Facebook, youtube වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සංවිධාන කෙරෙන රාත්‍රී ප්‍රසංග මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. එව...
Facebook, youtube වැනි සමාජ මාධ්‍ය භාවිත කරමින් සංවිධාන කෙරෙන රාත්‍රී ප්‍රසංග මේ වන විට ලංකාව පුරා සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
එවැනි ඇතැම් ප්‍රසංග මීට පෙර විදේශිකයන් ඉලක්ක කර සංවිධාන කෙරුණත් වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිත කරන ලාංකික තරුණ තරුණියන් ද ඒ සඳහා දක්වනුයේ දැඩි උනන්දුවකි.
ලෝකප්‍රකට ඊශ්‍රායල් ජාතික සංගීතඥයකු ගේ සහභාගීත්වයෙන් වාද්දුව ප්‍රදේශයේ දී එලෙස සංවිධානය කරන ප්‍රසංගයක් වෙනුවෙන් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පුර්ව ප්‍රචාරක පටයක් නිකුත් කර තිබුණි.
එම සංගීත ශිල්පියා මීට පෙරද ලංකාවට පැමිණ මේ ආකාරයේ ප්‍රසංගයක් සඳහා එක්ව තිබූ අතර මෙවර එය සංවිධානය කර තිබුණේ එය පැවැත්වුණු වාද්දුව ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු සහ එවැනි ප්‍රසංග සංවිධාන කරන දේශීය සමාගමකි. ඒ අනුව අදාල ප්‍රසංගය සඳහා නන් දෙසින් පැමිණි තරුණ තරුණියන් 1700ක් පමණ එක්ව සිටියහ.
හෝටලයේ ගෘහස්තව පැවැති ප්‍රසංගය රාත්‍රී හතට පමන ආරම්භ වී උදෑසන දක්වා පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබිණි. ප්‍රසංගය පැවැත්වෙන අතර වාරයේ අලුයම 2.30 පමණ පුද්ගලයින් සිව්දෙනෙකු හදිසියේ රෝගාතුර වීම නිසා පානදුර මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. ඒ අතරින් එක් අයකු කැස්බෑව හොන්නන්තර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එරංග රුවන් පෙරේරා නමැත්තෙකි. මේ අතර 21 හැවිරිදි මෙලාන් චානක කැමති දිවුලපිටියේ පදිංචිකරුවෙක් ද රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව වාර්තා වේ. අසාධ්‍ය තත්වයෙන් පසුවූ තවත් දෙදෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.
එලෙස ප්‍රතිකාර ලබමින් සිටි කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි විදුරංග දේශන් නැමැති තරුණයා ඊයේ පස්වරුවේ මියගියේය. සිද්ධිය පිළිබඳව පානදුර මූලික රෝහලේ සහකාර වෛද්‍ය අධිකාරී පී.ජී.හේමන්ත කුමාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මියගිය තිදෙනාගේ ශරීර උෂ්ණත්වය සහ හෘද ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබූ බවයි.
එම වීඩියෝව පහතින්,
COMMENTS