අ පි යායුත්තේ විනාශයේ මාවතටද නැති නම් සදාකාලික ජීවිතයේ මාර්ගයද යන්න ගැන මිනිස්සු තීරණයක් ගතයුතු කාලය දැන් එළැඹ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් ...
අපි යායුත්තේ විනාශයේ මාවතටද නැති නම් සදාකාලික ජීවිතයේ මාර්ගයද යන්න ගැන මිනිස්සු තීරණයක් ගතයුතු කාලය දැන් එළැඹ ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (12දා) පැවැසූහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා දිව්‍ය යාගයට ඊයේ (12දා) එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.
පාස්කු ප්‍රහාරය පසුගිය අවුරුද්දේ එල්ල වුණා. එදා අපේ රට තුළ මොකක්ද සිද්ධ වුණේ. එදා නොමඟ ගිය තරුණ පිරිස එකතු වෙලා අපේ ජීවිතයට ලොකු පහරක් එල්ල කළා. ඒ අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් කෙරෙහි යම්කිසි තරහක් ඇති කරගත්තද නැද්ද කියලා මම දන්නෙ නෑ.
නමුත් කතෝලික හා ක්‍රිස්තියානි අපට ලොකු හිරිහැරයක් කරන්නට ක්‍රියාමාර්ග ගත්තා. ඒ බෝම්බවලින් මියගියේ කතෝලික අය පමණක් නෙවෙයි. ඒ බෝම්බවලින් බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි සියලුම අය මියගියා. ඒ වෙලාවේදී අපි කතෝලිකයන් ලෙස මොනවද කළේ. අපිට තිබුණා මනුස්සයන් හැටියට කල්පනා කරලා බලලා මනුෂ්‍යත්වයේ පිළිතුරක් ඒකට දෙන්න. ආත්මාර්ථකාමීත්වයේ පිළිතුරක් අපට දෙන්න තිබුණා. ඒක තමයි අපේ මනුෂ්‍යත්වයේ ස්වභායෙන්ම ඇති වන කැමැත්ත.
නමුත් ඒ වෙලාවේදී අපි ක්‍රිස්තුස් වහන්සේගේ පණිවුඩය කෙරෙහි අවධානය යොමු කරලා අපි නැති කරපු ඒ හතුරන්ට අපි ආදරේ කළා. අපි ඒ අයගේ වරදට සමාව දුන්නා. ඒ අය ගැන අනුකම්පා කළා. මෙවැනි දේවල් නැවත වරක් කරන්න එපා කියලා ඒ අයට කියා දුන්නා. එහෙම ඒ අයට අපි කියා දුන්නෙ කිසිම අයකුට කිසිම විධියකින් වෛර නොකර වෛරය තුළ ඒ අයට හිරිහැර නොකරමිනුයි. මේක තමයි ශිෂ්ටත්වය කියන්නෙ. ඒක තමයි උට්ඨානය කියලා කියන්නේ. මනුෂ්‍ය ස්වභාවයේ තියෙන දුර්වලකම යටවෙලා තමන්ගේ තියෙන හැඟීම්වලට වහල් වෙලා, තමන්ට ලැබෙන කෝපය, තරහව තුළින් යොමු කරනු ලබන මිනිසුන්ට කරදර කිරීම තමයි සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. අපි ඒ ගතිය අතහැර දැම්මා. අපි ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් උට්ඨානයීය ජීවිතයයි. මේ ප්‍රහාරය එල්ල වුණේ පාස්කු දිනයෙයි. ස්වාමීන් වහන්සේගේ උට්ඨානය සිහි කරන දවසෙයි ප්‍රහාරය එල්ල වුණේ. අපි ඒ වෙලාවේදී කල්පනා කළේ ‘උට්ඨානයද ජීවිතයද මම වෙමි. මා අදහාගන්නා මැරුණත් ජීවත් වෙමි.’ අපේ ස්වාමීන් වහන්සේට අපි දැක්විය යුතු ගෞරවය හා නමස්කාරය වන්නේද එයයි.
අපේ සහෝදර සහෝදරයන්ගෙන් වරදක් වුණාම ඒකට ප්‍රතිඋත්තර දීම නෙවෙයි කළ යුත්තේ. අපේ ස්වාමීන් වහන්සේ ඉගැන්වූයේ මොකක්ද?
දකුණු කම්මුලට ගැහැව්වොත් වම් කම්මුල හරවන්න කිව්වා. උතුරු සළුව ඉල්ලිවොත් අඳනයක් දෙන්න කියලා කිව්වා. කිලෝමීටරයක් ඇවිදින්න කිව්වොත් කිලෝමීටර් දෙකක් ඇවිදින්න කිව්වා. සතුරන්ට ප්‍රේම කරන්න කිව්වා. සතුරන්ට වෛර කරන්න එපා කිව්වා. සතුරා වෙනුවෙන් යාඥා කරන්න කිව්වා. ඔවුන්ට සමාව දෙන්න කියලා කිව්වා. ක්‍රිස්තුස් වහන්සේ මෙන්න මේ දේශනා කරපු දේවල්, ජීවත් වුණ දේවල්, සුදෝ පේදුරුතුමා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුන්වතාවක් කුරුසයේ මරණයට පත්වෙනවාය කියා ප්‍රතිඥාවක් දුන්න වෙලාවේ සුදෝ පේදුරුතුමා ජේසුස් වහන්සේට ෙදාස් කීවා. එවැනි දෙයක් වෙන්නෙ නෑ කියලා කිව්වා. නමුත් අවසානයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කීවේ මොකක්ද?
කිසි කෙනෙක් මා අනුව එනු කැමැත්තේද? හෙතෙම තමා ත්‍යාග කර කුරුසය රැගෙන මා අනුව එන්න කියලයි. මේක තමයි පාස්කුව කියලා කියන්නේ. පාස්කුව කියන්නේ ආත්මාර්ථකාමීත්වය කියන එක සම්පූර්ණයෙන්ම නසා දැමීම. එය විනාශ කිරීම. ඒ වෙනුවට පරාර්ථකාමී හැඟීම් හදවත පුරවා ගැනීම, නව ආරම්භයක් ජීවිතයේ ආරම්භ කිරීම මඟින් ජීවිතය නව පරිවර්තනය ඇති කිරීම, එමඟින් නව ආරම්භයක් ඇති කිරීම.
අද ලංකාවේ අපි කොරෝනා වයිරසයට ගොදුරු වී සිටිනවා. සමහරු හැසිරෙන්නෙ තමන්ව පාලනය කරගන්න බැරි තිරිසන් සත්තු වගේ. තිරිසන් සතුන් පවා තමන්ව පාලනය කරගන්නවා. තමන්ගේ හැඟීම්වලට බර වෙලා තමන්ට ඕන දේ කරන්න නිදහස පාවිච්චි කරන සමාජයක් තමයි අපි දකින්නෙ.
මේ කොරෝනා වයිරස හමුවේත් අපි දකින්නෙ එවැනි තත්ත්වයක්. වෛද්‍ය, ආරක්ෂක අංශ විශාල පරිත්‍යාගයක් කරනවාද? අපේ රට, ජනතාව වෙනුවෙන් ඔවුන් විශාල කැපකිරීමක් කරනවා. අසනීප අය රැකබලා ගන්න. මේ ඇඳිරි නීතිය කාල පරිච්ඡේදයේ දී ඇඳිරි නීතිය කඩ කළ 20,000ක් පමණ සිටිනවා. තව පිරිසක් සිරබත් කනවා. ඇයි? විනයක් නැතිකම. තමන්ව පාලනය කරගන්න බැරිකම. තමන්ගේ හැඟීම්වලට ඉඩනොදී සමාජයට යහපතක් කරගන්න. සමහරු මේ කාලයේ කුඩු බෙදනවා. සමහර අය හොර මත්පැන් පෙරනවා. බඩු මිල පමණට වඩා වැඩි කර විකුණනවා. මනුෂ්‍යත්වයට එරෙහිව පියවර ගනිමින් කටයුතු කරනවා. අපි කවදද අපි දෙවැනි ජීවිතය ආරම්භ කරන්නෙ.
හැම කෙනකුට වටිනාකමක් තියෙනවා. කිසි කෙනකුට වටිනාකමක් නැත්තෙ නෑ. ඉවසීමක් නැතිව කටයුතු කරනවා නම් උට්ඨානයක් දකින්නෙ කොහොමද? උට්ඨානයක් දකින්නට නම් දෙවියන් වහන්සේ සූදානම් කර ඇති උත්තරීතර දේව ජීවිතය කුමක්ද කියන එක ගැන හරි අදහසක් අරගෙන කටයුතු කළ යුතුයි. උට්ඨානයට පිවිසීමට මැළිවන ජීවිත හිරගෙදරක ජීවත් වන මිනිසකුට සමාන කරන්න පුළුවන්. හිර ගෙදරක හිටපු කෙනෙක් දන්නෙ නෑ ඒ හිරගෙදර ෙදාර ඇරලා කියලා. කැමැත්ත තිබුණා නම් ඔහුට හිර ගෙදරින් එළියට යන්න තිබුණා. අපේ ජීවිතයත් ඒ වගේ. අපි මවාගත්තු මන:කල්පිතව සිරකරුවන් වෙලා ඉන්නේ. එහෙම නෙවෙයි අපි ජීවත්විය යුත්තේ. අපි ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි උට්ඨානය කියන්නෙ. ජීවිතයේ අගය තේරුම් ගන්න. සතුරාට සමාව දෙමින් අන්තිම ලේ බින්දුව දක්වා කුරුසියේ උන්වහන්සේ සිටියා. ජීවිතය මෙහෙම ගත කරන්න පුළුවන්. උත්තරීතර වන්න පුළුවන් කියලයි ජේසුස් වහන්සේ අපිට කිව්වේ.
මිනිස්සු දැන් තීන්දුව ගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපි කොයි පැත්තටද යා යුත්තෙ. විනාශයේ මාවතටද? සදාකාලික ජීවිතයේ මාර්ගයටද? විනාශයේ මාර්ගය තමයි අපිට ඕන තරම් කාලාබීලා ජොලි කරලා ජීවත්වන මාර්ගය. අපි අදහන ආගමට කරන පරිත්‍යාගයක් කරනවා නම් මට ඕන දේ ආත්මාර්ථකාමීව කරනවා නම් මරණය දකිනවා. ඒ නිසා අපට පුළුවන් ජීවත් වෙවී මරණයක් දකින්න.
ශිරාන් රණසිංහ

COMMENTS