දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CID Plan
Homeප්‍රවෘත්ති

CID Plan

PropellerAds

එ යාර් බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගත් බව අනාවරණය වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධ...

උතුරේ ස්ථාන දෙකකදී නීතිවිරෝධී මසුන් ඇල්ලූ මෙරට ධීවරයන් 22 ක් අත්අඩංගුවට
ශිරන්ති දේශපාලනයට : මල් පොහොට්ටුව රැගෙන ගමින් ගමට.
විජයදාසට එරෙහි විශ්වාසභංගයට අත්සන් 70 ක්‌.
යාර් බස් ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගත් බව අනාවරණය වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම සඳහා අවස්ථාව ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඇතුළු පිරිසක් විසින් සූදානම්ව සිට ඇති අතර නීතිපතිවරයාගේ මැදිහත්වීමෙන් එය වැළකී ඇති බව වාර්තා වේ.

එයාර් බස් සමාගමේ වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් එංගලන්තයේ අධිකරණයක පැවති නඩු විභාගයකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියාද 2013 වසරේදී අල්ලස් වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබුණේ පසුගිය වසරේදීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වුණු අතර කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිණි. ආණ්ඩු මාරුව සිදුවුණේ මේ අතරය.

මෙම වංචාවට අදාළව කපිල චන්ද්‍රසේන මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් බැංකු ගිණුම්වල විස්තර ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ඔවුන් දෙදෙනාට ගැළවීමක් නොමැති බව පැහැදිලි වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව් අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න මහතා ඔවුන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම ඉවත් කරවා දීමට සූදානම් වී ඇත.

මේ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින්ම නීතිපති දප්පුල ලිවේරා මහතාට දැනගන්නට ලැබී ඇති අතර ඒ මහතා වහාම ක්‍රියාත්මක වෙමින් තිලකරත්න මහතාට උපදෙස් ලබාදී ඇත්තේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ උත්සාහය නවතා දමා පැය 24ක් තුළ ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙසය. එහෙත් තිලකරත්න මහතා එම උපදෙස් නොසලකා හැර තිබේ.

ඉන් පසුව නීතිපතිවරයා මෙම සිද්ධිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 100%ක් නීතිය ක්‍රියාත්මක කරවන ලෙසය.

අවසානයේ කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත් අඩංගුවට පත්වූයේ ඒ ආකාරයෙන් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CID Plan
CID Plan
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAzdsy3_LZI-26sfDEkXWLhO1AA8ss-mtY_EhrNdPK7qsLKJ8GAEvozKw_SGH_QW-gv0-x-xpyHoV79HrRI8yRt3lDKpHKE-1nd3gzcNXcolR6SN3R6Pj6rweZSroisHkHTnwPoBLfluNi/s320/image_093f8a5541.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAzdsy3_LZI-26sfDEkXWLhO1AA8ss-mtY_EhrNdPK7qsLKJ8GAEvozKw_SGH_QW-gv0-x-xpyHoV79HrRI8yRt3lDKpHKE-1nd3gzcNXcolR6SN3R6Pj6rweZSroisHkHTnwPoBLfluNi/s72-c/image_093f8a5541.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/cid-plan.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/cid-plan.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy