දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් ඇමතිකම දරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින් ! - වාර්තාව බාර දෙයි
Homeප්‍රවෘත්ති

සජිත් ඇමතිකම දරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින් ! - වාර්තාව බාර දෙයි

PropellerAds

2016 – 2019 යන කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන11ක මුල්‍ය වංචාවක් සිදුව තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විම...

ඇමැති රිෂාඩ්ට බැසිල්ට අධිකරණයෙන් නොතීසි
එඩ්වඩ් කුමරු පිළිගැනීමේ ලිපිය ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්
බෙල්ලන්විල විමලරතන හිමියන්ට ඇතා පහර දුන් හැටි ඇත්ගොව්වා කියයි (VIDEO)
2016 – 2019 යන කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන11ක මුල්‍ය වංචාවක් සිදුව තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යයන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව මගින් පෙන්වා දී ඇත.

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු ඇමතිවරයා ලෙස කමිටුවක් පත්කළ අතර පිටු 142කින් සමන්විත එම කමිටු වාර්තාව ඊයේ අගමැතිවරයා භාර දෙනු ලැබීය.

එම කමිටු වාර්තාව අනුව.

ඒ අනුව,

• නියමිත අනුමැතියකින් තොරව තැන්පත් ආපසු ගැනීමේ හා තැන්පත් පොළීය ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2608ද

• නිත්‍යානුකුල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන වැඩසහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් ද,

• සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී සිදුවූ අලාභය ලෙස රුපියල් මිලියන 48 ක් ද,

• පුරාවිද්‍යා  භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 2266 ක් ද,
•  අපේ ගම ව්‍යාපෘතියේ දේපල පැවරීමේ දී සිදුවූ අලාභය රුපියල් මිලියන 08ක් ද,
• විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රධාන ලෙස ලබාදුන් රුපියල් මිලියන 2316ක් ද,
• බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක් ද වශයෙන් රුපියල් මිලියන 11059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව කමිටුව අනාවරණය කර ගෙන තිබේ.

සිදුව ඇති මුල්‍යමය අක්‍රමිකතා සහ අවභාවිතයන් මෙන්ම පරිපාලන අක්‍රමිකතා වෙනුවෙන් අදාළ පාර්ශවයන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

එසේම මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ඇති ඩොලර් ගිණුමෙන් ද නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ස්ථාවර ගිණුමෙන් රුපියල් මිලියන 400ක් කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇත.

මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදල ජංගම ගිණුම් 25ක් අරඹා ඇති අතර, මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනිම්, විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ සහ  ගෙවීමේ පටිපාටියෙන් බැහැර මුදල් ගෙවිම් සඳහා පසුව ලේඛන සකස් කර ඇති බවත් කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.

2019 වර්ෂය පුරා කළ අවිධිමත් වියදම් සඳහා අනුමැතිය ලබාගැනීමට ඉකුත් නොවැම්බර් මස 15 වෙනි දින අධ්‍යක්ෂක මණ්ඩලයක් කැඳවා ඇත. එයට සාමාජිකයින් 5 ක් සහභාගි වී ඇති නමුත් සහභාගි නොවූ අන් සාමාජිකයින්ගේද අත්සන් ලබාගෙන ඇත. මෙම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ නිත්‍යානුකුලභාවය  පිළිබඳව ගැටලු ඇතැයි සඳහන් කරන කමිටුව සාමාජික අත්සන් තහවුරු කරගැනීම සුදුසු බවද අවධාරණය කර ඇත.

-mawratanews


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් ඇමතිකම දරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින් ! - වාර්තාව බාර දෙයි
සජිත් ඇමතිකම දරද්දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11ක් මිසින් ! - වාර්තාව බාර දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6Q0_mt-r0zqYCsDHF-tJnInjykrznMa4vTrSyvgufMRyG6h6I-2-WgBq8aMvmrGL2TesrHQhJ7YIv4kkfmOJkmffoJQ_ve5O7abWNI19NlktSUnfcjT2qDHxquKvwgol9JX05i4VkRng/s320/sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6Q0_mt-r0zqYCsDHF-tJnInjykrznMa4vTrSyvgufMRyG6h6I-2-WgBq8aMvmrGL2TesrHQhJ7YIv4kkfmOJkmffoJQ_ve5O7abWNI19NlktSUnfcjT2qDHxquKvwgol9JX05i4VkRng/s72-c/sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy