අහුන්ගල්ල, ගාල්ල, අම්බලන්ගොඩ, බළපිටිය, කළුතර, හොරණ ආදී ප‍්‍රදේශයන්හි රාජ්‍ය හා පෞද්ගලික බැංකු, උකස් මධ්‍යස්ථානවලට පසුගිය සති දෙකක පමණ කාල...
අහුන්ගල්ල, ගාල්ල, අම්බලන්ගොඩ, බළපිටිය, කළුතර, හොරණ ආදී ප‍්‍රදේශයන්හි රාජ්‍ය හා පෞද්ගලික බැංකු, උකස් මධ්‍යස්ථානවලට පසුගිය සති දෙකක පමණ කාලය තුළ ඇදී ආ ජනතාවගෙන් කරන ලද කරුණු විමසීමකදී මේ බව තහවුරු විය. එසේම මේ සම්බන්ධයෙන් බැංකු හා උකස් මධ්‍යස්ථානවලින් ඉතා සූක්ෂම අන්දමින් කරන ලද කරුණු විමසීමකදීද මෙම තත්ත්වය අනාවරණය විය.
මෙසේ රන් භාණ්ඩ උකස් තැබූ විශාල පිරිස ප‍්‍රදේශයේ දුප්පත් ජනතාවය. බොහෝ විට මොවුන් එදිනෙදා කුලී වැඩ කර මුදල් උපයා ගන්නා ලද අය වෙති. අතමිට සරු පුද්ගලයන් අවුරුදු සැමරීම සඳහා රෙදි පිලි හා ආහාර ද්‍රව්‍ය ඉතා විශාල වශයෙන් මිළ දී ගනිද්දී ඔවුන් සමග කරට කර අවුරුදු සැමරීම සඳහා දුප්පත් ජනතාවද රන්භාණ්ඩ උකස් තබා මෙසේ මුදල් සොයා ගැනීමට පෙලඹී ඇත. ඔවුන් බොහොමයක් ප‍්‍රකාශ කළේ සිය දරුවන් සමාජයෙන් කොන් වීම වලක්වා ගැනීම සඳහා මෙසේ කරන්නට සිදු වූ බවයි. වත්මන් සමාජ ක‍්‍රමය අනුව තරුණ පිරිස් අඳින ඇඳුම් ඉතා වටිනා මිළ ගණන්වලින් යුත් බවත් ප‍්‍රදේශයේ අතමිට සරු දෙමාපියන්ගේ දරුවන් ඒවා අඳිද්දී තම දරුවන් වැරහිලි ඇන්දොත් ඔවුන් සමාජයෙන් කොන් වන නිසා රන් භාණ්ඩ උකස් තබා හෝ සිය දරුවන්ගේ අභිමානය රැකීමට සිදු වූ බව ඔවුන් ප‍්‍රකාශ කළේය.
සෑම වසරකම පාහේ මෙසේ අවුරුදු සැමරීම වෙනුවෙන් රන්භාණ්ඩ උකස් තැබීමට සිදුවන බවද අප කරුණු සොයා බැලූ අයගෙන් කිහිප දෙනෙකු ප‍්‍රකාශ කළේය. බොහෝ අවස්ථාවල ඒවා බේරා ගැනීමට නොහැකිව සින්න වූ බවද සිය දෙමාපියන්ගෙන් ලැබුණ රන්භාණ්ඩ මෙසේ වරින් වර උකස් තබා සින්න වීමට ඉඩ හැරීම ඛෙදවාචකයක් බවද ඔවුන් ප‍්‍රකාශ කළේය. මෙවර හාල් පොල් ආදි අත්‍යාවශ්‍ය ආහාර දව්‍යයද ඉතා විශාල වශයෙන් මිළ ඉහල ගොස් තිබෙන නිසා අපි අවුරුදු කනවාට වඩා අවුරුද්ද අපි කනවා යැයිද රන්භණ්ඩ උකස් තැබීම සදහා බැංකු හා උකස් මධ්‍යස්ථාන අසලට රැස් වූ පිරිස ප‍්‍රකාශ කළේය.
ජයකාන්ත ලියනගේ - බළපිටිය
COMMENTS