දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි
Homeප්‍රවෘත්ති

කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි

PropellerAds

ත්‍රි විධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්...

තවත් ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින්.. මුලින්ම ඇෆ්ලටොක්සින් පොල්තෙල් ගෙන්වා හෙලිවූ සමාගමද මෙයයි
එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා - ඩිලාන් පෙරේරා
චීන කොරෝනා එන්නතට එරෙහිව උසාවි යයි.. භාවිතය තවත්වන්න වාරණ නියෝගයක් ඉල්ලයි
ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.
ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.

“ජනතාව මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද වෛරසයෙන් බේරා ගැනීම එක සේ වැදගත්. ආසාධිතයන් සමඟ සමීපව වැඩකිරීමට සිදුවන කණ්ඩායම් ගැන විශේෂ අවධානය තිබිය යුතුයි. රෝගීන් රෝහලටත් ඔවුන් සමඟ සබඳතා ඇති අය නිරෝධායනයටත් යොමු කළ යුතුයි. ප්‍රධාන ප්‍රමුඛතාව වෛරසය සමාජගත වීම වළක්වා ගැනීම”, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ත්‍රිවිධ හමුදාවට අයත් සියලු කඳවුරු නිරීක්ෂණය කොට කඩිනමින් වාර්තාවක් සකසන්නැයි ඒ මහතා විශේෂඥ කණ්ඩායමට පැවසීය.

නිරෝධායන කාර්යයන්හි නිරත හමුදා නිලධාරීන්ගේ සෞඛ්‍යාරක්ෂාව සැලසීමට ප්‍රමුඛත්වයදිය යුතු බවත් කඳවුරු ඇතුළත සෞඛ්‍ය පහසුකම් ප්‍රවර්ධනය සඳහා අවශ්‍යතාව මත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් සහාය කර ගන්නා ලෙස ද ඒ මහතා උපදෙස් දුන්නේය.

රෝගය පාලනය කිරීමේ දී මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය සේම කිසියම් තැනක වරදක් සිදුවී ඇත්නම් එය ද හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, හිටපුගුවන් හමුදාපති, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත පෙරේරා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර්අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන, විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න යන මහත්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි
කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpKNEwtXlDM4GBfm5GXFdwfSHtvSYarELx60B8dU0sB5XSVpvhyphenhyphenHx5U3WKnsV8LdjKMWgoyY5oPwh7UFr7Tq9Oqc3KXsVBpveBfmvG3MWvHeZcLj4oOeiZKJu_Y_Yeck7SgLCtNMMTz24/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpKNEwtXlDM4GBfm5GXFdwfSHtvSYarELx60B8dU0sB5XSVpvhyphenhyphenHx5U3WKnsV8LdjKMWgoyY5oPwh7UFr7Tq9Oqc3KXsVBpveBfmvG3MWvHeZcLj4oOeiZKJu_Y_Yeck7SgLCtNMMTz24/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_994.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_994.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy