දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි
Homeප්‍රවෘත්ති

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

PropellerAds

ඉ දිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ...

SB ට විමල් පිළිතුරු දෙයි
පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට
පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට රාජිතගෙන් සහන කාලයක්
දිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.

ජූනි මාසය දක්වා එහි අඩුවක් නොවනු ඇතැයි ද එම දත්තවලින් කියැවේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෛද්‍ය පාසල’ මෙම දත්ත විශ්ලේෂණය කර ඇත.

රෝහල් ගත කර ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන අප්‍රේල් දෙවැනි සතියේදී වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන්ගේ ගණන ඊට පසුවද ඉහළ යා හැකි යැයි පැවසේ.

ඒ නිසා ජූලි මාසයේදී වුවද කොරෝනා වයිරසය නිසි මිනිසුන් මිය යා හැකි යැයි ද එසේ වුවත් හෝ එය වසංගත හෝ එවැනි තත්ත්වයක් නොවනු ඇතැයි ද දත්ත විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත. ජූනි මාසය වනවිට කොරෝනා වයිරසය නිසා දිනකට දස දෙනකු මිය යා හැකි යැයි ද එම දත්ත විශ්ලේෂණයෙන් කියැවේ.

ආණ්ඩු, රෝහල් සහ අනෙකුත් මූලාශ්‍ර භාවිත කරමින් මෙම විශ්ලේෂණය කර තිබෙන අතර කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන ඉතා පුළුල් අගයක් ගන්නා බව ඉන් අනාවරණය වී තිබේ. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවිය හැකි මරණ ගණන 38,000ත් 162,000ත් අතර විය හැකි බව ඉන් පැවසේ.

‘‘මේ වෙනසට හේතුව වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමයි. අනෙක් අතට විවිධ කලාපවල වයිරසය ව්‍යාප්ත වෙන්නේ වෙනස් ආකාරවලින්. මේ තත්ත්වය තවමත් විශේෂඥයන්ට පවා පැහැදිලි කරන්න බැහැ’’ යැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටෝපර් මරේ පැවැසීය. මෙම අධ්‍යයනය කෙරුණේ ඔහුගේ මූලිකත්වයෙනි.

‘‘මේ වයිරසය කොතරම් කාලයක් පවතීවිද කියලා අපට කියන්න බැහැ. ඒ කාලය කොතරම් ද ඒ අනුව අපි මුලින් හිතුවාටත් වඩා කාලයක් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්න වෙනවා. අපි පලදායී ලෙසින් පරීක්ෂා කිරීම් කළොත් සහ අසනීප අය නිසි පරිදි නිරෝධායනය කළොත් පනවා තිබෙන සීමා ලිහිල් කරන්න පුළුවන් වේවි’’ යැයි ද හෙතෙම කීය.

කොරනා ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ රෝහල්වලට ද දැඩි පීඩනයක් එල්ල වන ආකාරය මෙම විශ්ලේෂණයෙන් පෙන්වා දී ඇත. වසංගතයේ උච්ඡතම අවස්ථාවට පැමිණි විට රෝහල්වල ඇති ඇඳන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ද එයින් පෙන්වා දී තිබේ. දැනට ඇති ඇඳන් ප්‍රමාණය 64,000 දහසකි. එමෙන්ම ස්වසන සංවාතන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 20,000ක් අවශ්‍ය බව ද මෙම විශ්ලේෂණයෙන් පෙනී ගොස් තිබේ. නිව්යෝක් නගරයට දැනටමත් ස්වසන සංවාතන යන්ත්‍රවල හිඟයක් මතුව ඇත.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, අද රාත්‍රී 10.45 පමණ විට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 125,433ක් ලෙස දැක්විණි. මරණ ගණන 2,201ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වූ සුව වූ පිරිස 2,612ක් ලෙස සටහන් විය.

රොයිටර්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි
ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_uK5AAAy-OQ63Ens3vPTCjjmqTrQmqoXvZVTW9RaJPHxlOt6uAVSk-OBpkhz5StvidCXxD1SQRvkBlkLPtxO8_dfWBHTdVyFAT-d7ds8_8xHcS0z7uV43a50ib0U6itbXf3Ljjv15r9Ry/s320/corona-usa-1.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_uK5AAAy-OQ63Ens3vPTCjjmqTrQmqoXvZVTW9RaJPHxlOt6uAVSk-OBpkhz5StvidCXxD1SQRvkBlkLPtxO8_dfWBHTdVyFAT-d7ds8_8xHcS0z7uV43a50ib0U6itbXf3Ljjv15r9Ry/s72-c/corona-usa-1.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/81000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/81000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy