වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැති පර...
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 22 දෙනෙකු ස්ථාන මාරු කර තිබේ.
ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැති පරිදි අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙම රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සේවයේ අවශ්‍යතාව මත සිදු කර ඇති බව සඳහන්ය.
ස්ථාන මාරු කළ පොලිස් නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරී 06 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු ද ඇතුළත් වෙයි.
එමෙන්ම පොලිස් පරීක්ෂකවරුන් 09 දෙනෙකු ද ස්ථාන මාරුකර පොලිස් නිලධාරීන් අතර සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
COMMENTS