වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියෙකු ඊයේ (25) පෙරවරුවේ මියගොස් අතැයි වාර්තා වේ. අදාල කාන්තා රැඳවියා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති...
වැලිකඩ බන්ධනාගාරයේ සිටින කාන්තා රැඳවියෙකු ඊයේ (25) පෙරවරුවේ මියගොස් අතැයි වාර්තා වේ.
අදාල කාන්තා රැඳවියා හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතිබවට සැකකරන බවත් මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
පසුගියදා විරෝධතාවයේ නිරතවූ කාන්තා රැඳවියන් මේ වන විට වෙනත් බන්ධනාගාරයක් වෙත මාරුකර යවා ඇතැයි මේ සම්බන්ධව අදහස් දැක්වූ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරන්නේ මෙම මරණය අභිරහස් මරණයක් බවත් පසුගියදා කාන්තා රැඳවියන් සිදුකළ විරෝධතාව අතරතුරදී තුවාල ලැබූ කාන්තා රැඳවියෙකු මෙලෙස මියයන්නට ඇති බවත් ය.
මේ හේතුවෙන් සිද්ධිය සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් එම සංවිධානය ඊයේ බොරැල්ල පොලීසියේ පැමිණිල්ලක් ද ගොනු කළේය.
COMMENTS