ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය ...
ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ ධිවර සහ සමෘද්ධි සහනාධාර හිමි ජනතාවට ලබාදෙන සහනාධාරය අඛන්ඩව ලබාදෙද්දී ජනතාව මුලාකිරීමේ කුඨ වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක වන බවය .
ඒ නිසා එවැනි උපක්‍රම වලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සමස්ථ ධිවර ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .
භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් ධිවර ජනතාව විවිධ ගැටළු වලට මුහුණදී සිටින බවට විවිධ පාර්ශවලින් කරන ලද විමසීම් හේතුවෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පෙරේදා (11) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසිය .
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ, භූමිතෙල් අව භාවිතය වැලැක්වීම සදහා මෙලෙස තෙල් මිල ඉහල දැමීමට තීරණය කර ඇති බවය .
බොහෝ බස් සහ ලොරි වැනි බර වාහන ඩිසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරන බවටත් එමගින් පරිසරයට විශාල හානියක් වන බවටත් රජයට පැමිණිලි රැසක් ලැබී තිබු බවත් එය පාලනය කිරීම උදෙසා මෙලෙස භූමිතෙල් මිල රුපියල් 57 ක් වැනි මුදලකින් ඉහළ දැමුවා මිස ජනතාව පිඩාවට පත්කිරීමේ කිසිදු අදහසක් රජයට නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
මෙම භූමිතෙල් සහනාධාරය විදිමත්ව ක්‍රියාත්මක නොවන්නේනම් ඒ පිළිබදව වහා ධිවර අමාත්‍යංශය මැදිහත්ව අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය .
COMMENTS