මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ, රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණවී තිබේ. ඒ බව අනාවරණ වී ඇත්තේ ශ්‍රීලංකන් ගුව...
මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ, රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණවී තිබේ.
ඒ බව අනාවරණ වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදීය.
කොමිසම අද(11) රැස්වූයේ 4 වන දිනටයි.
මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළව රජයේ කිසිදු අනුමැතියක් හෝ බලය පැවරීමක් කර නොමැති බව එහිදී අනාවරණවී ඇත.
කොමිසමේ සාක්ෂි විභාගය සඳහා සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුලු නිලධාරීන් කිහිපදෙනෙකු අද දිනයේත් කැඳවා තිබිණි.
COMMENTS