ඉරුදින මව්බිම පුවත්පතේ “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි.” යන ප්‍රධාන සිරස්තලය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසුරිය මහත...
එමෙන්ම පොලිස් කොමිසම් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර ඇති වු සාකච්ඡාවක් වෙනත් කිසිදු මුලාශ්‍රකින් තහවුරු නොකොට ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු බව දක්වමින් ප්‍රධාන පුවත ලෙස ගැනීම ම අතිශයින් පහත් හා හාස්‍යජනක වාර්තාකරණයක් බව සදහන් කළ යුතුය.
කෙසේ වෙතත් මව්බිම පුවත්පත අල්පමාත්‍ර වශයෙන් හෝ වගකිව යුතු මාධ්‍ය භාවිතාවක නිරත වන්නේ නම් උක්ත පුවතෙහි අන්තර්ගත කිසියම් හෝ කරුණක් පොලිස් කොමිසම් සභාවේ සභාපතිවරයා මඟින් නිල වශයෙන් තහවුරු කිරිමට කටයුතු කරන ලෙස අප අභියෝග කරන්නෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ සමස්ත කොමිසන් සභාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳව වැරදි මතයක් සමාජ ගතකොට කිසියම් ප්‍රජාතන්ත්‍ර වීරෝධි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා පසුබිම සකස් කිරිම මෙවැනි පුවත් පළ කිරිමේ අරමුණ බව පැහැදිලිය.
1999 අපකීර්තිමත් වයඹ මැතිවරණයෙන් පසුව දිගින් දිගටම ස්වාධීන මැතිවරණ කොමිසමක්, ස්වාධීන අධිකරණයක්, ස්වාධීන රාජ්‍ය සේවයක් හා ස්වාධීන පොලිස් කොමසමක් වෙනුවෙන් පෙනී සිටි කරු ජයසුරිය මැතිතුමා එම ප්‍රතිසංස්කරණ උදෙසා ගෙන එනු ලැබු 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රරෝගාමියෙකු වෙයි.
එබැවින් කරු ජයසුරිය මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය දරණ අවසන් මොහොත දක්වාම ස්වාධීන කොමිසම් සභා මඟින් ශ්‍රී ලාංකීය ජන සමාජය හිමි කරගත් ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කිලිටි කිරිමට කිසිදු බලවේගයකට ඉඩ නොතබනු ඇත.
මෙවන් පුවතක් පළ කිරිමේදී “ තතු දත් ආරංචි මාර්ගවලින් පවසයි.” වැනි දියාරු වචන යොදාගන්නා මව්බිම පුවත්පතේ බලධාරීන්ට එම පුවත වාර්තා කරන මාධ්‍යවේදීයාගේ නම සඳහන් කිරිමට තරම්වත් කශේරුකාවක් නොමැති වීම පිළිබඳව අප කණගාටු වෙමු. කිසියම් මාධ්‍යවේදීයෙකුගේ නමින් මෙම සාවද්‍ය පුවත පළ කිරිමට කතෘ මණ්ඩලය තුළින් හෝ මාණ්ඩලික වාර්තාකරුවන් අතරින් මාධ්‍යවේදීයෙකු සොයා ගැනීමට පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව දක්වා දරණ ලද උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ කිසිවෙකු මෙම ව්‍යාජ පුවතට පීතෘත්වය දීමට ඉදිරිපත් නොවු නිසා බව අප වෙත තොරතුරු ලැබී ඇත.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා කතෘ සංසදයේ ලේකම් ධුරය දරණ සිසිර පරණතන්ත්‍රී මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන පුවත්පතක් විසින් කතෘ සංසදය විසින් උසස් කොට සලකන සියළු ආචාර ධර්ම ඉතාමත් නින්දිත ආකාරයෙන් උල්ලංඝනය කිරිමද විමතියට කරුණකි.
කෙසේ වෙතත් මෙවන් අසත්‍ය ප්‍රධාන සිරස්තලවලින් මුල් පිටුව සැරසීම මඟින් මව්බිම පුවත්පතට හිමි අතලොස්සක් පාඨකයින් රැකගැනීමට එම පුවත්පත දරණ නිර්ලජ්ජිත උත්සාහය පිළිබඳවද අප අතිශයින් කණගාටු වෙමු. මෙම පුවත මඟින් සිදුකර ඇති ද්වේශ සහගත අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කරු ජයසුරිය මැතිතුමා නිසැකවම කටයුතු කරනු ඇත.
කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීරණ අංශය
COMMENTS