දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ" - ජවිපෙ
Homeප්‍රවෘත්ති

"පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ" - ජවිපෙ

PropellerAds

ජ්‍යොතිෂ්‍යකරුවන් අනාවැකි කියන්නාක් මෙන් වගකීම් විරහිත ප්‍රකාශ සිදුකර ජනතාව නොමග යැවූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය වහාම ඇමතිධ...

CID Plan
ශිෂ්‍ය සංගමය කැළණි සරසවියේ කැමරා පද්ධතියම කුඩු පට්ටම් කරයි.. විප්ලයවක් ජයගත්තා කියා වාර්තා කරයි
හරීන් බදුල්ල අතහැර ජාතික ලයිස්තුවට පනී !
ජ්‍යොතිෂ්‍යකරුවන් අනාවැකි කියන්නාක් මෙන් වගකීම් විරහිත ප්‍රකාශ සිදුකර ජනතාව නොමග යැවූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මය වහාම ඇමතිධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා ප්‍රකාශ කළේ අප්‍රේල් 19 වැනිදා වනවිට රටතුළ සිටින සියලු ආසාදිතයන් හඳුනා ගන්නා බවයි. ඊට අමතරව ඒ වනවිට හඳුනාගෙන සිටි රෝගීන් ද සුවවන බවත් ඒ අනුව අප්‍රේල් 19 වැනිදා වනවිට ශ්‍රී ලංකාව කොරෝනා අවදානමෙන් ගැලවුණු රටක් වන බවත් ඇමතිවරිය ප්‍රකාශ කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ ඇමතිවරියගේ මෙම ප්‍රකාශය, ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ අරමුණින් සිදුකළ වගකීම් විරහිත ප්‍රකාශයක් බවයි.

19 වැනිදා සිට මේ දක්වා දිනපතා නව ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමු වී ඇති බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා පවසන්නේ වගකීම් විරහිතව කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යවරිව වහාම සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බවයි.

ආණ්ඩුවට අවශ්‍යව තිබෙන්නේ ජනතාව බිල්ලට දී හෝ මහ මැතිවරණය පවත්වා සිය බලය තහවුරු කර ගැනීමට බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා පවසන්නේ ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීම වෙනුවෙන් ඇඳිරි නීතියද ලිහිල් කිරීමට කටයුතු කළ බවයි. එහෙත් තත්වය නැවතත් දරුණු වීම හේතුවෙන් නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට සිදු වූ බව ද ජවිපෙ ලේකම්වරයා පෙන්වා දෙයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා,

"පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු ජනතාවට සාධාරණය ඉෂ්ඨකරන්න තවමත් ආණ්ඩුව සමත්වී නැහැ. එනිසා සාධාරණය ඉටුකරගැනීම සඳහා ඔවුන් කරන අරගලය සමඟ අපේ පක්‍ෂය හැමවිටම ඉන්න බවට සහතික වෙනවා. 20 දින රැස්වුණු මැතිවරණ කොමිසම ජූනි 20වැනිදාට මැතිවරණ දිනය තීරණය කරලා තිබෙනවා. මේ තීරණය ගෙන තිබෙන්නෙත් ඒ මොහොතේදී හැකියාව තිබුණොත් පවත්වනවා කියන පදනමින්. මැයි මාසයේ අගට මැතිවරණය පවත්වන්නත් ආණ්ඩුව දිගින්දිගටම උත්සාහ කරමින් තිබියදීත් කොරෝනා තත්වය නිසා ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳව මූලික අවධානය යොමුකරමින් ජූනි මාසයේ 20 දක්වා ඡන්දය කල්තැබීම පිළිබඳව මැතිවරණ කොමිසමට අපගේ ස්තුතිය, ප්‍රණාමය පුදකරනවා. ආණ්ඩුව බලය වෙනුවෙන් ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරද්දී මැතිවරණ කොමිසම ගත් මේ තීරණය ඉතාමත්ම වැදගත්. මීට කලිනුත් අප්‍රේල් මාසයේ 25 ඡන්දය තියන්න බැහැ කියලා තීරණය කළේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසම ඒ තීරණය නොගෙන අප්‍රේල් 25වැනිදා ඡන්දය පවත්වන්න ඉදිරිපත් වුණා නම් අපේ රටේ තත්වය කොහොම තියේවිද? ආණ්ඩුව ජනතාව පිළිබඳව වගකීමක් නොදරන තත්වය තුළ මැතිවරණ කොමිසම ජනතාව පිළිබඳ වගකීම ගැනීම සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ ස්තූතිය පුදකළ යුතුව තිබෙනවා. "

"ආණ්ඩුව දැන් ගලේ පහරපු බළලෙකුගේ තත්වයට පත්වෙලා. මැතිවරණ කොමිසමේ තීන්දුව ප්‍රතික්‍ෂේප කරන්නත් පිළිගන්නත් බැරි තත්වයට පත්වෙලා. පහුගිය සති කිහිපයක් තිස්සේම ආණ්ඩුව දැවැන්ත උත්සාහයක් දැරුවේ මැයි මාසයේ අගට ඡන්දය පවත්වන්න. තමන් අතට බලය ගැනීම ආණ්ඩුවේ එකම අරමුණවී තිබුණා. එහෙම සැලසුමක් නොතිබුණා කියලා ආණ්ඩුවට කියන්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වටේ ඉන්න සමහර අය ප්‍රශස්ති කියන්න පටන්ගෙන, එතුමා බොහොම දුරදකිනා කෙනෙක්, කොරෝනා තත්වය පාලනය කළා වගේ කාර්යක්‍ෂම පාලනයක් ගෙනයාමේ හැකියාවක් තියෙන කෙනෙක් බවට. නමුත් ඔහු දුර දැකීමේ හැකියාව තියෙන කෙනෙක් නෙවයි. ජනාධිපතිවරණයෙන් පස්සේ ඔහු හැමදාම කල්පනා කළේ ඉක්මනින් මහ මැතිවරණය පවත්වා බලය අත්පත් කරගැනීමට විතරයි. කෙසේ හෝ බලය වර්ධනය කරගන්න කල්පනා කරනවා හැර ජනතාවගේ පැත්තෙන් කිසිසේත්ම බැලුවේ නැහැ. අප්‍රේල් මාසයේ 20 වන තුරුම ආණ්ඩුවට තිබුණේ කොරෝනා පරදන න්‍යාය පත්‍රයක් නෙවෙයි, ඡන්දය පවත්වන න්‍යාය පත්‍රයක්. මෙය පැහැදිලි කරන්න සාක්‍ෂි ගණනාවක් ආණ්ඩුව පැත්තෙන් පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණා. නමුත් ආගමික නායකයන්ගේ, වෘත්තීය සමිතිවල, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ, සහ මැතිවරණ කොමිසමේත්, ජනතාවගේත් බලපෑම් සැලකිල්ලට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මැතිවරණය කල්තබා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව සැලසුම් කර තිබුණු පරිදි මැයි 28වැනිදා ඡන්දය පවත්වන්න බැරිවුණා. "

"මැයි අග ඡන්දය පැවැත්වීට ආණ්ඩුව කෘතිම ලෙස වටපිටාව සකස් කරමින් හිටියා. ජනතාවට ඒ බව ඒත්තු ගැන්වීමේ ක්‍රියාමාර්ග පියවරින් පියවර අනුගමනය කළා. අර්බුදය කල් තියා දැකපු මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට මැයි මාසයේ අග මැතිවරණය පවත්වා ජූනි මාසයේ 2වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි තත්වයක් තිබෙන බව දැන්වූවා. ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා තීරණයක් ගන්න කිව්වා. ජනාධිපතිවරයා තත්වය තේරුම් ගන්නවා වෙනුවට මැතිවරණ කොමිසමට බලපෑම් සහගත ලිපියක්එවුවා.
“මැතිවරණ කොමිසම තමන්ගේ වගකීම ඉටුකරමින් ඡන්දය පවත්වන්න ක්‍රියා කරන ලෙස” දන්වලා තිබුණා. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන රත්නජීවන් හූල් මැතිතුමා යාපනයේදී මාධ්‍ය හමුවක් පත්වමින් මේ තත්වය පැහැදිළි කර තිබුණේ “මැතිවරණ කොමිසමේ අත අඹරා හෝ ඡන්දය දිනයක් ප්‍රකාශයට පත්කර ගන්න” උත්සාහ කරන බවයි. ඒ වගේම මැයි මාසයේ 11වැනිදා පාසැල් විවෘත කරන්න අප්‍රේල් 11වැනිදා තීන්දු කර තිබුණා. වෛද්‍ය ක්‍ෂේත්‍රයෙන් හෝ වෙනත් විද්‍යාත්මක කිසිම උපදේශයක් නැතිව මේ තීන්දුව අරගෙන තිබුණා. මැයි 11වැනිදා සිට පාසැල්වලට සිසු දරුවන්ට යන්න පුළුවන් නම් මැයි මාසයේ අග ඡන්දය තියන්න බැරි ඇයි කියන තර්කය ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කරමින් හිටියා. අපේ රටේ දරුවන්ගේ ජීවිත පවා අනතුරට පත් කරමින් ආණ්ඩුව මේ තීරණය අරන් තිබුණා. ඒ සමගම විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවලට මැයි 04වැනිදා කටයුතු පටන් ගෙන 11වැනිදා විවෘත කරන්න කියලත් දැනුම් දුන්නා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊට විරෝධය පළකළා. විශ්වවිද්‍යාල සහ පාසැල් කියන්නේ විවිධ තැන්වලින් පැමිණෙන අය එකතු වෙන තැන්. ඒ තැන්වලට කොරෝනා වැළදුන අය පවා පැමිණීමේ අනතුර තිබුණා. තමන්ගේ දේශපාලන සූදුව වෙනුවෙන් හයහතර නොදන්නා පාසැල් දරුවන්ගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දක්වා අනතුරේ හෙළන්න ආණ්ඩුව උත්සාහ කළා. "

"එයින් නතර නොවූ ආණ්ඩුව තමන්ට හිතවත් මාධ්‍ය යොදාගෙන රෝගය පාලනය කර ඇති බවට මත පළකරන්න පටන් ගත්තා. බොරු ප්‍රවෘත්ති මවන්න පටන් ගත්තා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මැතිතුමාට එක වෙලාවක කියන්න සිද්ධ වුණා, කොරෝනා පාලනය කළා මිසක් අවසන් කර නැති බව. සෞඛ්‍ය ඇමතිවරිය ජනමාධ්‍යයට කිව්වේ අප්‍රේල් 19දිනය වනවිට කොරෝනා වසංගතය අවසන් කරන බවයි. සමහර නාලිකාවල ජ්‍යොතිෂ්‍ය අනාවකි කියන අය වගේ ඇමතිවරිය වගකීම්විරහිතව මේ ප්‍රකාශය කළා. අප්‍රේල් 20වැනිදා මෙතෙක් අපේ රටේ එක දිනකදී හඳුනාගත් ඉහළම රෝගීන් සංඛ්‍යාව වන 33ක් හඳුනාගත්තා. පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ. මේ අය බලය වෙනුවෙන් මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අහිංසක ජනතාවගේ ජීවිතත් එක්ක. මීට කලිනුත් සෞඛ්‍ය ඇමතිවරිය දිනන්න පුළුවන් වෙලාවේ ඡන්දය පවත්වන්න ඕනෑ බව කිව්වා. මෙයින් නතර නොවූ ආණ්ඩුව 22වැනිදා ඉඳලා බරපතල ලෙස රෝගය ව්‍යාප්ත වූණ කලාපවලත් ඇඳිරි නීතිය ඉවත් කරන බව ප්‍රකාශ කර තිබුණා. 20වැනිදා රටේ අනෙකුත් ප්‍රදේශවල ඇඳිරි නීතිය දහවල් කාලයේ ඉවත් කර රාත්‍රී කාලයේ පැනවූවා. ඒ සමගම අධිවේගී මාර්ග විවෘත කරන බවට කාලසටහනකුත් ඉදිරිපත් කළා. ආණ්ඩුව ඇත්තටම ලැහැස්ති වුණේ 20වැනිදා ප්‍රචාරයක් දියත් කරලා 22වැනිදා සිට මුළු රටේම ඇඳිරි නීතිය ඉවත් කර මැතිවරණයට බහින්න. නමුත් 20වැනිදා රෝගීන් 32දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවීමත් එක්කම කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳීරි නීතිය 27 දක්වා දීර්ඝ කළ බව නිවේදනය කරන්න සිදුවුණා. මේ රෝගීන් හඳුනා ගන්න තව දවස් දෙක තුනක් ප්‍රමාද වුණා නම් මේ රෝගීන් සමාජයත් එක්ක මුසු වෙලා අපේ රට ඉතා බරපතල අනතුරකට ගොදුරු වෙනවා. ආණ්ඩුව කිසි සේත්ම ඒ ගැන හිතුවේ නැහැ. පවතින තත්වය කෙසේ හෝ කෘතීම ලෙස වෙනස්කර ඡන්දය තියන එක විතරයි ආණ්ඩුව කල්පනා කළේ. ඡන්දය වෙනුවෙන් බොරු තත්වයක් මවන්න ආණ්ඩුව උත්සාහ කළ බව මේ කරුණු අනුව අපි අවධානරණය කරනවා. මේ සියලු තත්වයන් සලකා බලලා මැතිවරණ කොමිසම ජූනි 20 දක්වා ඡන්දය දල් දැම්මා. ආරම්භයේ සිටම ආණ්ඩුවට මේ ප්‍රශ්නය පිළිබඳව කිසිම දැක්මක් තිබුණේ නැහැ. ජනාධිපතිවරයා මුල සිටම කිසිම දැක්මකින් කටයුතු කළේ නැහැ. "

"ලංකාවට මේ වෛරසය එන්න පුළුවන්කම තිබුණේ විශේෂයෙන් ගුවන්තොටුපොළ හරහා. නියමිත වෙලාවට ආණ්ඩුව ගුවන්තොටුපොළ පාලනය කර සෞඛ්‍යාරක්‍ෂක විධිවිධාන යෙදුවා නම් මේ අර්බුදය මේ තරම් පැතිරෙන්නේ නැහැ. ගුවන්තොටුපොළෙන් එන ටික දෙනෙක් නිරෝධානයනයට ලක්කර අනෙක් අය නිවාසවලට පිටත්කර යැව්වා. කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කණ්ඩායම් වශයෙන් හමුවෙන්නේ එහෙම ගෙවල්වලට පිටත්කර යැවූ අයගෙන් බෝ වුණු රෝගීන්. කොරෝනා වසංගතය පාලනය කිරීම ලෝකයේ ඉහළම තැනක ඉන්න බවට බොරු ප්‍රවෘත්ති හදලා ව්‍යසනයේ වාසියගන්න උත්සාහ කළාට වගකීමෙන් තොරව වැඩකරලා ව්‍යසනය සමාජගත කළේ ආණ්ඩුවයි. රට වහන්න ඕනෑ කියලා ඉල්ලීම් එනකොට ජනාධිපතිවරයා හිනා වෙමින් කිව්වේ කෙරෝනා රෝගීන් 28ක් හමු වුණාම රට වහන්න ඕනෑ නැහැ, යුද්ධ කාලේදී 5,000ක් මැරිලාවත් රට වැහුවේ නැහැ කියලා. යුද්ධය සහ කොරෝනා වෛරසය අතර වෙනසවත් තේරුම් නොගත් ජනාධිපතිවරයෙක්. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉතා බරපතල ලෙස මෙයට විරෝධය පළකරමින් මේ දෙක සමානව හිතන්න එපාකියලා අනතුරු ඇඟවූවා."

"චීනයෙන් වසංගතය ඇතිවෙලා ලෝකය පුරා පැතිරීයමින් තිබියදී තමයි මාර්තු 02වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වසුරුවා හරින්නේ. අගෝස්තු දක්වා නිල කාලය තිබියදී තමන්ට ඉඩ ලැබෙන පළවැනි මොහොතේදීම විසුරුවා හැරියේ වගකීම් විරහිතවයි. ඊට පස්සේ වුණත් රෝගීන් වැඩිවීම නිසා පුත්තලමට 18වැනිදා ඇඳිරි නීතිය පනවා 19වැනිදා ඉවත් කර නාම යෝජනා භාරගත්තා. වෛද්‍යවරුන් ඒ පිළිබඳවත් ප්‍රශ්න කළා. 19ැවනිදා නාමයෝජනා බාරගෙන 20වැනිදා ඉඳලා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළා. ඒ තරම් බරපතල තත්වයකට රට මුහුණපා තිබියදී තමයි 19වැනිදා නාමයෝජනා බාරගත්තේ. මැතිවරණය වෙනුවෙන් නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගුකර මේ අනතුරට රට නොහෙළා ඉන්න හොඳටම ඉඩ තිබුණා.
ජනාධිපතිවරයා ජාතිය අමතන වෙලාවෙත් සාර්ක් රටවල්වල රාජ්‍ය නායකයන් සමග කළ සාකච්ඡාවේදීත් කිව්වේ අප්‍රේල් 25 ඡන්දය පවත්වන බවයි. ඔහු දුර දැක්ක නායකයෙක් නොවෙයි. බලය සඳහා ඡන්දය පැවැත්වීම ගැන හිතපු නායකයෙක්. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමක් පිහිටුවා තිබුණු නිසා සියලු කරුණු සලකා බලා ඔවුන් ඡන්දය පැවැත්වීම කල්දැම්මා. අතීතයේදී වගේ ජනාධිපතිවරයා විසින් පත්කරන මැතිවරණ කොමසාරිස්වරයෙක් හිටියා නම් අද ඇතිවන තත්වය මොකක්ද? මැතිවරණයකට නොයා කොරෝනා වසංගතයේ අනතුරෙන් රට මුදවා ගන්න මැතිවරණ කොමිසමට හැකිවුණේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීමේ වාසිය නිසයි."

"ආණ්ඩුව දැන්වත් කළ යුත්තේ මැතිවරණය සිතියම කල්දාලා කොරා්නා පාලනය කර ජනතාවට සාමාන්‍ය තත්වයට පත්වීමේ අවස්ථාව සලසා දීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මුලු බර යොදා කොරෝනා පරදන නයාය පත්‍රය ක්‍රියාත්ම කළ යුතුයි. ඡන්ද න්‍යාය පත්‍රයට කොරෝන පරදන සටන අඩපණ කරනවා වෙනුවට කොරෝනා පරදන න්‍යාය පත්‍රය උඩට අරගෙන ඒ සඳහා එකතුකරගත හැකි සියලු බලවේග එක්කර ගැනීමයි කළ යුත්තේ. මේ සඳහා මූලික කාර්යභාරයන් දෙකක් ආණ්ඩුවට තිබෙනවා. කොරෝනා පැරදීම වගේම සාමාන්‍ය ජන ජීවිතය බිඳවැටුණු තත්වයෙන් ඔසවා තැබීමේ සහන ලබාදීම මූලික කාර්යභාරයන් දෙකයි. සහන ලබාදීම වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීමට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒ වෙනුවට 20වැනිදා පවා ආණ්ඩුව ක්‍රියා කළේ රට පුරා තැබෑරුම් විවෘත කරන්නයි. දවසකට පස්සේ ආපහු තීරණය කරන්නේ වහාම තැබෑරුම් වහන්න. මේ තීරණ ගන්නේ මොන සාධක මතද කියලා අපි කාටත් තේරෙන්නේ නැහැ. සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම නිලධාරී මහත්වරුන් දක්වා ජීවිතවලට එල්ල වන අනතුර නොතකා ආණ්ඩුව කටයුතු කරනවා."

"ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා මාස 3ක් ඇතුළත නැවත රැස්කළ යුතුයි. නමුත් ජූනි 20ැවැනිදා ඡන්දය පැවැත්වීමේ තත්වයක් තුළ ජූනි 02වැනිදාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. මේ නිසා ව්‍යවස්ථා අර්බුදයක් තිබෙන බව සමහරු කියනවා. ව්‍යවස්ථා අර්බුදයක් නැහැ. ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලිව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ ව්‍යවස්ථාව රකිනවා කියලා. දැන් ජනාධිපතිවරයාට තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව වැඩකිරීමයි. හදිසි තත්වයක් යටතේ නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. ඉන්පසු ඡන්දයක් පැවැත්වීමේ බලය පැවරී තිබෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකළ යුතුයි. ඔහුගේ උපදේශයකයන්ට මේ බව තේරෙන්නේ නැත්නම් කළ යුතු හොඳම දේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපනයක් ලබාගැනීමයි.
කොරෝනා ව්‍යසනය මේ මට්ටමින් පාලනය වෙලා තියෙන්නේ අපේ රටේ සෞඛ්‍ය අංශ ඇතුලු අනෙක් සියලුම කාර්යමණ්ඩලවල කැපකිරීම්වලට අමතරව සමකය ආශ්‍රිත රටවල මේ රෝගය පැතිරීයාමේ අඩුවක් පැවතීමයි. ඒක සොබාදහමින් ලැබුණු වාසියක්. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ සියලුම නිලධාරීන් සිදුකළ කැපකිරීම්වලට අපි අපේ ගෞරවය පුදකරනවා. ආණ්ඩුව රෝග වාහකයින් නිදහසේ සමාජයට මුදාහැරීමේ ක්‍රියාමාර්ගවල නියැලීමේ තත්වය වැළැක්වූයේ මැතිවරණ කොමිසමයි. සියලුම පීඩාවන් දරාගෙන තමන්ගේ ආර්ථිකය කඩාවැටෙමින් තිබියදී ඇඳිරිනීතිය තුළ කටයුතු කිරීමේදී ජනතාව විශාල අනුග්‍රහයක් ලබාදී තිබුණා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයලා, මහින්ද රාජපක්‍ෂ මහත්තයලා දිගටම කටයුතු කළේ රෝගය පාලනය වුණු බව පෙන්වා ඉක්මනින්ම පාර්ලිමේන්තුවක් හදා ගන්නයි. ජනතාවගේ විපත්වලින් පවා බලයට පාර කපාගත් මෙවැනි නායකයින් ගැන ඉතිහාසයේ අත්දැකීම් රැසක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය තමන්ගේ බලයට පාර කපාගත් හැටි, ජාතිවාදය වපුරපු හැටි අපි දැක්කා. ඡන්දය අස්සේ ආයෙත් පාස්කු ප්‍රහාරයේ චූදිතයෝ හොයන බව ප්‍රචාරය කරනවා. හැබැයි පාස්කු ප්‍රහාරයේ ඇත්ත චූදිතයන්ට වැටුප් ගෙවා නඩත්තු කළේ කවුද කියලා රාජපක්ෂලා බව රටම දන්නවා. බුද්ධි අංශවලින් ප්‍රහාරය ගැන ඇති තරම් තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරයට ඉඩදුන්න පළවැනි වගඋත්තරකරු බවට පත්වුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ගෝඨාභය කඳවුරේ ඉන්නවා. මහින්ද රාජපක්‍ෂලා හදාගත්තු සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන. පාස්කු ප්‍රහාරයට වගකීම් දරන්න ඕනෑ කට්ටිය ආණ්ඩු කරමින් හිටියත් ඒ ප්‍රහාරයේ විපතට පත්වූ අයට සාධාරණය ඉටු නොකර දැන් නැවතවරක් ඒ ප්‍රහාරය බලය සඳහා යොදාගන්න උත්සාහ කරනවා."

"ආණ්ඩුව බලය සඳහා යන්න කපාගත් පාරේ ඒ විදිහට යන්න බැරිවී මැතිවරණය කල්ගිය නිසා ජනතාවට කිසියම් අස්වැසිල්ලක් තිබෙනවා. කොරෝනා පාලනයට හැමෝම අවධානය යොමුකළ යුතුයි. අපි අපේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්වයන් ගැන තර්කානුකූලව හිතන්න. තේරුම් ගන්න. රාජපක්‍ෂ මහත්තයලාගේ පසුපස බැතිමතුන් වගේ යන එක නවත්වන්න. අන්ධ භක්තියෙන් යන ගමන නතර කරලා මොකක්ද වුණේ කියලා හොඳ වගේම නරකත් දකින්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තවත් මේ අය පසුපස යන්න, රැවටෙන්න, අන්ධ භක්තියෙන් ගමන් කරන්න එපා කියලයි. සිදුවී තිබෙන විපත තේරුම් ගෙන කටයුතු කරමු. මේ රටේ ජනතාවට ආරක්‍ෂාව, විනය, සදාචාරය සංස්කෘතිය තියෙන්න ඕනෑ. එවැනි යහපත් තත්වයකට රට වෙනස් කරන්න ඕනෑ. මේ සියල්ලට පළමුව අපි කොරෝනා පරද්දන්න ඕනෑ. ඒවෙනුවෙන් හැම දෙනාම එක්වී ඉදිරියටත් කැපකිරීම් කරමු. රාජපක්‍ෂ මහත්තයලාගෙන් වීරවංශලාගෙන් පඩි ගන්නා කණ්ඩායමක් මුහුණු පොතේ කුණුහරුප ලියන්න පටන් අරගෙන. ඔවුන්ගේ ඔවුන්ගේ දෙමාපියන්ටත් කරන්නේ අගෞරවයක්. මුහුණු පොතේ කුණුහරුප ලියන්නන් බවට අපේ රටේ ඉගෙන ගත්ත කණ්ඩායමක් පත්කර සිටීමම රාජපක්‍ෂවරුන්ගේ දේශපාලනයෙන් ජනතාවට ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා. රාජපක්ෂලාගේ දේශපාලනය අපේ රටේ ජනතාවට ගෞරවාන්විතව ජීවත් වීමේ අවස්ථාව දෙන්නේ නැහැ. දැන්වත් එම නොමග ගිය පිරිසට මනුෂ්‍යයෝ වගේ ජීවත් වීමේ අවස්ථාව තිබෙනවා. තම තමන්ගේ දෙමව්පියන්, පවුල්වල සාමාජිකයන් සියලු දෙනාටත් අගෞරව නොකර ඉන්න කල්පනා කරයි කියලා අපි විශ්වාස කරනවා."


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ" - ජවිපෙ
"පවිත්‍රා නෝනා සෞඛ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න ඕනෑ" - ජවිපෙ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1yJp8zbHAmhxpV4zsxuwZytxs9_dFa9oSn_0wU1uUHPlXyRmJsno-mOQ1n5rEA97njY3ZBSsBncRXsnwZpPT8TsPfAH4npmt9RjdLeLuCU_dsO93EjHRsDfDx7GqcSWTqfThfuGQvIUyk/s320/d76b8c8c6d37fb6c56d999350f22ba42_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1yJp8zbHAmhxpV4zsxuwZytxs9_dFa9oSn_0wU1uUHPlXyRmJsno-mOQ1n5rEA97njY3ZBSsBncRXsnwZpPT8TsPfAH4npmt9RjdLeLuCU_dsO93EjHRsDfDx7GqcSWTqfThfuGQvIUyk/s72-c/d76b8c8c6d37fb6c56d999350f22ba42_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_209.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_209.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy