ර ජය විසින් මෑතක දී රජයේ සේවය සඳහා අළුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන් සදහා පුහුණුව ලබා දීම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියක් ගතව...
රජය විසින් මෑතක දී රජයේ සේවය සඳහා අළුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන් සදහා පුහුණුව ලබා දීම මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියක් ගතවන තුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසන් සභාව නියෝග කර ඇත. මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාටයි.
මෙම කටයුතු දේශපාලන ප්‍රවර්ධනයක් ආකාරයන් සිදුකරන බවට ලැබී ඇති පැමිණිලි මත මෙම තීරණය ගත් බවද සභාපතිවරයා සඳහන් කර ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය පවසන්නේ මාර්තු පළවෙනිදා සිට මෙම පත්වීම් ලබාදී ඇත්තේ ආණ්ඩු විසින් දැනදැනම මැතිවරණ ගුණ්ඩුවක් ලෙස යොදාගැනීමට බවය.
මෙම රැකියා ලබාදීම බාධාවකින් තොරව සිදු කිරීමට උවමනාවක් තිබුන නම් බඳවා ගැනීම් සදහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමත කරගෙන මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට ඕනෑ තරම් කාලයක් තිබූ බවද ඔවුන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් කිසිවක් අත්හිටුවන්න ඇති බවයි.

COMMENTS