තෙබුවන පොලීසියට අනියුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් ස්ථානාධිපතිවරයා ඊට පසුදි...
තෙබුවන පොලීසියට අනියුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් ස්ථානාධිපතිවරයා ඊට පසුදින නිදහස් කිරීම පිළිබඳ විරෝධය පළකරමින් ටී 56 ගිනි අවියක් රැගෙන තෙබුවන මංසන්ධියට පැමිණ තම විරෝධය පල කලේය.
ඒ පසුගිය 3 වනදාය. පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගත් අතර එළඹෙන නම වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවනු ලැබීය.
එම පොලිස් සැරයන්වරයාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් තෙබුවන ප්‍රදේශවාසීන් තෙබුවන සහ කළුතර නගරවල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.
ඊයේ පෙරවරුවේ තෙබුවන නගරයේ සිට පාගමනින් පැමිණි ප්‍රදේශවාසීන් තෙබුවන පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය. මේ අතර තවත් ප්‍රදේශවාසීන් පිරිසක් කලුතර නගර මධ්‍යයේ සිට විරෝධතාව පළ කලේය.
තෙබුවන සිද්ධිය සම්බන්ධයෙන් රංඡිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් පළ කලේය.
"එක චෝදනාවක් තමයි අදාල වැලි ලොරියේ බලපත්‍රය සම්බන්ධව හා අනික් එක තමයි පොලිස් නිලධාරියා හැසිරැන ආකාරය. කාරණා දෙක සම්බන්ධව පරීක්ෂණ කරන්න පොලිස්පතිට උපදෙස් දීීලා තියෙනවා."

COMMENTS