දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආර්ථිකය ඇද වැටෙන්නේ මෙම රජයේ වැඩ නිසා.. යහපාලන අපේ කාලයේ ආර්ථිකය ඔසවා තැබුවා - මංගල
Homeප්‍රවෘත්ති

ආර්ථිකය ඇද වැටෙන්නේ මෙම රජයේ වැඩ නිසා.. යහපාලන අපේ කාලයේ ආර්ථිකය ඔසවා තැබුවා - මංගල

PropellerAds

හි ටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාව...

සජිත් ඇමතිකම දරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින් ! - වාර්තාව බාර දෙයි
ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි
කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක් !
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා සිය සුපුරුදු දේශපාලන බල ක්‍රීඩාවේ තවත් පියවරක් ඉදිරියට තබමින් අප්‍රේල් 18 දිනයේ බේගල් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත.
එකම කාරණය සම්බන්ධයෙන් නැවත නැවත මාගේ පැරණි මිත්‍රයාට මතක් කර දීමට සිදුවීම අතිශය වේදනාකාරී වුවත්, අප රටේ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකා කරන මේ බල උමතු දේශපාලනයේ ප්‍රතිඵල ඊට වඩා ඛේදනීය සාපරාධයක් වන නිසාම මේ පිළිබඳ නැවත සිහි කැඳවන්නට කල්පනා කළෙමි.

මීට වර්ෂයකට පෙර එනම් 2019 අප්‍රේල් 21 දා මිනීමරු පාස්කු ප්‍රහාරය සිදුවූ දින මෙවැනිම නිර්ලජ්ජිත අයුරින් එවකට විපක්ෂනායක වූ මහින්ද රාජපක්ෂ මහතා පාස්කු මලමීනී මතින් දේශපාලනය කිරීමට ගත් උත්සාහය පිළිබඳව මම නැවත සිහිපත් කළ යුතු නැතැයි සිතමි.

එම නිවේදනය හරහා මහින්ද රාජපක්ෂ මහතා හුවා දැක්වීමට උත්සාහ දරා ඇත්තේ, ලංකාවට මේ කොරෝනා වසංගතයට මුහුණ දීමට සිදුවූයේ දරුණු ආර්ථික කඩාවැටීමක් තිබූ අවස්ථාවක බවත්, ඊට පැවැති යහපාලන ආණ්ඩුව වග කිව යුතු බව පුන පුනා ඒත්තු ගැන්වීමට ව්‍යර්ථ උත්සාහයක් දරා ඇත..

මහින්ද රාජපක්ෂ රජයේ කාලයේ ණය බර මත වැඩි වූ රාජ්‍ය වියදම් හේතුවෙන් පෙන්වූ ආර්ථික වර්ධන වේගයෙන් ජනතාවට ලැබූ ප්‍රතිලාභ ඉතා අල්පය.

එහෙත් මේ රටේ ආර්ථික දියුණුව වෙනුවෙන් යහපාලන රජය විසින් සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අයුරින් ඉටුකරන ලද ප්‍රධාන සංවර්ධන කටයුතු පිළිබඳව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

• යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව 2016 වසරේ මහා නියඟය හා 2017 වසරේ ඇති වූ මහා හංවතුර ව්‍යසන හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනයට 1 % ක පමණ පාඩුවක් සිදු විය.

• අවාසනාවකට 2018 දී රාජ්‍ය නායකයාගේ පෙළඹවීම මත සිදුවූ දින 52 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කළද එමගින් රාජ්‍ය මූල්‍ය හා ආර්ථික විනාශයක් ඇති කරන ලදී.

• 21 අප්‍රේල් 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා දියුණුවෙමින් පැවති සංචාරක කර්මාන්තයේ පසුබෑමක් ඇති විය.
• පක්ෂ දෙකක පාලනය පිළිබඳ රාජ්‍ය පාලනය – ආර්ථිකයේ ඉක්මන් ප්‍රකෘතිමත් වීම, කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩාල කළේය.

මිනිසා විසින් සාදන ලද සහ ස්වාභාවික විපත් මධ්‍යයේ වූ වද යහ පාලන රජය විසින් ජනතාවට දැනෙන ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභ අත්කර දීමට හැකිවිය.

1. 2014 අවසන් වන විට රටක් දළ දේශීය නිෂ්පාදිතයෙන් ලැබූ අවම ආදායම වන 10.5% ක් වූ රාජ්‍ය ආදායම අපේ රජය එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 13% ට වඩා ඉහළ නැංවීය. නිරපේක්ෂ වශයෙන් ගත් කල, ආදායම් මට්ටම් 2014 සමග සසඳන විට 2019 අවසන් වන විට දෙගුණයක් විය.

2. 2006 සිට රජයේ සේවකයින්ගේ මූලික වැටුප් සඳහා එක ශතයක්වත් එකතු නොකළ අතර 2015 සිට අපි වසර 5 ක් තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දෙගුණයක් කළෙමු.

3. අධිකරණය සහ පොලීසිය වැනි ඇතැම් අංශවල දීමනාවලට වැඩි යමක් එකතු කරන ලදී. විශ්‍රාමිකයන් 500,000 කට වැඩි පිරිසකගේ විශ්‍රාම වැටුප් දෙගුණයක් විය. විශ්‍රාමිකයින් 90,000 කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසෙන 2020 ජනවාරි 1 වන දිනට නියමිත විශ්‍රාම වැටුප් වර්ධකය හා මාණ්ඩලික නිලධාරීන්ගේ වැඩිකරන ලද දීමනා මෙම රජය විසින් අවලංගු කරන ලදී.

4. 2015 වර්ෂයන් පසු – වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් මත රට පුරා ග්‍රාම නිලධාරි කොට්ඨාස 14000 කට අධික සංඛ්‍යාවක් සඳහා පුළුල් ලෙස බෙදා හරින ලද ගම්පෙරාලියා සැබෑ ජාතික සංවර්ධනයේ ප්‍රතිලාභ ගෙන දුන් වැඩ සටහන නවතා දමන ලදී.

5. ඒ වගේම ක්ෂණික සංවර්ධනයට අවශ්‍ය පෞද්ගලික ආයෝජනය දිරිමත්කරන ව්‍යවසායකත්ව සංස්කෘතිය ජනනය කිරීම සඳහා වූ පුළුල් පදනම් වැඩසටහන වන – ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව වැඩ සටහන ද අවලංගු කරන ලදි.

6. ඇ.ඩො. මිලියන 1500 ක පමණ ආයෝජන වියදම් සහිත මොරගහකන්ද-කළුගග ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී. මහවැයෙන් පසුව නිම කරන ලද විශාලතම සංවර්ධන වැඩසටහන මෙයයි.

7. හම්බන්තොට දක්වා මහා මාර්ගය සහ බෙලියත්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණ කරන ලදී. මහනුවරට අධිවේගී මාර්ගය අර්ධ වශයෙන් නිම කරන ලදී. බොහෝ ජල සැපයුම් යෝජනා ක්‍රම දිවයින පුරා නිම කරන ලදී.

8. සියලු ආකාරයේ යටිතල පහසුකම් වැඩසටහන් සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කිරීමත් සමඟ, උතුරු හා නැගෙනහිර වසර 5 ක් තුළ සැබෑ ඒකාග්‍රතාවය කර ගනිමින් ප්‍රධාන ධාරාවට පිවිසියේය. ඉතා පුළුල් නාගරික සංවර්ධන වැඩසටහනක් දිඝුකාලීන දැක්මකින් ක්‍රියාත්මක කරන ලදී. සෞඛ්‍ය හා අධ්‍යාපනය ජාතික අයවැය වියදම් සෑම වසරකම වැඩි කරන ලදී.

ශ්‍රී ලංකාව ඉහත සඳහන් අභියෝග මධ්‍යයේ වූවද 2017, 2018 සහ 2019 දී යහපාලන රජය අවසන් වන තෙක් සිය මූල්‍ය ගිණුම්වල ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර ඇත. මෙය 1954-55 න් පසු දශක හයක් තුළ රට අත්දුටු සාර්ථක ආර්ථික කළමනාකරණයේ ප්‍රගතිය පෙන්නුම්කරන වාර්තාවකි.

මෙයට අමතරව රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සෑම රටක් සමඟම හිතකර ජාත්‍යන්තර සබඳතා වැඩසටහනක් පවත්වා ගෙන ගියේ රටේ සෑම කෙනෙකුටම ප්‍රතිලාභ ලබා දෙමිනි. 2014 වන විට ශ්‍රී ලංකාව පිළිබඳව පැවති වැරදි ජාත්‍යන්තර මතයේ කලු පැල්ලම 2015 සිට වසර පහක් තුළ සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන ලද අතර එතැන් සිට මානව හිමිකම් හෝ දේශපාලන කටයුතු සම්බන්ධ කිසිදු කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානියක් සිදුව නොමැත. ඒවායින් බොහොමයක් 2015 ට පෙර දෛනිකව ප්‍රචලිත වූ බව නොරහසකි.

රාජපක්ෂ රජය විසින් රට ආර්ථිඅක වශයෙන් අගාඩයට ඇද දමමින් 2019 දෙසැම්බරයේ දී පරිපාලනමය වශයෙන් බලපැවැත්වෙන කිසිදු දුර දැක්මක් නොමැතිව බදු කප්පාදුව කළේය. එමගින් රාජ්‍ය මූල්‍ය ව්‍යාධියක් ඇති කර ඇති අතර එය ඉදිරි වසර ගණනාව තුළ සෘණාත්මක ප්‍රතිවිපාක ගෙන එනු ඇත.

බලයට පත්වී මාස දෙකක් යන්නටත් පෙර, ශ්‍රී ලංකාව ආදායම් කළමනාකරණය, සංචිත සහ ණය කළමනාකරණය සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බැවින් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රේණිය පහත හෙලනු ලැබීය.

මේ වන විට ලෝක වෙලඳ පොලේ බොර තෙල් මිල සෘණ අගයක් ගන්නා තරමට අඩුවී ඇත අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මා විසින් හඳුන්වාදෙන ලද තෙල් මිල සුත්‍රය අනුව නම් ඉන්ධන මිල 50 % ට වඩා වැඩි අහයකින් අඩු කිරීමට තිබූ අවස්ථාව මෙම රජය කොල්ල කැවේය.

එමෙන්ම ප්‍රගතියක් නැති ආර්ථික ක්‍රියාකාරිත්වයේ අඩුපාඩු වසංකරමිනි මිලියන් ගණනින් මුදල් අච්චු ගැසීමේ විපාකයක් ලෙස රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ ණය බරතාවයද බෙහෙවින් වැඩි වී ඇත. එනිසාම ණය ගෙවීමට කල් දෙනමෙන් හා සහන දෙනමෙන් ආණ්ඩුවේ නායකයන් ජාත්‍යන්තරයට බැගෑපත්වෙමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනිසියුලාව හා ආර්ජන්ටීනවේ තතවයට පත්කරමිනි. ණය ආපසු ගෙවීම කල්දමන මෙන් ණය දෙන ආයතනවලට අයැදීමට සිදුවිය.

2019 නොවැම්බර් 17 සිට අයවැයක් නොමැත; අතුරු සම්මත ගිණුම 2020 අපේ‍්‍රල් 30 වන දින දක්වා බලපැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව අනුමත අයවැයක් නොමැතිව ප‍්‍රශ්නයට ලක්වනු ඇත.

අපේ රටේ මිනිස් ජීවිත විනාශ කළ, හානි කළ, අවදානමේ හෙළූ සියලු විපත්තිදායක අවස්ථාවක්ම සිය බල දේශපාලනයට ආශිර්වාදයක් කර ගැනීම රාජපක්ෂ දේශපාලනය යැයි ලංකා දේශපාලන ඉතිහාසය තුළ ලියැවෙනු ඇත. එතරම්ම රාජපක්ෂ දේශපාලනය මේ රටේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳ නොතකන, අවදානමේ හෙළන, විනාශ කරන බල උමතු ක්‍රියාදාමයක් වී හමාරය.

එදා සුනාමි ඛේදවාචකය, එල්ටීටීඊයට එරෙහි යුද්ධය, පාස්කු ප්‍රහාරය මේ සෑම අවස්ථාවක්ම රාජපක්ෂ දේශපාලයේ කැතකම මැනවින් ප්‍රදර්ශනය කළ කුප්‍රකට අවස්ථා කිහිපයක් පමණි. දැන් කොරෝනා වෛරස් වසංගතය ද ඒ යදම් වැලේ තවත් එක් පුරුකක් කර ගැනීමට ඔබතුමා හඳහන් බලමින් සිටින බව පැහැදිලිය. ඒ වෙනුවෙන් ඔබතුමාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද පළමු ලියවිල්ල ඊට කදිම සාක්ෂියකි.

ඔබතුමා මේ රටේ ජනාධිපති ධූරයේ බලය හොබවමින් වසර 10කට ආසන්න කාලයක් පුරාවට ලංකාවේ ආර්ථිකයට කරන ලද බරපතල විනාශය පිළිබඳව මතක ඇති කාට වුවද මේ වචන සම්බන්ධයෙන් අතිශය ජුගුප්සාජනක හැඟීමක් නිතැතින්ම හැඟෙනු ඇත.

මන්ද වසර දහයක් තිස්සේ රාජපක්ෂ ආණ්ඩුව ගත්තු මහා ණය කන්දරාව, කුප්‍රකට කොමිස් කුට්ටි සංවර්ධනය, අසාර්ථක ජනප්‍රිය ව්‍යාපෘති, ග්‍රීක් බැඳුම්කර ගනුදෙනු, ඥාති හිතමිතුරු සංග්‍රහයන් විසින් 2015 වන විට මේ රටට ඉතිරි කර තිබුණේ අධිසත්කාර ඒකකයක් තුළ පණ අදිමින් තිබූ ආර්ථිකයක් පමණි. එසේ පණ අදිමින් තිබූ ආර්ථිකයට පණ දෙන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළා පමණක් නොව සාමාන්‍ය තත්ත්වයේ රෝගියකු මට්ටම දක්වා වර්ධනය කරන්නට ද හැකි වූ බව මම කිහිප වතාවක් කියා ඇති මුත් නැවතත් සිහපත් කරමි.

එය ඉතා පහසුවෙන් හෝ සරලව ගතයුතු නැත. ඒ වෙනුවෙන් ලංකා ඉතිහාසයේ ලොකුම ණය වාරිකය පවා අපට ගෙවන්නට සිදුවිණා. ඒ ඔබතුමා ඇතුළු ආණ්ඩුව විසින් කොමිස් කුට්ටි සංවර්ධනය වෙනුවෙන් ඉහළ පොලී අනුපාතිකයන් හරහා ගන්නා ලද මහ ණය කන්දරාවෙන් මේ රට නිදහස් කරගැනීම වෙනුවෙනි.

තවත් එක් කරුණක් සිහිපත් කරන්නේ නම්, 2005 ඔබතුමා පළමුවරට මේ රටේ ජනාධිපතිවරයා වී ආණ්ඩුව පිහිටුවන විට ලංකාවේ ඒක පුද්ගල ණය බර රුපියල් 113,131ක්ව තිබූ නමුත් ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාවේ ප්‍රතිඵලයක් විදිහට, 2015 ඔබතුමා පරජය වී ආණ්ඩුව අපට භාර දෙන අවස්ථාව වන විට එය 355,708 දක්වා ඉහළ අගයකට ඔසවා තබන්න කටයුතු කර තිබුණා.

එවැනි අසීරු පහත අඩියටම ඇඳ දමා තිබූ ආර්ථිකය ක්‍රමයෙන් අප ආණ්ඩුව විසින් ගොඩනැගුවේ, ඔබතුමා සිදුකළාක් මෙන් අසාර්ථක ජනප්‍රිය ව්‍යාපෘති හරහා නම් නොවේ. කිසිදු දේශපාලන වාසියක් නොබලා රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප දෙගුණ කිරීම, බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා රට පුරා විසිරී සිටින ව්‍යවසායකත්වයන් වර්ධනයට පියවර ගැනීම, ගම්පෙරළිය, ග්‍රාමශක්ති වැනි ව්‍යාපෘති හරහා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතී දහස් ගණනක් ක්‍රියාත්මක කිරිම, මොරගහ කන්ද වැනි මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරිම වැනි කටයුතු කරන අතරේ අප රටේ රාජ්‍ය ආදායම දෙගුණ කර ගනිමින්, රාජපක්ෂ ආණ්ඩුව අපට ඉතිරි කර තිබූ ණය බරින් රට නිදහස් කරගැනීමට ද කටයුතු කරමිනි.

එසේ ගොඩනගමින් තිබූ ආර්ථික ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය සහ ඊට පසු විපක්ෂය විසින් රටතුළ නිර්මාණය කරන ලද ජාතිවාදීන් හා ආගම්වාදීන් උසිගැන්වීමේ අන්තවාදී දේශපාලන වාතාවරණය හමුවේ යම් පසුබෑමකට ලක් වූ බව කිව යුතුය. නමුත් එකී අසීරු තත්ත්වයෙන් පවා රටේ ආර්ථිකය විනාශ වීමට ඉඩ නොදී සුරක්ෂිත කරගන්නා ගමන්ම, ඔබතුමා විසින් මේ රටට දායාද කළ මහා ණය කන්දරාව වෙනුවෙන් ඉදිරි වර්ෂයට අදාළ ණය වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ඉතිරිකර තැබීමට ද අප කටයුතු කළෙමු.

එවන් පසුබිමක 2019 අග ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔබතුමා අගමැති ධූරය හොබවන භාරකාර ආණ්ඩුව විසින් ගන්නා ලද අතිශය ජනප්‍රිය නමුත් අදූරදර්ශී දේශපාලන තීන්දු තීරණ හමුවේ මෙරට ආර්ථිකය ඔබතුමා සඳහන් කර ඇති පරිදි දරුණු කඩාවැටීමට මග විවර කළ බව කිව යුතුය. අප ආණ්ඩුව විසින් එතෙක් සිදුකරගෙන ආ සෑම ජනතා සහන ලබාදීමක් ම ජනප්‍රිය බදුසහන කප්පාදුවට මුවාවී කප්පාදු කර දැමුවේ අප නොව මුදල් ඇමතිවරයා වන ඔබතුමා , අගමැතිධූරය දරණ ආණ්ඩුව විසිනි.

2019 දෙසැම්බර් මාසයේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වෙලා තිබූ වටපිටාවක ලංකාවේ ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් කිසිදු හැඟීමකින් කටයුතු කළේ නැති අතර පසුගිය ජනවාරි 27 වෙනිදා ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා හඳුනා ගත්තත් ආණ්ඩුව රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලක් යොමු කළේ නැත.

කොරෝනා වසංගතය ආරම්භයේ සිට මේ රටේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සැලසුම් සහගත සාර්ථක වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට මේ ආණ්ඩුවට ඕනෑවටත් වඩා කල් තිබූ බව අකමැත්තෙන් වුවද ඔබතුමාට මතක් දීමට සිදුව ඇත.

මේ වසංගතයෙන් රට ආරක්ෂා කර ගන්න මේ ආණ්ඩුවට පැහැදිලි උවමනාවක් තිබුණෙ නෑ වගේම ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ සියලු බර යොදා තිබුණේ කෙසේ හෝ මහ මැතිවරණය පවත්වා බලය තහවරු කරගැනීම වෙනුවෙනි.

කෙසේ නමුත් ආණ්ඩුවේ නොසැලකිමත්කම හෝ දැනුවත්ව සිදුකළ ඇතැම් ක්‍රියාමාර්ග නිසාම ක්‍රමයෙන් කොරෝනා වසංගතය ලංකාව ඇතුළෙ ව්‍යාප්ත වෙමින් තිබිය දී, ආණ්ඩුවේ බල දේශපාලන වුවමනාව වෙනුවෙන් අස්වැසිල්ලක් බවට පත් කරගත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ (2)(ඇ) අනුව්‍යවස්ථාව සමඟ කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වැනි ව්‍යවස්ථාව බව කිව යුතුය. මෙතරම් ඛේදවාචතයක් රට හමුවේ පෙනි පෙනී තිබිය දී පවා ඔබතුමා ඇතුළු ආණ්ඩුවට අවශ්‍ය වූයේ මේ වසරේ සැප්තැම්බර් දක්වා බලපැවැත්වෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමටය.

තමන් විසින් නිර්මාණය කරගත් අර්බුදයට අස්වැසිල්ලට තිබුණේ ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවෙන මුදල් බලතල පිළිබඳ විධිවිධාන පමණක් බව ඔබතුමා විසින් පෙන්වා දීම හාස්‍යජනක බව කිව යුතුය. මන්ද අතළඟ තිබූ වසංගතයක් පෙනි පෙනී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රටේ අවශ්‍යතාවයක් මත හෝ දේශපාලන අර්බුදයක් නිසා නොව හුදෙක් ඔබතුමා ඇතුළු රාජපක්ෂවරුන්ගේ දේශපාලන බල වුවමනාව මත පමණක් වන නිසාය.

කෙසේ වුවත් ඔබතුමාගේ අස්වැසිල්ලේ වගන්තිය ඉතාම සීමාසහිත කාලයකට බව සිහිපත් වීම හෝ ඉන් තවදුරටත් ඉදිරියට යා නොහැකි වටපිටාවක් ඔබතුමා ඇතුළු ආණ්ඩුව විසින් නිර්මාණය කර මේ තත්ත්වය හමුවේ, “සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු නීතිමය ප්‍රතිපාදන නොසළකා හැරිය නොහැක” යැයි අගමැතිවරයා වන ඔබතුමා විසින් පැවසීම මෙරට දේශපාලනයේ අශික්ෂිතම ප්‍රකාශයක් බව සඳහන් කරමි.

මෙම ප්‍රකාශයේ ඇත්ත අරුත ‘මිනිස් ජීවිත අවධානමේ දමා හෝ තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවන බව‘ පැවසීමකි. ඔබතුමාගේ නිර්ලජ්ජිත දේශපාලන ස්වභාවය සනාථ කළ එකී ප්‍රකාශය සහමුලින් ප්‍රතික්ෂේප කරමි.

කෙසේ නමුත් මේ රටේ සමස්ත පුරවැසියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම මොහොතක එක්ව කටයුතු කිරීමට හෝ වෙන්ව සහයෝගය ලබාදීමට අප විපක්ෂයක් ලෙස සුදානමින් සිටින බව අප පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ද මීට පෙර අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කර ඇත. මම නැවතත් එය මෙසේ සිහිපත් කරමි.

ඔබතුමා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන බල උමතුවට අප කිසිසේත් සහයෝගය ලබා නොදෙන නමුත් කොරෝනා වසංගතයෙන් රට නිදහස් කරගැනීම වෙනුවෙන්, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කළයුතු සියලු කටයුතු සාර්ථකව අවසන් කිරීම දක්වා සහාය ලබාදීමට අප සුදානම්ය.

– මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආර්ථිකය ඇද වැටෙන්නේ මෙම රජයේ වැඩ නිසා.. යහපාලන අපේ කාලයේ ආර්ථිකය ඔසවා තැබුවා - මංගල
ආර්ථිකය ඇද වැටෙන්නේ මෙම රජයේ වැඩ නිසා.. යහපාලන අපේ කාලයේ ආර්ථිකය ඔසවා තැබුවා - මංගල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3cTRj7ozoR47hL9UGiUj_MNlDiQOUDnLFL1gVPMi7aV4X6ec9owV4TbWtzMTua4S24toLdBvKY5J0thro3DmZVDzk1MJi_xt4yq-4MMsf4aRhf1sJp3O-a_g81lEQmNszrcjiKta7MOl9/s320/mangala-samaraweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3cTRj7ozoR47hL9UGiUj_MNlDiQOUDnLFL1gVPMi7aV4X6ec9owV4TbWtzMTua4S24toLdBvKY5J0thro3DmZVDzk1MJi_xt4yq-4MMsf4aRhf1sJp3O-a_g81lEQmNszrcjiKta7MOl9/s72-c/mangala-samaraweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_592.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_592.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy