දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මළ සිරුරු මතින් දේශපාලනය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ - කරූ පක්‍ෂ නායක හමුවේදී කියයි
Homeප්‍රවෘත්ති

මළ සිරුරු මතින් දේශපාලනය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ - කරූ පක්‍ෂ නායක හමුවේදී කියයි

PropellerAds

හි ටපු කතානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ප්‍රවෘත්ති නිවේදනය ඉතිහාසයේ දරුණුතම විනාශක...

වැලිකඩ බන්ධනාගාරයේ වහලට නැගි කාන්තා රැඳවියන් 10 ක් විරෝධතාවයක
යාපනය පුරා පොලිස් නිලධාරීන් සෝදිසි මෙහෙයුම්වල
"රටේ ණය බර අඩුකර ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් බවට පත් කරනවා" - අගමැති
හිටපු කතානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනය

ඉතිහාසයේ දරුණුතම විනාශකාරී අභියෝගයකට අප මාතෘභූමියත්, ජනතාවත් මුහුණදී ඇති මෙම අවස්ථාවේදී ආණ්ඩුව හා විපක්ෂය එකම පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ කටයුතු කළ යුතු බවද පසුගිය දිනවල දිගින් දිගටම ආගමික නායකයන්,
දේශපාලන පක්ෂ නියෝජිතයන්, සිවිල් සංවිධාන, ව්‍යපාරික ප්‍රජාව ඇතුළු අංශ ගණනාවක් මෙහි වැදගත්කම පෙන්වා දුන් බවද හිටපු කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

පළමු ශ්‍රී ලාංකික කොවිඩ් – 19 රෝගියා හඳුනාගත් අවස්ථාවේ මෙන්ම ඉන්පසුවත් තමා සියලු පක්ෂ කැඳවා සාකච්ජා කිරිමේ වැදගත්කම අවධාරණය කළේ එවන් වු ජාතික එකඟතාවයකින් පවතින තත්වයට මුහුණදෙනු මිස ජනතාවගේ මළ සිරුරු මතින් දේශපාලනය කිරිමට කිසිදු පාර්ශවයකට අයිතියක් නොමැත යන අදහසින් බවද කරු ජයසුරිය මහතා කියා සිටියි.

අග්‍රාමාත්‍යවරයා විසින් අරලියගහ මැදුරේදී සියලු පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කීරිම ඒ සඳහා වැදගත් ප්‍රවේශයක් වනු ඇති බවද කරු ජයසුරිය මහතා සඳහන් කරයි. මහජන නියෝජිතයන්ට මෙවන් අවස්ථාවකදී ස්වකීය ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කීරිමට ඇති යුතුකම හා අයිතිවාසික එවන් ප්‍රවේශයකින් තහවුරු වන බවද හිටපු කථානායකවරයා පෙන්වා දෙයි.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේදී විශේෂයෙන් මාතෘභූමියත් ජනතාවත් වෙනුවෙන් දිවි පරදුවට තබමින් කැපවන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්, ඇතුළු සියලු අංශවලට ගෞරව ප්‍රණාමය හිමිවිය යුතු යැ’යිද හිටපු කථානායකවරයා සඳහන් කළේය.

පක්ෂ නායක රැස්වීම වෙත කරු ජයසුරිය මහතා විසින් පහත සඳහන් කරුණු විශේෂයෙන් පෙන්වා දෙන ලදී.

1. දිනපතා වැඩිවන රෝගීන් සංඛ්‍යාව පාලනය කිරිම සඳහා මේ වන විට ගෙන ඇති සියළු ක්‍රියාමාර්ග පසු විපරම් කිරිම සහ ලෝක ආදර්ශ අනුව ගත හැකි නව ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කීරිම.

2. අතිශයින්ම සංවේදී මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා දෛනිකව උපයන ආදායමෙන් සිය දරු පවුල් නඩත්තු කරන මිලියන 08 කට ආසන්න ජනතාව කෙරෙහි අවධානය යොමුකර ඔවුනට සහන සැලසීම.(මෙවැනි පිරිස්වලට දියුණු රටවල් මේ වන විට දෛනික ආදායමට සමාන මූල්‍යාධාර ලබාදී ඇති නමුත් අප රටේ පවතින තත්වයට සාපේක්ෂ ලෙස අවම වශයෙන් ඔවුනට සහන ආහාර මල්ලක් ලබාදීම ගැන අවධානය යොමු කිරිම වැදගත්ය. මේ වන විටත් ත්‍රිරෝද රථ රියදුරන්, කම්කරුවන්, ලොතරැයි වෙලඳුන් හා වෙනත් සුළු ස්වයං රැකියාවල නිරත වන්නන් විශාල පීඩනයකට මුහුණදෙමින් සිටියි.)

3. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයද පෙන්වාදෙන පරිදි සම්පුර්ණයෙන්ම පිටුදැකීමට වසරක් ඉක්මවන කාලයක් ගතවිය හැකි මෙම වසංගත තත්වය හමුවේ සංවර්ධිත රටවල මෙන් නොව අඩු ආදායම් ලබන රටක් ලෙස අප රටේ ආර්ථිකයට එල්ල වන බලපෑම දිගු කලක් පැවතිය හැකි බැවින් පෞද්ගලික අංශයද විශාල දායකත්වයක් දරණ අපනයන, සංචාරක වැනි ක්ෂේත්‍ර රැකගැනීමට සැලස්මක් සකස් කීරිම.

4. මැතිවරණයකට වඩා ජනතාව ජීවත් කරවීම වැදගත් වන බව දැඩිව අවධාරණය කළ යුතුය. නමුත් මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදී ඇති බැවින් මීළඟ පියවර කුමක්ද යන්න පිළිබඳ සියලු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීය යුතු වේ.

සමගියෙන් හා අවබෝධයෙන් යුතුව එකම ජාතියක් ලෙස කැපවීම තුළින් ශ්‍රී ලංකාවට මෙම අභියෝගය සාර්ථකව ජය ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළ කරු ජයසුරිය මහතා සියලු පක්ෂයන්හි අදහස් විමසීම සඳහා වු සාකච්ඡාවක් කැඳවීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ඒ සඳහා සහභාගී වු සියලු පක්ෂ නියෝජිතයන්ටත් සිය කෘතඥතාවය පළ කර සිටියි.

– කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මළ සිරුරු මතින් දේශපාලනය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ - කරූ පක්‍ෂ නායක හමුවේදී කියයි
මළ සිරුරු මතින් දේශපාලනය කරන්න කිසිවෙකුට අයිතියක් නෑ - කරූ පක්‍ෂ නායක හමුවේදී කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOkIBwNu-w0hRtvSDsAgMk3TK6QiMhWrB5Nqq6OlBtGujjq4dnQ-c5XOLp2IM2mQceKyS8Y29J-ufdDiEK0o6OpWQY8tpPvAacFN0Y3IEeCArl9556wA_oVl1gS2T5YU_LcvuMVJItJDTk/s320/karu-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhOkIBwNu-w0hRtvSDsAgMk3TK6QiMhWrB5Nqq6OlBtGujjq4dnQ-c5XOLp2IM2mQceKyS8Y29J-ufdDiEK0o6OpWQY8tpPvAacFN0Y3IEeCArl9556wA_oVl1gS2T5YU_LcvuMVJItJDTk/s72-c/karu-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_895.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_895.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy