ඉදිරි ජනාධිපතිවරු අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා තමන් කිසිම කොන්දේසියකට යටත් නොවන බව එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු ...
ඔහු මේ බව කියා සිටියේ අද අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප ජේෂ්ඨයන් පිරිසක් අතර පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
අගමැතිධූරය හා එජාප නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නේදැයි ඇමතිවරයාගෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට නම් පක්ෂයේ කිසිදු තනතුරක් වෙනස් නොකිරීම, බලය බෙදීම, ජනාධිපති වී මාස හයක් ඇතුළත එම ධුරය අහෝසි කිරීම යන ප්‍රධාන කොන්දේසි ඇතුළත් තවත් කොන්දේසි ගණනාවක් ඒ සඳහා ඉදිරිපත් වී තිබූ බව වාර්තා විය.
මෙම තත්ත්වය මත එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ඉදිරිපත් කර තිබූ කොන්දේසි එක්සත් ජාතික පක්‍ෂය විසින් සම්මත කර ගන්නා ලද ඒවා වීම මත මෙම තත්වය ඇතිව තිබේ.
COMMENTS