මි න් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තු...
මින් ඉදිරියට කටුනායක ගුවන් තොටුපළින් මෙරටට එන සියලුම ගුවන් මගීන් අඩි විස්සක් දිගැති උමං මාර්ගයක් ඔස්සේ සම්පූර්ණයෙන් විෂබීජානුහරණය කර රට තුළට ගැනීමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා කියයි.
මෙමගින් කිසිදු මගියකු මග නොහැරෙන අතර, සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතය.
ගුවන් හමුදාවේ සහායෙන් මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇත.
ගුවන් තොටුපළ සේවකයන්ද ඇතුළු වන හා පිටවන තැන්වලදී විෂබීජානුහරණ කුටි ඔස්සේ විෂබීජහරණයට ලක් කිරීමටද කටයුතු යොදා ඇති බව පැවසේ.
(අරුණ)

COMMENTS