතු බව ඔහු කියා සිටී.
ශ්‍රී ලංකාවේ ආසාදිතයන් අඩුවීම සහ මරණ ගණන අඩු විම සම්බන්ධයෙන් විශාල සැකයක් රට තුළ ඇති වී තිබෙන බවද රෝගය පැතිරීම හෝ පාලනය ගැන වන නිශ්චිත දත්ත රටට ඉදිරිපත් කර නැති බවද ඔහු පැවසීය.
කොරෝනා ආසාදන වීමෙන් මිය යන්නේ නැති වුවද වෙනත් විවිධ රෝගවලින් මිය යන පිරිසගේ කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩියෙන් කරන්නැයි දිගින් දිගටම ඉල්ලා සිටියද රජයේ එයාටි උනන්දුවක් නැති බවත් ඊට හේතුව පරීක්ෂණ වැඩිපුර කරද්දී ආසාදිතයන් වැඩිවීම බවද ඔහුගේ අදහසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS