යාපනයේදී පොලිස් අත් අඩංගුවට පත්වූ ''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයා ඇතුළු සෙසු සැකකරුවන් දස දෙනා ලබන 16 වෙනිදා දක්ව...
යාපනයේදී පොලිස් අත් අඩංගුවට පත්වූ ''ආවා ගෲප්'' කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයා ඇතුළු සෙසු සැකකරුවන් දස දෙනා ලබන 16 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.
මේ සැකකරුවන් මල්ලාකම් මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවස වෙත 5 දා ඉදිරිපත් කරණ ලද අතර ''ආවා ගෲප්''කල්ලිය මෙහෙයවන ලද බව කියන සැකකරුව පොලීසිය විසින් දැඩි රැකවල් සහිතව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට රැගෙන ගොස් තිබේ.
පොලීසිය විශ්වාස කරන්නේ මේ පිරිස අත් අඩංගුවට පත්වීමෙන් පසුව යාපනයේ සිදුවන භීෂණකාරී ක්‍රියා අඩුවිය හැකි බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS