මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන යළිත් උතුරු පළාත් අණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිස...
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන යළිත් උතුරු පළාත් අණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරෙහි පී.බී. දිසානායක මහතා දිවුරුම් දුන් බව ය.
ඔහු ඊයේ දිවුරුම් දුන්නේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යි.
මේ අතර දැනට පුරප්පාඩුව පවතින ඌව පළාත් ආණ්ඩුකාර තනතුරට පුද්ගලයෙකු පත් කරන තෙක් දිසානායක මහතා එම පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බලනු ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.
COMMENTS