පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය 2018 පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේන...
පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට අදාල ගැසට් පත්‍රය 2018 පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
කේ.පී.එම්.ජී නම් ජාත්‍යන්තර ආයතනය මගින් සකස් කරන ලද පෞද්ගලික රෝහල් නියාමන වාර්තාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන සභාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යයනය කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම වාර්තාවට පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන 144 ක දත්ත ලබාගෙන ඇත. ශල්‍යකර්ම, වෛද්‍ය ප්‍රතිකාර සේවා, ඖෂධ ලබාදීම සහ අනිකුත් සියලුම සේවාවන් මෙහිදී නියාමනය කිරිමට නියමිතය. ඇතැම් රෝහල්වල අධික මිල ගණන් යටතේ එම සේවාවන් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
COMMENTS