දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට
Homeප්‍රවෘත්ති

නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට

PropellerAds

එංගලන්තයේ සිට මෙරටට පැමිණ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණිය දින දහහතරක නිරෝධායනයෙන් පසු මැතිවරණ කොමිසමට ඒම නොහොබිනා ක්‍රියාවක...

වෙසක් ‍පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම්!
ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක්! නිල් පින්තූර අන්තර්ජාලයට එක්‌ කිරීමෙන් ලංකාව පළමු තැනට
යාපනයේ පොලිස් මුරපොලකට ගිනි තබයි
එංගලන්තයේ සිට මෙරටට පැමිණ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණිය දින දහහතරක නිරෝධායනයෙන් පසු මැතිවරණ කොමිසමට ඒම නොහොබිනා ක්‍රියාවක් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

සාමාන්‍ය ගමේ ගොඩේ අය පවා සෞඛ්‍ය උපදේශන පිළිපදිමින් දින දහහතරක නිරෝධායනය අවසන් කළ පසු තවත් දින 14ක් නිවෙසේ සිට නිරෝධායනයට යොමු වුවද හූල්ගේ දියණිය මැතිවරණ කොමිසමට යෑම ආචාර ධර්මවලට පවා පටහැනි බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

මෙය නෛතික තත්ත්වයක් නොවූවද, එම ක්‍රියාව නොවටිනා එකක් යැයිද ජාසිංහ මහතා පැවැසීය.

මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණිය කොරෝනා (කොවිඩ් – 19) වයිරසය ශරීරගත වූ රෝගියකු නොවන බැවින් මැතිවරණ කොමිසමේ සේවකයන් නිරෝධායනයට යොමු කළ යුතුව නැතැයිද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

නමුත් මැතිවරණ කොමිසමේ මෙකී සාමාජිකයාගේ දියණිය මැතිවරණ කොමිසමට ගෙන ඒම සාධාරණීකරණය කළ නොහැකි දෙයක් යැයිද ඒ මහතා පැවැසීය.

නිරෝධායන ක්‍රමවේදය උල්ලංඝනය කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිරෝධායන පනත යටතේ කටයුතු කළ යුතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරන වෛද්‍ය නවීන් ද සොයිසා විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සහ කොරෝනා ආසාදිතයන් සමීපව ඇසුරු කර ඇති අය දින 14ක කාලයක් නිරෝධායන කඳවුරු තුළ රඳවා, එම කාලය අවසන් වූ පසු තම නිවෙස් තුළ තවත් දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට නියෝග පනවන නමුත්, ඇතැම් අය එම නියෝග නොසලකා හරිමින් කටයුතු කරන බව දක්නට ඇතැයි පැවැසීය.

මේ පිළිබඳ ආසන්නතම සිද්ධිය පෙරේදා (19දා) වාර්තා වූ බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීව හූල්, එංගලන්තයේ සිට පැමිණ මීගමුවේ “ජෙට්වින් බ්ලූ” හෝටලයේ නිරෝධායනය වූ ඔහුගේ දියණිය එම හෝටලයේ නිරෝධායන කටයුතු නිමවීමෙන් පසු නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමු නොකර මැතිවරණ කොමිෂන් සභාවට කැඳවාගෙන පැමිණීමේ සිද්ධියක් මාධ්‍ය මඟින් හෙළිදරව් කර ඇති බවත් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නේය.

මෙවැනි ක්‍රියාවලට ඉඩ දීමෙන්, නිරෝධායනය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පලුදු වන බැවින් එවැනි තත්ත්වයක් නිර්මාණය නොවීමට සෞඛ්‍ය බලධාරීන් වගබලාගත යුතුව ඇතැයි සඳහන් කළේය.

– mawbima


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට
නිරෝධායනය කැඩූ හූල්-දියණිය අමාරුවේ.. විරුද්දව සෞඛ්‍ය ලොක්කන් පෙරට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-MYlX9kuZIjykvjv980eztsbYHJstcznPRRBpMaIfJIQChiRN4FxkmFdzl50PiqEeBajsgDoxKSH5vFUSeefnDcgwyfZp17I9HmnLfOvn4_EL71u7lACIxtTowehvJuX7hCU5xTzo_rM/s320/45455.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-MYlX9kuZIjykvjv980eztsbYHJstcznPRRBpMaIfJIQChiRN4FxkmFdzl50PiqEeBajsgDoxKSH5vFUSeefnDcgwyfZp17I9HmnLfOvn4_EL71u7lACIxtTowehvJuX7hCU5xTzo_rM/s72-c/45455.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_299.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_299.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy