චී නයෙන් මෙරටට ගෙන්වා ඇති කොරෝනා මර්ධන සිනොෆාම් එන්නත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එමගින් ඉල්ල...
චීනයෙන් මෙරටට ගෙන්වා ඇති කොරෝනා මර්ධන සිනොෆාම් එන්නත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
එමගින් ඉල්ලා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව එම එන්නත මෙරට තුළ භාවිතයට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මෙම පෙත්සම ගොනුකර ඇත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පෙරමුණ ඇතුළු පුද්ගලයන් තුන්දෙනෙකු විසිනි.
පෙත්සම්කරුවන් පවසන්නේ අධිකාරියේ අනුමැතියෙන් තොරව එන්නත භාවිතයට ගැනීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවයි.

COMMENTS