තමන් මේ වන විට මහත් කලකිරීමෙන් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගය ...
සමගි ජන බලවේගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී කරන ලද සාකච්ඡා ගැන තමන් මෙසේ කලකිරීමෙන් සිටින බව ඔහු සඳහන් කළේය.
සලකුණ හා විවිධ කාරනා මතු කරමින් දීර්ඝ ලෙස කල් ඇදීමේ ක්‍රියාවලිය නිසා තමන් මෙම තත්වයට පත් වූ බවද ඔහු කියා සිටියේය.
ඉදිරියේදී තමනට දේශපාලනය ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.
COMMENTS