ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපළ ව...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , විවිධ රටවල ගුවන් තොටුපළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙක් අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් අතරින් 09 දෙනෙකු සිංගප්පූරු ගුවන් තොටුපළේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් වූ අතර , ඔවුන් ඊයේ දින රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එසේම අද දින අලුයම 1.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම ගුවන් තොටුපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
COMMENTS