කා රණා කිහිපයක් හේතුවෙන් මූලික කර ගනිමින් තමන් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. කොරෝනා වස...
කාරණා කිහිපයක් හේතුවෙන් මූලික කර ගනිමින් තමන් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත පවා අවධානය දමමින් සේවය කරන හෙද නිලධාරීන් වෙනුවෙන් අවම පහසුකම්වත් ලබානොදීම, තම සේවය අවතක්සේරු කිරීම, දීමනා කප්පාදු යන කරුණු මූලික කර ගනිමින් මෙසේ විරෝධය දක්වන බව ඔවුන් සඳහන් කරයි.
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් පෙන්වා දෙන්නේ එළඹෙන 7 වනදාට පෙර තම ගැටලු විසඳා නොදුනහොත් සියලුම හෙද හෙදියන් කොරෝනා ප්‍රතිකාර වාට්ටුවවලින් ඉවත් වීමට කටයුතු කරන බවයි.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ තමන්ගේ සාධාරණ අවශ්‍යතාවයන් 05 වන දිනට පෙර ලබා නොදෙන්නේ නම් 6 වන සදුදා සිට රට පුරා රෝහල් හා සියලුම සෞඛ්‍ය ආයතන තුළ සේවයෙන් ඉවත් වන බවය.

COMMENTS