ම ළමිනී හෝ රෝගීන් මතින් ඡන්දයක් පැවැත්විය නොහැකිවා මෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සදහටම ඡන්දය කල්දැමීමට ද නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය...
මළමිනී හෝ රෝගීන් මතින් ඡන්දයක් පැවැත්විය නොහැකිවා මෙන්ම කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා සදහටම ඡන්දය කල්දැමීමට ද නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් රට සාමාන්‍ය තත්වයෙන් පවතින දින 35ක කාලයක්වත් මැතිවරණ කොමිසමට, අපේක්ෂකයින්ට සහ ජනතාවට ලැබිය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
"සාමාන්‍යයෙන් තියෙන සිරස් තලය සහ කඳේ අතර වෙනසක් තියෙනවා. අපේ කරුණ තමයි අපි කිව්වෙ ඡන්ද විමසීමක් ඉතා සාධාරණ, නිදහස්, විනිවිදබවින් යුතු සහ විශ්වසනීය ඡන්ද විමසීමක් තියන්න නම් අපෙ නිලධාරීන්ට, අපේක්ෂකයින්ට සහ ජනතාවට දින 35ක්වත් ඒ කියන්නෙ සති 5ක්වත් නිදහසේ මැතිවරණයට අදාළ කටයුතු කරගැනීමේ හැකියාව තියෙන්න ඕනෙ. අපේ සංවිධාන කටයුතු කරගන්න අපට දවස් 35ක් ඕනෙ. අපේක්ෂකයින්ටත් ඕනෙ, ඒවගේම පුරවැසියන්ටත් ඕනෙ.
ඒකෙන් අදහස් වෙන්නෙ නෑ වෛරස් එක ඉවර වෙලා කොරෝනා සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනෙ කියලා. නමුත් වසංගතය මහා විදියට පැතිරෙමින් තියෙනවා නම් අපට එකපැත්තකින් තියන්න බෑ. අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනෙ නිසා ඡන්ද විමසීම හැමදාම කල්දාන්නත් බෑ.
අපි කියන්නෙ කොරෝනා උවදුර තියෙද්දි මෘතදේහ, රෝගීන් මතින් අපට ඡන්ද තියන්නත් බෑ. ඒත් කොරෝනා තියෙනවයි කියලා ඡන්ද විමසීම සදහටම කල්දාන්නත් බෑ. ඒ දෙක අතර තත්වයක් ඕනෙ. අපි දින 35ක් රට සාමාන්‍ය තත්වයේ, ඒ කියන්නෙ යාම් ඊම් කරගන්න පොකට් රැස්වීම්වත් තියන්න අපෙ නිලධාරීන්ට සීමාකිරීම් නැතිව කාර්යාලයට එන්න - තුනෙන් එකක් ඇවිල්ලා අපට වැඩ කරගන්න බෑ - ඒවගේම ගමනාගමනය, මීටරේ දුර තියාගෙන කාර්යාලවල වැඩකරන්නෙ කොහොමද, ඒවා විසඳාගන්න ඕනෙ අපි. ඒක තමයි කියලා තියෙන්නෙ අපි. තියන්නෙම නෑ කියලා නෙවෙයි.
අනිත් එක වැදගත්ම කරුණ මේ සියල්ලම කරන්න කොමිෂන් සභාව රැස්වෙලා සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඕනෙ. තනි තීරණයකින් බෑ, තුන් දෙනාම සාකච්ඡා කරලා තමයි මේ කටයුතු කරගෙන යන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ අද (29) පුවත්පතක ප්‍රධාන පුවතක් සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් කළ විමසීමකදී ඊට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS