දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?
Homeප්‍රවෘත්ති

සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?

PropellerAds

කොහොම වෙතත් වීරතුංග මහත්තයා මගේ පරණ යාළුවා. මං නම් හිතන්නෙ ඕක අගමැති තුමාගෙ කුමන්ත්‍රනයක්. එකත් එකටම ශාන් වික්‍රමසිංහ උන්නැහේ වෙලාව බලලා ...

කෝරෝනා ආසාධිතයාගේ පුතා ආනන්ද විදුහලේ කියා විදුහල ඉදිරියේ නොසන්සුන්
නිරෝධානයේ සිටි අයෙකුට කොරෝනා..? රෝහල් ගත කරයි.. සෝමාවතියේ අයෙක්ද සැක සහිතයි
චීනයේ සිට එන මගීන්ට කිසිදු නිරෝධායනයක් නෑ, ඒ ඇයි ? - විජිත
සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?

කොහොම වෙතත් වීරතුංග මහත්තයා මගේ පරණ යාළුවා. මං නම් හිතන්නෙ ඕක අගමැති තුමාගෙ කුමන්ත්‍රනයක්. එකත් එකටම ශාන් වික්‍රමසිංහ උන්නැහේ වෙලාව බලලා වීරතුංග මහත්තයට කෙලලා ඇරියා. ඕවයි විස්තර වැඩිය ලියන්න ඕන්නෑ. උඩ බලාගෙන කෙල ගහන්නෙ මක්කටෙයි. ඇතුලට දැම්ම දාට පස්සෙන්දම මං කොළඹ ගියා උන්නැහෙ බලන්න. යස අගේට මං යද්දි චයිනීස් කකා හිටියෙ. දවසෙ තුන්වේලම බොරැල්ලෙ චයිනීස් එහෙකින් එවන බව උන්නැහෙ මට කිව්වා. වෙනදට වඩා නිවී හැනහිල්ලෙ සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා. මං එන්න පිටත් වෙද්දි වීරතුංග උන්නැහෙ මට කණට කරලා කිව්වා ‘අපේ ගෙදර ගිහිල්ලා මගේ වයිෆ්ව හම්බවෙලා මම ගාන ජෙල් එක ඉල්ලගෙන කා අත හරි එවන්න. පියදාම මුදලාලි එන්න කරදර වෙන්න ඕන්නැහැයි කියල. මාත් ඉතිං කිව්ව විලාසෙටම සුගතදාස නෝනා හම්බවෙලා ජෙල් එක ඉල්ලගෙන මගේ ඩ්‍රයිවර් අත බන්ධනාගාර රෝහලට පිටක් කලා. ඔය වගේ සුළු උදව්වක්වත් කරන්න බැරිනං අපි මිනිස්සුයැ. ඊට දවස් දෙක තුනකට පස්සෙ අපේ මුණුබුරාත් අල්ලගෙන  සිල්රෙද්දේ ආනිසංස ගැන මගේ විග්‍රහය ලිව්වත් ඒක දාන්න බලද්දි දෙන්නම ඇප පිට නිදහස් වෙලා. පස්සෙන් පහු මං ඒක අල්ලලා දාන්නෙයි කියල මුණුබුරාට කිව්වා. 

කොහොම වෙතත් දැන් දැන් රටේ ලෝකෙ සිද්ධවෙන දේවල් දැක්කහම කට පත්ත පියාගෙන ඉන්න බෑ. අලුත්ම එක තමයි ‘රොහින්ගයා වසංගතය' සුද්දන්ට ඇඳුම් මහන, සුද්දන්ගෙ දත් ගලවන මාතර මංගල, කළුතර රාජිත වගේ ජාතියක් ජම්මයක් නැති ඇමතිවරු රොහින්ගයාලට පක්ෂව කතා කළත්, බුදුන් දැක ගන්න බුද්ධගයා ගිය අපිට අලුතින් මනුස්සකම කියල දෙන්ඩ ඕනෙද? ඔය රොහින්ග්‍යා කියල මොකුන් අපේ දහම් දිවයිනට රිංගනවද කවුද දන්නෙ. ඒ බව ඉව වැටිච්ච අපේ විරු හාමුදුරුවරු තමයි ගල්කිස්සට වැඩම කරල රට ජාතිය වෙනුවෙන් තමන්ගෙ කාහල නාදය දක්වා වදාලෙ. අක්මීමන දයාරත්නල වගේ විරු හාමුදුරුවරු තමයි නූතන කුඩාපොළ හාමුදුරුවරු  වෙන්නෙ. එදා කුඩාපොළ හාමුදුරුවන්ගෙ ඇස්. මහින්ද හිමියන්ගෙ තිබිච්ච රටට දැයට සමයට කකියන ලේම තමයි අද ඔය ගලගොඩඅත්තේ ඤාණසාර, අක්මීමණ දයාරත්න, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කඩ සුදන්ත වගේ විරු හාමුදුරුවරුන්ගෙ තියෙන්නෙ. එදා සිවුර අත්හැරලා සතුරන්ව කැති ගාන්න රණ බිමට ගිය හාමුදුරුවරුන්ම තමයි මේ අය ආදර්ශෙට ගන්නෙත්. අපි සතුරන්ව කැති ගාලා හරි බුද්ධාගම ආරක්ෂා කරන බව දන්න නිසා තමයි එදා ධර්මාශෝක අධිරාජ්‍යා තමන්ගෙ පුතා අතේ බුද්ධාගම ලංකාවට එව්වෙ. අපිට භාර දුන්න ඒ යුතුකම අවුරුදු 2000ක් ගියත් ආරක්ෂා කරන ජාතියක් තමයි සිංහල ජාතිය කිය්නෙ. ආගම වෙනුවෙන් මරා ගන්න පුළුවන් මුස්ලිම් එවුන්ට විතරක් නෙමෙයි බෞද්ධ අපටත් පුළුවන් කියන එක ලෝකය හමුවේ අපි ඔප්පුකර දැක්විය යුතු වෙනවා. 

මියන්මාරයේ 969 සංවිධානයේ විරතු වගේ විරු හාමුදුරුවරු මුස්ලිම් ගම් බිම් වලට පැනලා මුස්ලිම් එවුන්ව කැති ගාලා පණ පිටින් පුච්චලා බුද්ධාගමේ මතු අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරද්දි හැබෑ බුද්ධාගමිකයන් වන ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයා අත් දෙක බැඳගෙන නිහඬව බලා සිටීම බුද්ධාගමට කරන නිගාවක් නොවේද? තේරවාදී බුදුදහමේ මූලස්ථානය වන ශ්‍රී ලංකාද්වීපයේ වැසියන් වන අප මියන්මාරයේ 969 වැනි සංවිධාන සමග බුද්ධාගමේ චිරස්ථිතිය උදෙසා කරට කර සටන් වැදී සිටින ඔවුන් හා අත් බැඳගත යුතු වෙනවා. නැත්නම් බෞද්ධයන් වශයෙන් අපි අපේ යුතුකම පැහැර හැරියා වෙනවා. 
දැන් බලන්න අවුන් සා සුකී මැතිණිය. දැන් ඒ මැතිණියටම තේරෙනවා ඇති අපේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මලයා නොහොත් හිටපු ජනාධිපති තුමා නන්දිකඩාල් කළපුවේ කළ ජයග්‍රහණය කොතරම් සාධාරණ එකක්ද කියල. ත්‍රස්තවාදීන් සමූළ ඝාතනය කර රටේ බහුමික අඛණ්ඩතාවය රැකිය යුතුයි කියන එක දැන් එතුමියට තේරෙනවා ඇති. ඉස්සර එතුමියත් අපේ පර්සි මලයට කෝචොක් දැම්මා බටහිරයෝ එක්ක එක්කහුවෙලා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි කියලා. දැන් තේරෙනවා නේද නෝනෙ අපේ පර්සි මලයා, පොඩි හිච්චා (ගෝඨාභය රාජපක්ෂ) ලොකු හිච්චා ( බැසිල් රාජපක්ෂ) පහුගිය අවුරුදු දහයක කරපු දේවල් ගැන. ඔය මනුස්ස අයිතිවාසිකම් වගේ ඒවා බලයට එන්න පාවිච්චි කරන මෙවලම් මිසක්කා දිගින් දිගටම ඒවායේ එල්ලිලා ඉන්න ඕන් නෑ. මට හරිම සතුටක් දැනෙන්නෙ සුකී නෝනගෙ ක්‍රියාකළාපය ගැන. මැද මුලන අපි දැන් තනිවෙලා නෑ කියලා සහනදායී හැඟීමක් තමයි දැන් මට තියෙන්නෙ. 

මේක තමයි වෙලාව ගලගොඩඅත්තෙ ඤාණසාර හාමුදුරුවො ඇතුළු රටට දැයට සමයට හිතැති සියළුම හිමිවරු මියන්මාරයට යවලා විරතු හාමුදුරුවො එක්ක ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්න. හැබැයි මතක ඇතුව ලංකාවෙ වොයිස්කට් මාධ්‍යවේදීන් කීපදෙනෙක්වත් යැව්වෙ නැත්තන් ඒක හරි අඩුවක්. මේ වෙලාවෙ අපි අවුන් සා සුකී මැතිණිය ලංකාවට කැඳවල අස්ගිරි මල්වතු මහා නාහිමි දෙපොළත් එක්ක  ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ ඉදන් විශේෂ ප්‍රකාශයක් කරලා එයාට දුන්න නොබෙල් තෑග්ග ස්වීඩනයේ හරි නෝර්වේ හරි තානාපතියන්ව කැඳවලා ඔවුන්ට නැවත භාරදෙන එක. ඒ උත්සවේ සංවිධානය අපේ දේශ හිතෛශී සංවිධානයට භාර දෙන්න පුළුවන්. සිංහල කතනය විමල් වීරවංශටත් ඉංග්‍රීසි කතනය ගෝමීන් දයාසිරිටත් බාර දුන්නා නම් කට්ටිය එක්කහුවෙලා ඇට්ටි හැලෙන ගේමක් දෙයි. ඕවා මං දාන ඒවා නෙමෙයි මුණුබුරා දානඒවා. මං දන්නෙ කුරුම්බැට්ටි විතරයි. 

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ ජාතියක් ජන්මයක් නැති ඇමතිවරු කොච්චර කෑගැහුවත් අපේ ශ්‍රී සංඝරත්නයට හෝ ඔවුන්ගේ මයිල්ගස් වහන්සේලාට කිසිදු හිරිහැරයක් උපද්‍රවයක් නොකරනු කියාය. පාඨලී චම්පික රණවක කරුණාරත්න පරණවිතාන වැනි රට දැය සමයට හිතැති ගැමි උගත් පරපුරේ නියෝජනයන් කැබිනෙට්ටුව තුල හිදිනා තාක් එය එසේ නොවන බව සහ සුද්දෙන්ම දන්නා නිසා මේ ලිපිය මෙයින් නිම කරමි.

පෙර සටහන්

 

‘අසූ නමේ වීරවංශ අතුරුදන් වුනානම් අද රට ජාතිය ආගම වල පල්ලෙ '

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?
සිංහල බෞද්ධ අපිට ‘බුද්ධගයා' මිසක් 'රොහින්ගයා' මක්කටෙයි ?
http://ift.tt/2xNbEXb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_110.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_110.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy