හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත්කර දැමිය යුතුද යන්න තීන්දු කිරීමට තීරණාත්මක තත්ත්වයකට...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත්කර දැමිය යුතුද යන්න තීන්දු කිරීමට තීරණාත්මක තත්ත්වයකට පැමිණ ඇති බව එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා කර ඇත. ශ්‍රීලනිප පක්ෂයේ ප්‍රධානියකුගේ නිවසේ දී ඊයේ දිනයේ පැවති හමුවකදී මේ ගැන දැඩි ව සාකච්ඡා කර ඇත.
හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද උකුසු ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග බරපතළ ලෙස මතගැටුම් ඇති වන තත්වයක් ඇතිව තිබෙන බවත් එය තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩිව බලපාන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.
මේ හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලිය තුල සිරිසේන මහතා නිහඬව සිටිය යුතු බවටත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට යෝජනා කිරීමටත් එම පිරිස තවදුරටත් සාකච්චා කර තිබේ.
එය නොතකා දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් වහා මධ්‍යම කාරක සභාව කැදවා ඔහුගේ පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතු බවද ඔවුන් දැඩිව තීන්දු කර ඇත.

COMMENTS