දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බොදු බල සේනාව විජේදාසට මුහුණට මුහුණ අභියෝග කරයි
Homeප්‍රවෘත්ති

බොදු බල සේනාව විජේදාසට මුහුණට මුහුණ අභියෝග කරයි

PropellerAds

පා ර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත්...

තෙබුවන පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීම ගැන ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය
එක්සත් ජනපදයේ තර්ජන හමුවේ ඉන්දියාව සහ රුසියාව මිසයිල ගනුදෙනුවකට අත්සන් තබති
විජයකලාට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙන් දින 14ක් ඇතුලත කරුණු දක්වන ලෙස දන්වමින් 2020 මාර්තු 2වන දින බොදු බල සේනා සංවිධානය විසින් ලිපියක් යොමු කරන ලදි.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කොමිසම ඉදිරියේ සඳහන් කරන ලද කරුණු තහවුරු කරගන්නා ලෙස ඉල්ලමින් සහ කොමිසම ඉදිරියේ අසත්‍ය සාක්ෂි ලබාදීම පිළිබඳව 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ද බොදු බල සේනා සංවිධානය විසින් ලිපියක් යොමු කරන ලදි.

එම ලිපි දෙක පහතින් දැක්වේ.
______________________________________________________________________

විජයදාස රාජපක්ෂ
අංක 17, විජයබා මාවත,
නාවල පාර,
රාජගිරිය.
2020/03/02

මහත්මයානෙණි,

ඔබ විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙනි.

ඔබ විසින් 2019 අප්රේෙල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි දෙමින් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කිරීම සදහා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානය සඳහා නොර්වේ රාජ්‍ය විසින් මුදල් හා මාර්ගෝපදේශන ලබා දුන් බවටත් එම තොරතුරු ඔබ විසින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ කළ සොයා බැලීමකදී අනාවරණය වූ බවටත් පවසා ඇති බවට අප හට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

ඉහත සඳහන් අභූත චෝදනාව බොදු බල සේනා සංවිධානය ආරම්භ කළ වකවානුවේ පටන් විවිධ අවස්ථාවන්හිදී විවිධ බලවේගයන් විසින් නගන ලද අතර ඒ පිළිබදව නොයෙක් අවස්ථාවන්හිදී අප සංවිධානය විසින් පිළිතුරු ද සපයා ඇත.

එමෙන්ම විද්‍යුත් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට “කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බව ද” ඔබ විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි දෙමින් පවසා ඇත.

මෙ අවස්ථාවේදී ද මහ මැතිවරණය අභිමුවේ ඔබ විසින් අවස්ථාවාදීව අසත්‍ය බව දනිමින්ම මෙම චෝදනාවන් නගා ඇති බව අප සංවිධානයට හැඟී යයි. ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදයක් ක්‍රියාත්මක වන බවටත් ඒ සඳහා විදේශ බලවේග හවුල් බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය විසින් මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇති කරගෙන එය ජාතිවාදී කෝළාහලයක් බවට වර්ධනය කිරීමට උත්සාහ කළ බවත් ඔබ විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි දෙමින් පැවසීම එකී ප්‍රහාරය එල්ල කරන ලද ඉස්ලාම් අන්තවාදී බලවේගයන් සාධාරණීයකරණය කිරීමක් ද වේ.

මෙවන් වගකීම් විරහිත හා අවස්ථාවාදී ප්‍රකාශ හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් බෞද්ධ අන්තවාදයකට එරෙහිව කරන ලද ප්‍රතිප්‍රහාර බවට සාධාරණීයකරණය වන අතර එමගින් මුස්ලිම් සමාජය තුළ සාධනීය වෙනස්කම් සිදු කිරීමට පවත්නා ඉඩ ප්‍රස්තා ද ඇහැරී යනු ඇත.
ඉහත අසත්‍ය සාක්ෂි ලබා දෙන ලද්දේ 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වැනි පිළිගත් නෛතික සභාවක් ඉදිරියෙහි හෙයින් මෙවන් ප්‍රකාශයන් අප සංවිධානයට කිසිසේත් සුළුවෙන් තැකිය නොහැක.

එබැවින් පහත ප්‍රශ්නයන්ට හුදු කරුණු දැක්වීමක් නොව නිශ්චිත පිළිතුරු හා සාක්ෂි දින 14ක් ඇතුළත ලබා දෙනු ඇතැයි බොදු බල සේනා සංවිධානය බලාපොරොත්තු වෙමු.

1. බෞද්ධ අන්තවාදය යනු කුමක් ද?
2. බුද්ධාගම තුළ අන්තවාදයට ඉඩක් පවතින්නේ ද?
3. එසේ පවතින්නේ නම් බුද්ධාගම තුළ අන්තවාදයට පවත්නා ඉඩ ප්‍රස්ථා මොනවා ද?
4. බෞද්ධ අන්තවාදයක් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වන්නේ ද?
5. බෞද්ධ අන්තවාදය ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වූ අවස්ථා මොනවා ද?
6. නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට කොපමණ මුදලක් ලබා දී තිඛෙන්නේ ද?
7. නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිඛෙන්නේ කවර දිනයන්හිදී ද?
8. නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිඛෙන්නේ කවර ආකාරයට ද?
9. නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් බැර වී ඇති ගිණුම් අංක හා අදාළ බැංකු මොනවාද?
10. නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය සෘජුව සම්බන්ධ වී තිඛෙන්නේ ද?
11. එසේ නම් නෝර්වේ රාජ්‍ය එසේ සෘජුව සම්බන්ධ වී ඇති ආකාරයන් මොනවා ද?
12. නොඑසේනම් නොර්වේ රාජ්‍ය විසින් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් මැදිහත් වී ඇත්තේ කවර පුද්ගලයන් සහ / හෝ ආයතනද?
13. බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සදහා සාකච්ඡා කිරීමට බොදු බල සේනාවේ කවර භික්ෂූන් වහන්සේලා නොර්වේ රාජ්‍යයට ගෙන්වා ගෙන ඇත්තේ ද?
14. එසේ ගෙන්වා ගත් දිනයන් කවරේද?
15. නොර්වේ රාජ්‍යයේදී එකී භික්ෂූන්ට බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සදහා ලබාදුන් මාර්ගෝපදේශණයන් මොනවාද?
16. එම මාර්ගෝපදේශනයන් ලබාදුන් පුද්ගලයන් සහ / හෝ ආයතන කවරේද?
17. එම මාර්ගෝපදේශණයන් ලබාදුන් දිනයන් කවරේද?
18. එම මාර්ගෝපදේශණයන් ලබාදුන් ස්ථානය හෝ ස්ථාන කවරේද?
19. මෙම තොරතුරු ලබා ගත්තේයැයි ඔබ විසින් පවසන ඔබ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යධුරය දැරූ වකවානුවේ කරනු ලැබූ සොයා බැලීමට අදාළ විමර්ශණ සටහන් සහ / හෝ ලිඛිත සාක්ෂි පවතින්නේ නම් එකී සටහන් සහ / හෝ ලිඛිත සාක්ෂි ඉහත කී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් කළ හැක්කේ ද?
20. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන දිනවලදී ද?
21. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන ආකාරයකින් ද?
22. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගත් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේද?
23. ඔබ පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගත් බවට නඩු පවරා ඇත්තේද ?
24. ඔබ පවසා ඇති ආකාරයට කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්යෙවරයා ලෙස මැදිහත්වී යෙදවූවේ කුමන ආරක්ෂක අංශයක්ද?

මහත්මයාණෙනි, ඉහත ප්‍රකාශයන්ට පිළිතුරු ජාතික වැදගත්කමක් ඇතැයි සළකා වගකීමෙන් යුතුව ලබා දෙනු ඇති බවටත් ඒ සම්බන්ධ යම් සාක්ෂි පවතින්නේ නම් හුදු ප්‍රකාශයන්ගෙන් බැහැරට ගොස් මෙරට ජනතාව හමුවේ හෝ නොඑසේනම් ඉහත කී ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ එකී සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව දැනුම් දෙමු.

අවසාන වශයෙන් ඔබ විසින් 2019 මැයි 21වන දින දිවයින පුවත්පතට කරනු ලැබූ පහත ප්‍රකාශය කෙරේ ඔබගේ අවධානය යොමු කර සිටිමු.

“උන්වහන්සේ කියපු මුස්ලිම් වහාබිවාදය අද ඇත්ත වෙලා තියනවා. මේ සිංහල බෞද්ධ රට වෙනුවෙන් හඩක් නගපු ඥානසාර හාමුදුරුවන් නිදහස් කරගන්න මම ඉදිරියේදී දැවැන්ත සටනක් කරනවා. තනියෙන් නෙමේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව සමගයි.”

ඔබ විසින් අධිකරණ අමාත්‍ය ධූරය දරන ලද්දේ 2015 ජනවාරි මස 12 වන දින සිට 2017 අගෝස්තු මස 23 දක්වා කාලයේ වන අතර බූද්ධ ශාසන අමාත්‍ය ධූරයේ ද ඔබ විසින් 2015 සැප්තැම්බර් මස 04 වන දින සිට 2017 අගෝස්තු මස 23වන දින දක්වා කටයුතු කරන ලදි. ඔබ විසින් ඉහත කී ජනාධිපති පරීක්ෂන කොමිෂන් සභාව හමුවේ දෙනු ලැබූ සාක්ෂිය අනුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයෙ හි ක්‍රියාකලාපය ගැන ඔබට අනාවරණය වී ඇත්තේ ඔබ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ධුරය දරන කාලයේ දීය. එවන් තත්වයක් යටතේ ඔබ පවසන පරිදි විදේශ බලවේග සමග එක්ව ශ්‍රී ලංකාව මහා වියවුලකට ඇද දැමීමට කටයුතු කරනු ලැබූ භික්ෂුන් වහන්සේ නමක් හිරභාරයෙන් නිදහස් කිරීමට ඉන් දෙවසරකට වඩා අඩු කාලයකදී එම භික්ෂුන් වහන්සේගේ කටයුතු දැන දැනම ඔබ විසින් අරගල කිරීම මේ රටේ ජනතාවට තේරුම් ගත නොහැක.

ඔබ විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් ඉහත දක්වා ඇති සාක්ෂි ඇතුළත් අගතිගාමී සාක්ෂි සියල්ලම අසත්‍ය බවත් එකී සාක්ෂි ප්‍රකාශිතවම ප්‍රතික්ෂේප කරනු ලබන බවත් මින් තවදුරටත් දැනුම් දෙමු.

ස්තූතියි,
මෙයට විශ්වාසී,

එරන්ද කේ නවරත්න.
මාධ්‍ය ලේකම් – බොදු බල සේනා
076 – 6880030

පිටපත්:
• ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.
• පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව.
• සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන.

_____________________________________________________________________

ලේකම් තුමා,
පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා
පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව,
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව
1 වෙනි මහල, බ්ලොක් අංක 5,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 5.
2020/02/03

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයන් පිළිබඳව විමර්ශනය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය සම්බන්ධයෙන් ලබාදුන් අසත්‍ය සාක්ෂි සම්බන්ධයෙනි.

මහත්මයානෙණි,

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි දෙමින් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදය ක්‍රියාත්මක කිරීම සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානය සඳහා නොර්වේ රාජ්‍යය විසින් මුදල් හා මාර්ගෝපදේශන ලබා දුන් බවටත් එම තොරතුරු ඔහු විසින් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ කළ සොයා බැලීමකදී අනාවරණය වූ බවටත් පවසා ඇති බවට අප හට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ දැන ගැනීමට ලැබුණි.

එමෙන්ම විද්‍යුත් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට “කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස තමාගේ මැදිහත්වීම මත ආරක්ෂක අංශ යොදවා එම තත්ත්වය මැඩ පැවැත්වීමට හැකිවූ බව ද” මන්ත්‍රීවරයා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී සාක්ෂි දෙමින් පවසා ඇත.

මහ මැතිවරණයක් පිළිබඳව කතිකාවක් සමාජය තුල ඇතිවී ඇති මොහොතක යම් යම් දේශපාලකයන් විසින් රටේත් ජනතාවගේත් මතු ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත්ම වැදගත්වූ මෙම කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දෙමින් සහ ඒවාට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය ලබා දෙමින් තම පුද්ගල නාමය පුම්බා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයක යෙදිමින් සිටින බව අප සංවිධානයට හැඟී යයි.

ශ්‍රී ලංකාව තුළ බෞද්ධ අන්තවාදයක් ක්‍රියාත්මක වන බවටත් ඒ සඳහා විදේශ බලවේග හවුල් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදුබල සේනා සංවිධානය විසින් මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇති කරගෙන එය ජාතිවාදී කෝළාහලයක් බවට වර්ධනය කිරීමට උත්සාහ කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියෙහි සාක්ෂි දෙමින් පැවසීම එකී ප්‍රහාරය එල්ල කරන ලද ඉස්ලාම් අන්තවාදී බලවේගයන් සාධාරණීයකරණය කිරීමක් ද වේ.

මෙවන් වගකීම් විරහිත හා අවස්ථාවාදී ප්‍රකාශ හේතුවෙන් ඉස්ලාම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් බෞද්ධ අන්තවාදයකට එරෙහිව කරන ලද ප්‍රතිප්‍රහාර බවට සාධාරණීයකරණය වන අතර එමගින් මුස්ලිම් සමාජය තුලින්ම යෝජනා වී ඇති එම සමාජය තුළ සාධනීය වෙනස්කම් සිදු කිරීමට පවත්නා ඉඩ ප්‍රස්ථා ද ඇහැරී යනු ඇත.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වැනි පිළිගත් නෛතික සභාවක් ඉදිරියෙහි සාක්ෂි ලබා දෙමින් සිදුකල මෙවන් අසත්‍ය ප්‍රකාශයන් අප සංවිධානයට කිසිසේත් සුළුවෙන් තැකිය නොහැක.
එබැවින් අදාළ මන්ත්‍රීවරයා නැවත මෙම කොමිෂන් සභාව ඉදිරියට කැඳවා පහත ප්‍රශ්නයන්ට හුදු කරුණු දැක්වීමක් නොව නිශ්චිත පිළිතුරු, සාක්ෂි සහ සිදුවීම්වලට අදාළ දින ලබා ගෙන ඔහු විසින් ලබාදුන් සාක්ෂියේ නිරවධ්‍යතාවය තහවුරු කරගන්නා ලෙස 2019 අප්‍රේල් මස 21වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් බොදු බල සේනා සංවිධානය ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

බෞද්ධ අන්තවාදය යනු කුමක් ද?
බුද්ධාගම තුළ අන්තවාදයට ඉඩක් පවතින්නේ ද?
එසේ පවතින්නේ නම් බුද්ධාගම තුළ අන්තවාදයට පවත්නා ඉඩ ප්‍රස්ථා මොනවා ද?
බෞද්ධ අන්තවාදයක් ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වන්නේ ද?
බෞද්ධ අන්තවාදය ශ්‍රී ලංකාවෙහි ක්‍රියාත්මක වූ අවස්ථා මොනවා ද?
නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට කොපමණ මුදලක් ලබා දී තිඛෙන්නේ ද?
නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිඛෙන්නේ කවර දිනයන්හිදී ද?
නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දී තිඛෙන්නේ කවර ආකාරයට ද
නොර්වේ රාජ්‍ය විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් බැර වී ඇති ගිණුම් අංක හා අදාළ බැංකු මොනවාද?
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය සෘජුව සම්බන්ධ වී තිඛෙන්නේ ද?
එසේ නම් නෝර්වේ රාජ්‍ය එසේ සෘජුව සම්බන්ධ වී ඇති ආකාරයන් මොනවා ද?
නොඑසේනම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රමුඛ බොදු බල සේනා සංවිධානයට ලබාදුන්නේය කියනු ලබන මුදල් ලබා දීමට නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් මැදිහත් වී ඇත්තේ කවර පුද්ගලයන් සහ / හෝ ආයතනද?
බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සදහා සාකච්ඡා කිරීමට බොදු බල සේනාවේ කවර භික්ෂූන් නොර්වේ රාජ්‍යයට ගෙන්වා ගෙන ඇත්තේ ද
එසේ ගෙන්වා ගත් දිනයන් කවරේද?
නොර්වේ රාජ්‍යයේදී එකී භික්ෂූන්ට බෞද්ධ අන්තවාදයට අදාළ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම සදහා ලබාදුන් මාර්ගෝපදේශණයන් මොනවාද?
එම මාර්ගෝපදේශනයන් ලබාදුන් පුද්ගලයන් සහ / හෝ ආයතන කවරේද?
එම මාර්ගෝපදේශණයන් ලබාදුන් දිනයන් කවරේද?
එම මාර්ගෝපදේශණයන් ලබාදුන් ස්ථානය හෝ ස්ථාන කවරේද?
මෙම තොරතුරු ලබා ගත්තේයැයි විජේදාස රාජපක්ෂ මහතා විසින් පවසන ඔහු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරූ වකවානුවේ කරනු ලැබූ සොයා බැලීමට අදාළ විමර්ශණ සටහන් සහ/හෝ ලිඛිත සාක්ෂි පවතින්නේ නම් එකී සටහන් සහ/හෝ ලිඛිත සාක්ෂි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඉදිරිපත් කළ හැක්කේ ද?
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන දිනවලදී ද?
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළේ කුමන ආකාරයකින් ද?
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගත් බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේද?
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති ආකාරයට, කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගත් බවට නඩු පවරා ඇත්තේද ?
විජයදාස රාජපක්ෂ මහතා පවසා ඇති ආකාරයට කුලියාපිටියේදී සහ කුරගල දී බොදුබල සේනාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මුස්ලිම් ජනතාව සමග ගැටුම් ඇතිකරගෙන ජාතිවාදී කෝලාහලයක් දක්වා එය වර්ධනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී අධිකරණ අමාත්‍යවරයා ලෙස මැදිහත්වී යෙදවූවේ කුමන ආරක්ෂක අංශයක්ද?

ස්තූතියි,
මෙයට විශ්වාසී

එරන්ද කේ නවරත්න.
මාධ්‍ය ලේකම් – බොදු බල සේනා

පිටපත්:
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මැතිතුමා.
සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බොදු බල සේනාව විජේදාසට මුහුණට මුහුණ අභියෝග කරයි
බොදු බල සේනාව විජේදාසට මුහුණට මුහුණ අභියෝග කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlXR90SpORyy5ff-4ht-497tdbefXEDMu4HnXlOXf-yonB3Es3peqg91Wy_S7Nebqx_AF2hDqr1obIbZ9uXMMhl7VxSEfW-jav1VYQRJV_2bL8IRaU7artfPUAbMFD2oN9EsDGplEXRwW1/s320/bbs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlXR90SpORyy5ff-4ht-497tdbefXEDMu4HnXlOXf-yonB3Es3peqg91Wy_S7Nebqx_AF2hDqr1obIbZ9uXMMhl7VxSEfW-jav1VYQRJV_2bL8IRaU7artfPUAbMFD2oN9EsDGplEXRwW1/s72-c/bbs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy