අද (25) අළුයම මහනුවර ගාල්තැන්න කාලි අම්මාන් දේවාලයට කඩා වැදුණු සොර කල්ලියක් එහි සිටි දේවගැතිවරයා සහ ඔහුගේ සහායකටන් බැඳදමා රුපියල් කෝටි ගණනක...
කලක් මෙරට දේශපාලනඥයන්ගේ නොමද අනුග්‍රහය ලැබූ ගාල්තැන්න කාලි අම්මාන් දේවාලය සහ එහි දේවගැතිවරයා මෙරට දේශපාලනඥයන්, ප්‍රභූවරුන් පමණක් නොව මාධ්‍ය ආයතන පවා අල්ලේ නැටවීමට සමත් විය. විවිධ අවශ්‍යතාවයන් දෙවියන්ගෙන් ඉටුකර ගැනිමට එහි යන ඇතැම් බැතිමතුන් දේවාලය වෙත මුදල් පූජා කළේ මිලියන ගණනිනි. රත්රන් පූජා කළේ කිලෝ ගණනිනි.
මෙම දේවාලයට පූජා කිරීම සඳහා බැතිමතුන් විසින් රන් ආභරණ මිලදී ගත යුත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ රන් ආභරණ අලෙවි කරන එකම ආයතනයකින් පමණි. එම ආයතනයේ සහෝදර මාධ්‍ය ආයතනයකින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන කපුවා වන ගාමිණී ආනන්දට පසුගිය කාලයේදී පැය ගණන් විකාශන කාලය ලබා දුන්නේය.
මෙම දෙපාර්ශ්වය විසින් හරි හරියට සාමාන්‍ය ජනතාව, දේශපාලනඥයන්, ප්‍රභූන් රවටමින් මෙම රන් ජාවාරම කරගෙන ගියේය.
එකළ සිටි රාජ්‍ය නායකයන් පවා ඇන්දවීමට ගාමිණී ආනන්දට සහ කාලි අම්මාට හැකි වූ අතර වරෙක මාධ්‍ය ආයතනවල ද මෙහෙයවීම මත ලෝකයේ ලොකුම කිරිබත හැදුවේද කාලි අම්මාගේ සහ ගාමිණී ආනන්දගේ උපදෙස් මත අදාල රාජ්‍ය නායකයාගේ අපල දුරු කිරීම සඳහාය.
ගාමිණී ආනන්ද යන ඕනෑම තැනකට යන්නේ රත්රන් කිලෝ ගණනක් පොරවාගෙනය. ඔහු සතුව තිබෙන රන් සංචිතය අතිවිශාල ප්‍රමණකි.
රටේම මිනිසුන්ගේ, දේශපාලනඥයන්ගේ, ප්‍රභූන්ගේ වටේ සිටින ග්‍රහයන්, කුම්භාණ්ඩයන්, පෙරේතයන් දැකීමට තරම්, ඔවුන්ව හඳුනා ගැනීමට තරම්, ඔවුන්ව හඳුනාගෙන පළවා හැරීමට තරම් දිවැස් තිබෙන ගාමිණී ආනන්දට තමන්ගේ රත්රන් හා මුදල් සොරා ගැනීමට පැමිණෙන සොරුන් ගැන කලින් දැනගන්නට නොහැකි වී තිබේ.
දිව්‍ය අනුහසින්, දිව්‍ය වරමින් අනුන්ගේ ජීවිත ආරක්ෂා කරන, අනුන්ගේ වස්තුව ආරක්ෂා කරන ගාමිණී ආනන්දට තමන්ගේ වස්තුව සොරුන්ගෙන් ආරක්ෂා කරගන්නට නොහැකි වී තිබේ.
අවසානයේ දිවැස් තිබෙන, දිව්‍ය වරම් තිබෙන ගාමිණී ආනන්දට දැන් පිහිටට සිටින්නේ ශ්‍රී ලංකා පොලීසිය සහ CCTV කැමරා පමණි.
ගාමිණී ආනන්ද පසුපස ගිය අඥාන දේශපාලනඥයන්ට, ප්‍රභූන්ට, සාමාන්‍ය ජනතාව තේරුම් ගත යුත්තේ දේව වරම් තිබෙන ගාමිණී ආනන්දට වඩා CCTV කැමරාවලට තිබෙන දේව වරම බලවත් බවයි. ඒ බව තේරුම් ගත්තේ නම් අඩුම ගානේ ගාල්තැන්න හරහා සොරුන්ගේ පොකැට්ටුවට ගිය රන් ආභරණවල වටිනාකම හෝ ඉතිරි කරගන්නට තිබිණි.
-lankanewsweb
COMMENTS