ශ්‍රී ලනිප උප සභාපති, කළුතර දිස්ත්‍රික් නායක මහින්ද සමරසිංහ මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්...
ශ්‍රීලනිප උප සභාපති, කළුතර දිස්ත්‍රික් නායක මහින්ද සමරසිංහ මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
අද (20) දිනයේදී මහින්ද සමරසිංහ මහතාට පක්ෂයේ තීරණය ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බවයි ශ්‍රීලනිපය පවසන්නේ.
මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුවීමට තීරණය කළ අතර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහ මැතිවරණයටද ඉදිරිපත්ව සිටී.
මහින්ද සමරසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ පානදුර ආසන සංවිධායක ධුරය සඳහා හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුමිත්‍රලාල් මෙන්ඩිස් මහතා පත් කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

COMMENTS