ජනතා විමුක්ති පෙරමුණද ඉලක්ක කරමින් මේ දිනවල දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් ඇති බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහ...
මෙය සිදු කරන්නේ රාජපක්ෂ කඳවුරේ සිටින ඔවුන්ගෙන් වැටුප් ලබන වහලුන් පිරිසක් බවද ඔහු කියා සිටියේය.
ඔවුන් තම පක්ෂයේ කිසිවකු හෝ මාධ්‍ය සාකච්ඡාවක් ආරම්භ කරන්නට පෙරම සමාජ ජාලා ඔස්සේ කුණුහරපයෙන් බැණ වදින බවත ඔහු සදහන් කළේය.
මෙසේ මඩ ගසන්නේ සාමාන්‍ය පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් නොව රාජපක්ෂ කඳවුරෙන් පඩි ලබමින් ඔවුන් විසින් නඩත්තු කරන කුලී කරුවන් පිරිසක් යැයි ද ඔහු පැවසුවේය.
ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය හැරුණු කොට වැඩිම වැඩ කොටසක් ඉටු කළ එකම සංවිධානය ජනතා විමුක්ති පෙරමුණ යයිද ඔහු පැවසුවේය.
පොහොට්ටුවේ නායකයා ජාතිය ඇමතුවාම රටේම හුලං බහින බවත් තම නායකයා ජාතිය ඇමතු විට රටම දැනුවත් වෙන බවත් ඔහු එහිදී පැවසීය.
COMMENTS