එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප උපනායක රවී කරුණානායක මහතා අතර හමුවක් අද (25) කථානායක නිල නිවසේදී පැවත්වී තිබේ....
සජිත් පාර්ශ්වය ඊයේ (24) පටන් පක්ෂයේ සියලු දෙනාගේම සහාය ලබාගැනීමේ අරමුණින් සාකච්ඡා වටයක් පවත්වාගෙන යන අතර එහි පියවරක් ලෙසයි මෙම හමුව සිදුව ඇත්තේ.
මෙහිදී දැනට සජිත් ප්‍රේමදාස මහතා සතුව ඇති පක්ෂ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබා දෙන්නේ නම් ඔහුට ජනාධිපතිවරණ අපේක්ෂකයා වීමට සහාය ලබාදීමට හැකි බව රවී කරුණානායක මහතා විසින් දැනුම් දී ඇත.
මේ පිළිබඳව සජිත් පාර්ශ්වය පවසන්නේ රවී කරුණානායක මහතා එවන් ඉල්ලීමක් කළත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි.
එහෙත් අප කළ විමසීමකදී රවී කරුණානායක මහතා පැවසුවේ තමන් එවන් යෝජනාවක් කළ බවත් එය ඉතාම සාධාරණ යෝජනාවක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊට පිළිතුරු දීමට මේ මොහොතේ නොහැකි බැවින් යම් කාලයක් අවශ්‍ය බව තමන්ට දැනුම් දුන් බවත්ය.
COMMENTS