කො රෝනා වෛරස් දින 30ක් ඇතුළත පරාජය කළේ යැයි කිසිවකු පුරෝකතන කරන්නේ නම් එය නිවැරදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි. එම ස...
කොරෝනා වෛරස් දින 30ක් ඇතුළත පරාජය කළේ යැයි කිසිවකු පුරෝකතන කරන්නේ නම් එය නිවැරදි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.
එම සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ අද හදුනාගෙන සිටින කොරෝනා රෝගීන් සැලකුවද ඔවුන්ගේ පළමු ස්පර්ශයකයන් තුන්දාහක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව බව වසංගත රෝග අධ්‍යක්ෂවරයා පැහැදිලි කර ඇති බවයි.
එමෙන්ම මෙම වෛරසය ආසිදතයන් දින 14ක කාලයක් ගත වුවත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටීමට හැකියාවක් ඇති බවත් නමුත් ඔවුන් රෝග වාහකයන් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එනිසා දැන් කළ යුතුව ඇත්තේ එම රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන ඔවුන් හුදෙකලා කර තබා ප්‍රතිකාර කිරීම බවත් ඔහුගේ අදහසයි.
පවතින තත්ත්වය අවදානම සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කිරීමට කටයුතු කළ බවත් අවදානම පහව ගොස් නැති නිසා අවුරුදු කාලයේදීද නිවසේම රැඳී සිටින ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කෙසේ වෙතත් කොරෝන වෛරසය අවසන් කලේ යයි කිසිම පුද්ගලයෙකු මේ දක්වා පවසා නැති අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවා සඳහන් කර ඇත්තේ වෛරසය යම් තරමකට පාලනය වී ඇති බවත් එනිසා පවතින සීමාවන් ඉවත් කිරීමේ හැකියාවන් යම්තාක් දුරකට පවතින බවයි.
දුරස්ථභාවය රකිමින් එදිනෙදා සාමාන්‍ය කටයුතු කර ගැනීමේ හැකියාව සහ ඊට ප්‍රවේශ වීමේ උපායමාර්ගය මේ දිනවල සාකච්ඡා කරන බව පමණක් ඔහු සඳහන් කර ඇත.

COMMENTS