ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (05) අලුයම කටුනායක...
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
ඔහු ඉකුත් (02) වනදා ශ්‍රී ලංකාවෙන් , සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
පසුව ඊයේ (05) අලුයම 1.50 ට සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රයක් මගිනි.
එහිදී කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එය පරීක්ෂා කරත්දී , මෙම මැලේසියානු ගුවන් ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බව හැදින ගෙන තිබේ .
පසුව ඔහුගෙන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරත්දී , ඔහු ගමන් ගත් ගුවන් යානය තුළ දී මෙම ගුවන් ගමන් බලපත්‍රය තමන්ට ලබා දුන් එකක් බවත් , තමන් එය උපයෝගී කර ගනිමින් බෙල්ජියමට යෑමට සූදානම් වූ බවත් ප්‍රකාශ කර තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු බලලත් නිලධාරී ඩී.ආර්.පී.ගාල්ලගේ මහතා මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර , ගුවන් තොටුපොළ ආගමන - විගමන ජේෂ්ඨ බලලත් නිලධාරී සී.අලහකෝන් මහතාගේ උපදෙස් මත බලලත් නිලධාරීන් වන ගාමිණී සරත්චන්ද්‍ර සහ එස්.ඒ.එම්.එස්.ආර්.මවුලානා යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ .
මෙම පුද්ගලයා සමග පසුගියදා (02) සිංගප්පූරුව බලා පිටත්ව ගිය මෙන්ම ,ඊයේ (05) දින මෙම පුද්ගලයා සමග ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි 44 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ද වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර දී තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS