යා පනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාරු මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් ...
යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාරු මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී අද (25) උදෑසන සොයාගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික ජනතා පෙරමුනේ සභාකයෙකු වූ 37 හැවිරිදි ඉලංගනාදන් සෙන්දුරන් නැමත්තා බවට හඳුනාගෙන ඇත.
ඔහු ඊයේ (24 ) දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කොට ඇති අතර පසුව පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී අතුරුදහන් පුද්ගලයාගේ යතුරුපැදිය, ජංගම දුරකතනය හා හැඳුනුපත් ආදිය මයිලන්තෙයි මුහුදු වෙරල ආසන්නයේ පිහිටි සුසාන භූමිය ආසන්නයෙන් සොයාගනු ලැබීය.
අනතුරුව අද උදෑසන ප්‍රදේශවාසියෙකු විසින් මුහුදේ පාවෙමින් තිබූ එම පුද්ගලයාගේ මළ සිරුර දක ඒ බව පොලීසිය දැනුම් දී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන යාමෙන් පසුව ඥාතීන් විසින් අතුරුදහහන් පුද්ගලයා බවට හඳුනා ගෙන ඇත.
මිය ගිය පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඝාතනයක් බවට පරික්ෂණ සිදු කරන වැල්වැටිතුරේයි පොලීසිය සැක පල කොට සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS