සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරිය...
සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සදහා මාසයක කාලයක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
ඒ අනුව 2018 ජනවාරි මස 01 සිට 31 වන දා දක්වා කාලය තුල එම ලියාපදිංචි කිරීම සිදු කළ යුතුය. ලබාදුන් කාලය තුල ලියාපදිංචි නොවන පෞද්ගලික රෝහල් වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට නියෝග කර තිබේ.
තව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකය මගින් විමර්ශණයක් පැවැත්වීමට ද නියමිතය. මෙවැනි සහන කාලයක් යළි ලබානොදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය. මෙම වැඩපිළිවෙල තුලින් ව්‍යාජ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ වෛද්‍යවරුන් පිළිබදව කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු ඒ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
COMMENTS