ස්‌පෙවින් ලංකා සමාගම 1994 දී නාගරික සංවර්ධන අධිකාරියෙන් 99 අවුරුදු බද්දකට රාජගිරිය ඉඩම ලබාගෙන එම්. එන්. එම්. ගොඩනැඟිල්ල ඉදිකර ඇති බව සංවර්...
ස්‌පෙවින් ලංකා සමාගම 1994 දී නාගරික සංවර්ධන අධිකාරියෙන් 99 අවුරුදු බද්දකට රාජගිරිය ඉඩම ලබාගෙන එම්. එන්. එම්. ගොඩනැඟිල්ල ඉදිකර ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම ඉඩම අසල තවත් පර්චස් 20 ක ඉඩමක් ද නාගරික සංවර්ධන අධිකාරියෙන් 1999 වසරේදී බදු වශයෙන් ලබාගෙන ඇති බව සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
මේ සඳහා අදාළ ගාස්‌තුද කෝට්‌ටේ නගර සභාවට අදාළ වරිපනම්ද නිසි පරිදි ගෙවා ඇති බවත් සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
මෙම ගොඩනැඟිල්ල අයිති ස්‌පෙවින් ලංකා සමාගමේ කොටස් 2008 දී තමා විසින් විකුණා දැමූ බවත් එයින් පසුව අධ්‍යක්‍ෂ ධුරයෙන්ද ඉල්ලා අස්‌වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එයින් පසුව මෙම සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂවරයෙක් ලෙස ක්‍රියාකළ අතර එම තනතුරුවලින් ද 2015 අගෝස්‌තුවලදී ඉල්ලා අස්‌වූ බව සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
2017 අගෝස්‌තු 28 වැනිදා එක්‌තරා රූපවාහිනි නාලිකාවක් මේ සමාගමේ වත්මන් හිමිකරු වන නන්දන ලොකුවිතාන මහතාට මා ආරක්‍ෂාව ලබා දෙන බවට අඟවමින් ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර ඇති බව සමරවික්‍රම මහතා ප්‍රකාශ කර සිටියේය.
කෙසේ නමුත් ස්‌පෙවින් සමාගම සතුව තමාගේ කොටස් නොමැති බව අමාත්‍යවරයා මෙම විශේෂ ප්‍රකාශය මගින් අවධාරණය කර සිටියේය.

COMMENTS