දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුව සමග සාකච්චා.. 2/3 බලයක් දෙන්න සූදානම්
Homeප්‍රවෘත්ති

සජිත්ගේ සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුව සමග සාකච්චා.. 2/3 බලයක් දෙන්න සූදානම්

PropellerAds

ර ජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සි...

දෙවනගල උණුසුම් තත්වයක්! භාරකාර හිමිගෙන් ප්‍රකාශයක්
චන්දිමාල්ට හා පියුමිට ඇප දුන්න හැටි ගැන අජිත් රෝහණගෙන් මතභේදාත්මක හෙළිදරව්වක්
මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාද කල දයා ගමගේට අයත් සමාගමේ මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ !
ජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ මෙවැනි නායකයින් රටේ සිටීම ගැන කණගාටු වන බවත්, තරුණ ජීවිත තව තවත් අදුරු කරන්නට කටයුතු නොකරන ලෙස තමන් එතුමාගෙන් ඉල්ලා සිටින බවත්, හිටපු නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
රජය තරුණයින්ගේ රැකියා ගැටළු විසදීමේ වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බව පෙන්වා දුන් ඉන්දික අනුරුද්ධ මහතා, මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ නොකර හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස තමන් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවද එතුමා පැවසීය.

ඉන්දික අනුරුද්ධ මහතා මෙම අදහස් පළකලේ දිවුලපිටිය, මරදගහමුල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිණි.

“ රජය තරුණයින් රවටන වැඩ පිළිවෙලක නියැලෙන බවත්, පෙබරවාරි මාසය වන තුරු රජය තරුණ ගැටලු වලට විසදුම් ලබා දීමට සමත් වි නැති බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ජනතාවත්, තරුණ පරපුරත් රවටමින් මෙවැනි ප්‍රකාශ නිතුත් කරන නායකයින් රටේ සිටීම ගැන මා කණගාටු වෙනවා.

තරුණයින් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් තරුණ තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළා. දේශපාලන භේදයකින් තොරව උගත්කමට, හැකියාවට අනුව සුදුස්සාට සුදුසු තැන ලබා දෙන වැඩ පිළිවලක් ආරම්භ කළා. උපාධිධාරින්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට ලබා දීමට කටයුතු කළා. දැන් පත්විම් ලබා දී අවසන්. එම වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමේ අරමුණින් එතුමා මැතිවරණ කොමසාරිස්ට, මාධ්‍යයට හා ජනතාවට පිණිවිඩයක් දෙනවා මැතිවරණය ඉලක්ක කරගෙන රැකියා ලබා දෙනවා කියා. ආණ්ඩුව බලයට ආ දින සිට ක්‍රමානුකූලව රැකියා ලබා දිමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කළා. මෙය මැතිවරණය ඉලක්ක කරගෙන ආරම්භ කළ එකක් නොවෙයි.

 සජිත් සියඹලා ගස් යට සිටි උපාධිධාරින්ව හෑල්ලුවට ලක් කළා. දේශපාලන සම්බන්ධකම් මත උපාධිධාරීන්ව පොලිම් ගැස්සුවා. උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ලෙස තරුණයින්ව අපහාසයට ලක් කලා. එහෙම කරපු තැනැත්තා අද කියනවා තමන් අගමැති වී සතියෙන් රැකියා ලබා දෙනවා කියා. පසුගිය කාලයේ එතුමා අමාත්‍යවරයෙක් ලෙස සිටියදී දී දින 180 ක් යන්නට මත්තෙන් පත්වීම් අහෝසිවෙන ලෙස තරුණයින්ට පත්වීම් ලබා දී තරුණ පරපුර රවටා විශාල පිරිසක් පාරට ඇද දමා ඔවුන්ව අසරණ කළා. රටේ තරුණ තරුණියන් සාප කරන නායකයෙක් බවට එතුමා අද පත්වී සිටිනවා. එතුමාගෙන් රැකියා ලබා ගත් තරුණයින්, එතුමාට ගමට එන්න එපා කියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තියෙනවා. 23% අඩු ඡන්ද ලබා ගත් සජිත්ට තම දිස්ත්‍රික්කය පවා වෙනස් කිරීමට සිදුවිම නිසා දැන් මානසික ආතතියෙන් මෙන් කටයුතු කරනවා.

එතුමාගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 88 – 89 කාලයේදී තරුණ කැරළි දරුණු ලෙස මැඩ පවත්වා ඔහුගේ බලය තහවුරු කර ගැනීම සදහා තරුණ ජිවිත දහස් ගණනක් විනාශ කලා. එදා පියා සිදු කළ එම වැඩපිළිවෙල අනුගමනය කරමින්  අද සජිත් ප්‍රේමදාස මහතා තරුණ ජිවිත සමග සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිටි අසාර්ථකම අමාත්‍යවරයා ලෙස තරුණ තරුණියන් අසරණ කළේ සජිත් ප්‍රේමදාස මහතා. රාජ්‍ය ආයතන වල සම්පත් විනාශ කළා. තම ප්‍රතිරූපය ඉහළ දමා ගැනීම සදහා රුපියල් බිලියන ගණන් මුදල් වියදම් කර රට පුරා පෝස්ටර් ගසා තිබෙනවා. රූපවාහිනී මාධ්‍ය ආයතන වලට රුපියල් කෝටි ගණන් ණය වී තිබෙනවා. රාජ්‍ය ආයතන විනාශ කිරීමට එතුමා කටයුතු කරලා. එහෙම කරපු එතුමා අද රජයට බොරු චෝදනා කරනවා.

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්විමත් සමග රටේ තරුණ තරුණියන් පිබිදුනා. තරුණයින්ගේ ශක්තිය එතුමාට ලැබුණා. තරුණයින් පාරට බැහැල චිත්‍ර අදින්න, පරිසරය පිරිසිදුව තබා ගන්න, පුරන් කුඹුරු අස්වද්දන්න වැනි යහපත් වැඩසටහන් ආරම්භ කළා. එතුමාගේ දැක්ම ප්‍රතිපත්තිය තරුණයින් හදුනා ගත්තා. ඒ නිසා තමයි කිසිදු දේශපාලනඥයෙක් ලග පෝලිම් ගසන්නේ නැති රැකියා සංකල්පය තරුණ පරපුර වෙනුවෙන් එතුමා ආරම්භ කළේ. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් රැකියා ලබා දී තිබෙනවා. උපාධිධාරීන්ට පත්විම් ලබා දී අවසන්. දැන් තිබෙන්නේ ඔවුන්ගේ රැකියා පුහුණුව ලබා දීම පමණයි.

යූ.එන්.පී ය තරුණ ජීවිත පෝලිම් ගැස්සුවා. තරුණයින් දේශපාලනඥයින්ට කඩේ යන සංස්කෘතිය වෙනස් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා.  සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නේ එතුමා. එම වැඩ පිළිවෙලට බාධා කර තරුණ ජිවිත තව තවත් අදුරට ඇද දමන්න එපා කියා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. එතුමාට ගැටළුවක් තියෙනවා නම් ඕනෑම මාධ්‍යයක මුහුණට මුහුණ වාද විවාද කරන්නට මා සූදානම්. මම එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා. එතුමා පසුගිය කාලයේ කරපු දේවල් රටට හෙළි කරන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් අසරණ වී සිටන එතුමාගෙන් ඉල්ලා සිටින්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගසන්න එපා කියා. තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සදහා අසාර්ථක ලෙස අමාත්‍යාංශය මෙහයවීම නිසා රටට යහපතක් සිදුවූයේ නැහැ. එහෙම කෙනෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද ?

හිතක් පපුවක් ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අද ජනතාව පෙළ ගැසී සිටිනවා. එතුමාගේ වැඩපිළිවෙලට අභියෝගයක් වෙන්න සජිත්ට හැකියාවක් නැහැ. අප දිගින් දිගටම එතුමා සිදු කළ නීති විරෝධී ක්‍රියා රටට හෙළි කරනවා. තව තවත් සමාජයේ දෝශ දර්ශනයට, උපහාසයට ලක් වෙන්න එපා කියා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම පාර්ලිමේන්තුවේදී එතුමාට විවාදයට පැමිණෙන ලෙස අභියෝග කළා. එදා එතුමා පැනලා ගියා. මම නැවත එතුමාට අභියෝග කරනවා තමන් සමග ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන්න කියා.

එක්සත් ජාතික පක්ෂයේ දැන් තිබෙන අර්බුදය හමුවේ අපේ රජය 2/3 ක බලය ලබා ගැනීම වලක්වන්න බැහැ. සමගි ජනබලවේගයේ  නායකයින්ට අද ගමට යන්න බැහැ. ඉතින් කොහොමද මැතිවරණය මෙහෙයවන්නෙ. යූ.එම්.පී. ය විනාශ කරල, ජනතාවත් විනාශ කරල ඔවුන් මරාගෙන මැරිල අවසන්. නැවත ප්‍රකෘති තත්වයට ගේන්න කිසිම බලවේගයකට හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට යා හැකි අතලොස්සක් දෙනා අපි සමග රහසිගතව සාකච්චා කරමින් සිටින්නේ 2/3 ක බලයෙන් රජය පිහිටුවන්නට දායක වෙන්න. ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්නෙ සූදානමින් සිටිනවා”  යනුවෙන්ද වැඩිදුරටත් පැවසීය.

– Midea unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුව සමග සාකච්චා.. 2/3 බලයක් දෙන්න සූදානම්
සජිත්ගේ සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුව සමග සාකච්චා.. 2/3 බලයක් දෙන්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtRv_fYADoCupPNolWQVS-ZNF6O9aPletpkK7ohRLXy3Ya0xKXV5oryPR6CHeeMc8yYMRfjzPp6iGlEhmjnv4G1HI5NZRzugcuu44uxPGELwpD-RyfyG448GTssecSx26H-pDVlKfqyhl9/s320/ghjk.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjtRv_fYADoCupPNolWQVS-ZNF6O9aPletpkK7ohRLXy3Ya0xKXV5oryPR6CHeeMc8yYMRfjzPp6iGlEhmjnv4G1HI5NZRzugcuu44uxPGELwpD-RyfyG448GTssecSx26H-pDVlKfqyhl9/s72-c/ghjk.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy